:
සතුටුදායක ලිංගික ඇසුරක් ලැබෙන්නේ තමන්ගේ ශරීරය ගැන හොද දැනුවත්භාවයක් තිබෙනවානම් පමණයි.. අපි කැමති ලිංගික ඇසුර, තෘප්තිමත් වන ආකාරය, ආශාවන් ආදිය එකිනෙකාගෙන් වෙනස් වනවා. ලිංගික ඇසුරක් යනුවෙන් අදහස් කරන්නේ වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදු වන ලිංගික ක්‍රියාය. කෙනෙකුගේ කැමැත්ත නැතිව හෝ කැමැත්ත පළ කළ හැකි වයසට පැමිණ නැති පුද්ගලයෙකු සමග සිදුවන්නේ ලිංගික බලහත්කාරකමක්. ලිංගික ඇසුර ගැන දැනුවත් වීමේදී මේ මූලික කාරණය සිහි තබා ගැනීම වැදගත්.
ලිංගික තෘප්තිය ලැබීමේදී අපගේ මොලයෙන් නිපදවන එන්ඩෝෆින් නැමති රසායන වර්ග නිසා වේදනාවල් යටපත් වී සැහැල්ලුවක් සහ සතුටක් දැනෙනනවා.
පුද්ගලයන් ලිංගිකව හැසිරෙන ආකාර රාශියක් තිබෙනවා. ඒවාට නිමක් නැහැ. බහුලව සිදු කරන ලිංගික හැසිරීම් කිහිපයක් පහතින් දැක්වෙනවා.
• තනිවම හෝ සහකරු/සහකාරිය සමගින් ස්වයං වින්දනය කිරීම
• මුඛ, යෝනි, ගුද සංසර්ගය
• සිප ගැනීම
• වැළද ගනිමින් ශරීර එකිනෙකට අතුල්ලා ගැනීම
• ලිංගික හැගීම් දැනෙන කතාවක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹීම
තමන් මොන ආකාරයේ ලිංගික ඇසුරකට කැමතිද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා, තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කිරීමට නම්, ලිංගික සහකරුවන් අතර ඒ ගැන කතා බහක් සහ තේරුම් ගැනීමක් අවශ්‍ය වනවා.
ලිංගික සහකරුවන් අතර බැදීම් ශක්තිමත් කිරීමටත් ලිංගික ඇසුර බලපානවා. සහකරුවන් සමග කරන ලිංගික ඇසුර වගේම ස්වයං වින්දනය හරහාද අපිට ශාරීරිකව වගේම මානසිකවත් සුවයක් ලබා ගන්න පුළුවන්. තෘප්තිමත් ලිංගික ඇසුරක වාසි රැසක් තිබෙනවා.
සුව නින්දක් ලබා ගැනීමට, ආත්ම අභිමානය වර්ධනය කර ගැනීමට, ආතතිය අඩු කර ගැනීමට ලිංගික ඇසුර අපට සහය වෙනවා.
යහපත් ලිංගික ජීවිතයක් පවත්වා ගැනීමට නම් සහකරුවෙක්/ සහකාරියක් සිටියත් නැතත් අප, අපේ ශරීරය සහ මනස රැකබලා ගත යුතුයි. මින් අදහස් වන්නේ ලිංගික ඇසුර සදහා ආරක්ෂිත ක්‍රම යොදා ගැනීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සදහා පරීක්ෂා කර ගැනීම, අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම, ලිිංගික සෞඛ්‍යය පිළිබද ගැටළුවක් තිබෙනවානම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඇතුළු පරිපූර්ණ ලිංගික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමයි.
තෘප්තිමත් ලිංගික ජීවිතයක් සදහා තමන්ගේ ආශාවන් සහ සීමා හදුනාගෙන ඒවා පැහැදිළිව සිය සහකරු/සහකාරිය සමග කතා කිරීමට වටපිටාවක් තිබිය යුතුය.
සහකරුවන් අතර එක්නෙකාගේ සීමාවන් පිළිබද ගරුකිරීමක් ද මේ සදහා තිබිය යුතුයි.
සිතුවිලි, සිහින සහ සිය කාමුක හැඟීම් ඇතුළු ස්වයංව හෝ හවුලේ ලබන ශෘංගාරාත්මක අත්දැකීම් මගින් ඇති වන ශාරීරික සහ/ හෝ චිත්තවේගී සතුට සහ විනෝදය ලිංගික තෘප්තිය ලෙස හැදින්වනවා.
