:

ඔසප්වීම මුල සිට අගට

ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 10 ත් 16ත් කාලය අතර ආරම්භ වන අතර ආර්තවහරණය වන තෙක් එනම් වයස අවුරුදු 40 ගණන්වල අගභාගය හෝ 50 ගණන්වල මුල් භාගය හෝ දක්වා පුද්ගලයෙකුගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් පුරාවට විහිදෙනවා.

දැරිය : ටීචර්?

ගුරුතුමිය : (සිනාසෙයි) ඇයි දුව් තාම ගෙදර? අද ඉස්කෝලෙ එන්නේ නැද්ද ?

දැරිය : (දුකෙන්) නෑ ටීචර් , අද මට මෙන්සස් හැදිලා නේ. ඉතින් මේ සතියම ඉස්කෝලෙ එන්න වෙන්නේ නෑ.

ගුරුතුමිය : ඒ මොකද ? කවුද කිවුවේ ඉස්කෝලෙ යන්න එපා කියලා ?

දැරිය (දුකෙන්) : අම්මා කිවුවේ. මෙන්සස් දවස්වලට පිටවෙන ලේ වල විසබීජ තියෙන නිසා කොහේවත් යන්න හොඳ නෑ, අනික් අයටත් ලෙඩ හැදෙන්න පුලුවන් කියලා. ඊයෙ මාව දේවාලෙට එක්කරගෙන ගියෙත් නෑ කිලි කියලා. (බිම බලයි)

ගුරුතුමිය (දුකෙන්) : නෑ දුව එහෙම එකක් නෑ. ඔසප් දවසට පොඩි පොඩි අපහසුතා දැනුනට ඒකත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්. වෙනදා කරන හැම දෙයක් ම එදාටත් කරන්න පුලුවන්. හරි දැන් ඉක්මනට ගිහින් ලැස්තිවෙලා එන්න ඉස්කෝලෙ යන්න. මම ඉන්නම් ඔයා එනකල්.

ගුරුතුමිය : දුව, ඔසප් දවසට පොඩි පොඩි අපහසුතා දැනුනට ඒකත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්. වෙනදා කරන හැම දෙයක් ම එදාටත් කරන්න පුලුවන්.

ගුරුතුමිය : ඔසප් දවසට පිටවෙන්නෙත් තුවාලයක් උනාම පිටවෙනවා වගේම සාමාන්‍ය ලේ, ඒ නිසා ඔයා එලියට ගියා කියලා අනික් අය ලෙඩ වෙන්නේ වත් , කාටවත් කරදරයක් වෙන්නේවත් නෑ. ඔය කිලි කියන දේවල් වලත් කිසිම විද්‍යාත්මක ඇත්තක් නෑ

දැරිය : ඒත් ටීචර් ආච්චි කියලා තියෙන්නේ මෙන්සස් හොඳ වෙනකල් නාන්න හොඳ නෑ. කියලා. ඉතින් කොහොමද ඉස්කෝලෙ එන්නේ ?

ගුරුතුමිය : දරුවෝ , මෙන්සස් දවසට ලේ පිටවෙන නිසා ඒ දවස් වලට අනික් දවස් වලටත් වඩා ඔයාලා පිරිසිදුව ඉන්න ඕන. විශේශයෙන් හැමදාම නාලා, ලිංගික අවයව හොඳින් හෝදලා පිරිසිදුව තියාගන්න ඕන. එහෙම නොකලොත් නම් ලෙඩ හැදෙන්න පුලුවන්.

ගුරුතුමිය : ඔයා උදේට කෑම කෑවද ?

දැරිය : නෑ ටීචර්. මේ දවස් වලට කන්න දෙන්නේ බතුයි එලවලුයි විතරයි නේ . ඉතින් මට කන්න බෑ හිතුනා.

ගුරුතුමිය : අනේ ළමයෝ. මෙන්සස් හැදෙනවා කියන්නේ ඔයාගේ ඇඟෙන් ලේ අයින් වෙනවා කියන එක. ලේත් එක්ක ඇඟේ තියෙන යකඩත් අයින් වෙනවා. අන්න ඒ යකඩ ටික ආපහු ලැබෙන්න නම් විශේශයෙන් ඔය දවස් වලට මස් මාලු කරවල බිත්තර කන්නම වෙනවා.

දැරිය : (උදරය පිරිමදියි) ටීච, මගේ ඇඟට හරිම අමාරුයි. බඩ රිදෙනවා හොඳටම .

ගුරුතුමිය : ඉතින් බෙහෙත් පෙත්තක් ගත්තේ නැද්ද ?

දැරිය :නෑ ටීචර් , නැන්දා කිවුවා බෙහෙත් බිවුවාම ලොකු උනාම බබාල හම්බවෙන්නේ නැතුව යනවා කියලා.

