:
තෘප්තිමත් ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කිරීමට, එහි ඇති කොටස් පිළිබද දැන ගෙන සිටීම වැදගත් වනවා. ශරීරය ගැන හොදින් දැන සිටීමෙන් ආසාදන, ගැබ් ගැනීම වළක්වා ගැනීමට මෙන්ම තමන්ගේ ලිංගික අත්දැකීම් වඩා සතුටුදායක කර ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා.
වැඩුණු පුද්ගලයෙකුගේ ප්‍රජනන පද්ධතියේ කොටස් පිළිබද කෙටි විස්තරයක් පහතින් දැක්වෙනවා.
යෝනි ප්‍රදේශයේ මැදින් හිලක් ආකාරයෙන් යෝනි විවරය පිහිටා තිබෙනවා. ඔසප් රුධිරය බැහැර වන්නේ යෝනි විවරයෙන්.
ලිංගික හැසිරීමකදී යෝනි විවරයෙන් ශිෂ්ණයක් හෝ බාහිර යමක් ඇතුළු කිරීමෙන් තෘප්තියක් ලබා ගත හැකි අතර, ශිෂ්ණය ඇතුළු කර ශුක්‍රාණු බැහැරවීමක් සිදු වුවහොත් ගැබ් ගැනීමක් සිදුවීමට අවස්ථාව තිබෙනවා.
ඩිම්භකෝෂයේ සිට ගර්භාෂය දක්වා ඩිම්භ ගමන් කරන්නේ පැලෝපීය නාලය දිගේය.
ස්ත්‍රී ලිංගික හෝමෝන වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිකුත් කරන්නේ ඩිම්භකෝෂ මගිනි. ඩිම්භ හෙවත් ස්ත්‍රී ප්‍රජනක බීජ මෝරන තුරු තැන්පත්ව තිබෙන්නේද ඩිමිභකෝෂ තුළයි.
යෝනි විවරය අඩක් හෝ අඩු වැඩි වශයෙන් වසා පිහිටා ඇති ඉතා තුනී පටලයකි. කන්‍යාපටලය විවිධ හැඩ වලින් පිහිටන අතර ඇතැම් කාන්තාවන් කන්‍යාපටලය නොමැතිවද උපදී. කන්‍යාපටලය කිසිදු ආකාරයකින් ලිංගික හා ප්‍රජනන ජීවිතයට බලපාන්නේ නැත.
මාංෂපේෂීන් වලින් සැකසුණු කුහරයක් වැනි අවයවයකි. ගැබ් ගැනීමකදී කළලය වර්ධනය වන්නේ ගර්භාෂයේය.
ගර්භාෂයේ ඇතුලතින් පිහිටා ඇති පටලය එන්ඩොමෙට්‍රියම ලෙස හැදින්වේ. ගැබ් ගැනීමකදී දරු ගැබ දරා සිටීමට හැකි වන සේ මෙම පටලය ඝණ වන අතර ගැබ් ගැනීමක් සිදු නොවූ අවස්ථාවක එන්ඩොමෙට්‍රියමේ මතුපිට පටලය ගැලවී ඔසප් වීම ලෙස යෝනි මාර්ගයෙන් පිට වී යයි.
ගර්භාෂයේ පහල කොටස සකස් වී ඇති පටු කුහරයක්/ විවරයක් වැනි කොටසකි. යෝනි මාර්ගය හා ගර්භාෂය අතර පිහිටා ඇත.
මස් පිඩු වලින් සකස් වි ඇති කුහරමය අවයවයකි. ගර්භාෂය ශරීරයෙන් බැහැරට සම්බන්ධ කරන්නේ යෝනි මාර්ගයයි.
බාහිරව පිහිටා ඇති කොටස් අතරින් ඉහළින් පිහිටා ඇත්තේ භගමනියයි.
එය මහා යෝනි තෝල් අතරින් මෘදු ඇටයක් ලෙස එළියට මතු වී තිබෙනවා. භගමනිය පහත රූපයේ දැක්වෙන ආකාරයට ඇඟ ඇතුළතින් උකුළ දෙසට සහ පහලට පිහිටා තිබෙනවා. ලිංගික උත්තේජනයකදී භගමනියට වේගයෙන් රුධිරය ගලා එන අතර එය උත්තේජනය කිරීමෙන් ස්ත්‍රියට ලිංගික තෘප්තියක් ලබා ගැනීමට පුළුවන්.