ගුරුතුමිය (සිනාසෙයි) : පිසුද ළමයෝ. වේදනාවට බෙහෙත් ගත්තා කියලා එහෙම දෙයක්වෙන්නේ නෑ. අපරාදෙ වේදනාවෙන් ඉන්නේ. වේදනාවට බෙහෙතක් ගන්න එක අපි හැමෝටම තියෙන අයිතියක්. මමත් ඔය කාලෙ වේදනාවට බෙහෙත් බිවුවා. ඉතින් මට ඔය බබාලා දෙන්නෙක් ම ඉන්නේ.
දෙදෙනා ම සිනාසෙයි.

ඔසප් වීම යනු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් ඇති පුද්ගලයින් තුළ සිදුවන ස්වභාවික හා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වන අතර. දළ වශයෙන් කාන්තාවන් මිලියන 5.7 ක් ඔසප් වීම අත්විදිනවා.

කෙනෙකුගේ පළමු ඔසප් වීම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු සංස්කෘතික වැදගත්කමක් දරන අතර, එහිදී දෙමාපියන් බොහෝ විට සැමරුම් උත්සවයක් සංවිධානය කරනවා. එහිදී සිදු කරන විවිධ සිරිත් විරිත් රාශියක් තිබෙනවා. මේ සිරිත් විරිත් සියල්ලම විද්‍යාව මත පදනම් වන්නේ නැහැ. අපගේ සිරිත් විරිත් අගය කරන අතරම, ඒවා සිරිත් විරිත් ලෙස පමණක් හඳුනාගැනීම වැදගත් වනවා.

ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දින 28ක් පමණ පවතින අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. ඇතැම් අයට ඔසප් චක්‍රය දින 21ක් වැනි සුළු කාලයක්ද ඇතැම් අයට දින 35ක් වැනි දිගු කාලයක්ද පැවැතිය හැකියි. ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන්නේ ඊස්ටජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන වල බලපෑමෙන්. මෙම හෝමෝන මගින් ඉදිරි ගැබ් ගැනීමක් සඳහා ගර්භාෂ බිත්තිය (එන්ඩොමෙට්‍රියම) වර්ධනය කරන අතර. ගැබ් ගැනීමක් සිදු නොවූ විට, එන්ඩොමෙට්‍රියම් පටක ගර්භාෂයෙන් ගැලවී, එය ගැලවීමේදී වෑහෙන රුධිරයත් සමග ශරීරයෙන් ඉවත් වනවා.

ඔසප් රුධිරය ලෙස වහනය වන්නේ මෙයයි. එය ආසන්න වශයෙන් දින 2-7 ක් පවතින්න පුළුවන්. ඔසප් රුධිරයේ වර්ණය හා ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.

ඔසප් වීම ජීවිතයේ ස්වාභාවික අංගයක් වන අතර, ඒ පිළිබඳ අධ්‍යාපනය අප සියළු දෙනාටම ලැබිය යුතුයි. ඔසප් චක්‍රය සහ හෝර්මෝනවල ක්‍රියාකාරීත්වය හොදින් තේරුම් ගැනීමෙන් අපට ඔසප් කාලය ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට හැකිවෙනවා.

පුද්ගලික සනීපාරක්ෂාව

ඔබගේ ඔසප් කාලසීමාව තුළ නිතිපතා පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඔබේ ඔසප් නිෂ්පාදන නිතිපතා මාරු කිරීම (සාමාන්‍යයෙන් සෑම පැය 4-6කට වරක්), ඔසප් නිෂ්පාදන ඇල්ලීමට පෙර සහ පසු ඔබේ අත් සේදීම සහ මෘදු සබන් හා ජලය සමඟ ඔබේ ලිංගික ප්‍රදේශය මෘදු ලෙස පිරිසිදු කිරීම ආදිය මෙයට ඇතුළත් වනවා. ඔබේ ඔසප් නිෂ්පාදනය පැළඳිය හැකි පැය ගණන නිෂ්පාදනයේ වර්ගය, ඔබේ ඔසප් රුධිරයේ ප්‍රමාණය, ඔසප් වීමේ දිනය ආදිය මත රඳා පවතී.

ඔසප් නිෂ්පාදන

විවිධ මනාප සහ අවශ්‍යතා සඳහා විවිධ ඔසප් නිෂ්පාදන තිබේ

සනීපාරක්ෂක තුවා

යට ඇඳුම්වලට අලවන, තෙතමනය අවශෝෂක ද්‍රව්‍ය සහිත ඉවත දැමිය හැකි කුඩා තුවා.

ඔසප් සනීපාරක්ෂාව සහ ඔසප් නිෂ්පාදන

ඔසප් වීමේදී නිසි සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඔසප් වීම සිදුවන අයගේ ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්ම සඳහා ඉතා වැදගත් වේ. ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්