යෝනි විවරය වටේට පිහිවා ඇති තොල් වැනි කොටස හදුන්වන්නේ මහා යෝනි තොල් සහ කුඩා යෝනි තොල් යනුවෙන්. යෝනි විවරයට කිට්ටුවෙන් ඇති කොටස සුළුයෝනි තොල් සහ පිටත කොටස මහා යෝනි තොල් ලෙස හදුන්වනවා.
ඒ අතර තෙත ගතියක් තිබීම ස්වභාවිකයි. කැසීමක් හෝ දැවිල්ලක් තිබෙනවානම් වෛද්‍යවරයෙකුට එය පෙන්වීම වැදගත් වනවා.
ගැහැණු ළමුන්ගේ සාමාන්‍යයෙන් අවුරුදු 10 ත් 16ත් අතර කාලය තුළ ගැහැණු ළමයි ගේ ඔසප් වීම අරම්භ වනවා. සෑම ගැහැණු ළමයෙක්ම වැඩිවිය පත් වන්නේ ඔවුන්ටම ආවේණික ආකාරයකට වන අතර ඒ සදහා ගතවන කාලයද ගැහැණු ළමයාගෙන් ගැහැණු ළමයාට වෙනස් වේ.
ඔසප් වීම ගැහැණු ළමයෙකුගේ ජීවිතයේ ස්වභාවික සාමාන්‍ය සිදුවීමකි.
ශුක්‍රාණු නිපදවන්නේ වෘෂණ තුළයි.
ශරීරයෙන් පිටත වෘෂණ තැබීම සදහා පිහිටා ඇත.
ශුක්‍රාණු ශරීරයෙන් බැහැර වන්නේ ශිෂ්ණය හරහායි.
ශුක්‍රවල පෝෂණයට සහ පිහිනා යාමට අවශ්‍ය ස්‍රාව නිපදවීම සිදු කරයි.
ශිෂ්ණයේ ඉහල කොටස හෙවත් ශිෂ්ණ මුණ්ඩය වසා පිහිටා ඇති සම කොටසකි.
පිරිමි ළමුන් වැඩිවියට පැමිණීමේදී ප්‍රජනන අවයව වර්ධනය වේ. පිරිමි ළමුන්ගේ, පළමුව වෘෂණකෝෂ සහ දෙවැනුව ශිෂ්ණය විශාල වන අතර ක්‍රියාකාරිත්වයේද වෙනසක් සිදු වනවා. වෘෂණ කෝෂ වල පුරුෂ ප්‍රජනන සෛල වන ශුක්‍රාණු නිපදවීම ආරම්භ වන අතර ශිෂ්ණය දිගේ ශුක්‍ර තරලය සමග එක් වී පිටවීම ආරම්භ වන්නේද මේ කාලයේදීය.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 10 ත් 16ත් කාලය අතර ආරම්භ වන අතර ආර්තවහරණය වන තෙක් එනම් වයස අවුරුදු 40 ගණන්වල...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
තෘප්තිමත් ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කිරීමට, එහි ඇති කොටස් පිළිබද දැන ගෙන සිටීම වැදගත් වනවා. ශරීරය ගැන හොදින් දැන...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
සතුටුදායක ලිංගික ඇසුරක් ලැබෙන්නේ තමන්ගේ ශරීරය ගැන හොද දැනුවත්භාවයක් තිබෙනවානම් පමණයි.. අපි කැමති ලිංගික ඇසුර, තෘප්තිමත් වන ආකාරය, ආශාවන් ආදිය...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම අපගේ සමස්ථ සෞඛ්‍යය යහපත් කර ගැනීමට සහය වනවා. ලිංගික සෞඛ්‍යය පවත්වා ගැනීම දරුවන් ලැබීමෙන් ඔබ්බට ගිය සාකච්ඡාවක්....
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
අවුරුදු 10 - 19 අතර වයස් කාලය නව යොවුන් විය ලෙස හැදින්වෙනවා. මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන්...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්රිත සෞඛ්‍යය තත්ත්වයන් ස්ත්රීන්ගේ සෞඛ්‍යය තත්ත්වයන්ට වඩා වෙනස්ය. මේ සෞඛ්‍යය තත්ත්වයන් නිසා ලිංගික හා ප්‍රජනන ජීවිතයට බාධා...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ඔබගේ ශරීරය පිරිසිදුව තබා ගන්නා ආකාරය දෙමාපියන් නිතර කියා දී ඇති. නියපොතු කැපීම, කොණ්ඩය කැපීම, දිනපතා නෑම ආදාය ශාරීරික පවිත්‍රතාවය...