ලිංගික උත්තේජනයක් (arousal) යනුවෙන් හැදින්වෙන්නේ ලිංගික හැගීමක් දැනීමයි. මේ හැගීම් ශරීරිකව මෙන්ම මානසිකවත් අපට දැන්නෙනවා. ලිංගික උත්තේජනයකදී ශාරීරිය තුල මෙවැනි ශාරීරික උද්දීපනයන් සිදුවෙනවා. භගමනිය ඉදිමුණ ස්වභාවයක් පත් වීම, පියයුරු වැනි ලිංගික සතුටක් දැනෙනන තැන් වඩාත් සංවේදී වීම, ශිෂ්ණය ප්‍රාණයත් වීම සමහ තෙතත ගතියක් දැනීම, යෝනි ශ්‍රාවය වෑස්සීම වැනි ලිංගික උත්තේජනයකදී සිදු වනවා.
තවත් පුද්ගලයෙකු සමග ලිංගික ඇසුරකදී, ලිංගික දර්ශන සහිත චිත්‍රපටයක් නැරඹීම, ශෘගාරාත්මක නවකතාවක් කියවීම වගේම සහකරුවන් අතර ලිංගිකමට ආකාරයේ දේවල් ගැන කතා කිරීම මගිනුත් යමෙකුට ලිංගික උත්තේජනයක් ලබා ගන්න පුළුවන්.
ලිංගික අත්දැකීමක් ලැබීමට ඇති ලැදියාව හෝ ස්වයං වින්දනය, ලිංගික සිතුවිලි , පුද්ගලයෙකු සමග ලිංගික ඇසුරක යෙදීම වැනි ලිංගික අත්දැකීමක් ලබා ගැනීමට ශාරීරිකව සහ මානසිකව ආශාවක් ඇති වීම ලිංගික උනන්දුව ලෙස හදුන්වන්න පුළුවන්.
ලිංගික උත්තේජනයේ උපරිම අවස්ථාව සුරාන්තුය ලෙස හැදින්වෙනවා. එහිදී ශරීරයට වගේම මනසට සුවදායක හැගීමක් දැනෙනවා. සුරාන්තයට ලගා වන විදිය මෙන්ම එය පිටිතට පෙනෙන ආකාරයක් පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස්. සුරාන්තයේදී ඉතාම වේගවත් තෘප්තිමත් හැගීමක් ලිංගික අවයව සහ ඇග පුරා විහිදි යනවා.
ලිංගික උත්තේජනකට ඔබේ ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරය මෙනමින් හැදින්වේ. මෙය, ඔබේ ලිංගික සහකරු/ සකාරිය, තමන් සමග මෙන්ම නින්දේදීත් සිදු විය හැකියි.
පළමු අදියර - ලිංගික උනන්දුව හෙවත්, ලිංගික උත්තේජනයක් පිළිබද සිතුවිළි පහළ වීම. මේ සිතුවිලි ලිංගික හැසිරීමක් සදහා ඔබේ ශරීරය සූදානම් කරනවා. මේ අදියරේදී හෘද ස්පන්දය ඉහල යන අතර, ලිංගික අවයව වලට වේගයෙන් රුධිරය ගලා එනවා.
දෙවන අදියර - දෙවන අදියර වන්නේ ලිංගික හැසිරීමයි. ස්වයං වින්දනය හෝ තවත් පුද්ගලයකු සමග ලිංගික ඇසුර පවත්වාගෙන යාම පලටූ අදියර ලෙස හැදින්වෙනවා. මේ අවස්ථාවේ ලිංගික උත්තේජන හැගීම දිගමට පවතිනවා.
තෙවන අදියර - සුරතාන්තය මෙහි තෙවන අදියරයි. ලිංගික උත්තේජනය ඉතා ඉහල මට්ටමක පැමිණ මස් පිඩු තදවීමක් වැනි දෙයකින් අවසන් වනවා. එහිදී ඉතාමත් තෘප්තිමත් හැගීමක් දැනෙනවා. මෙහිදී නිකුත් වන එන්ඩෝෆින් නිසා සතුටත් ලැබෙනවා.
සිවුවන අදියර - අවසන් අදියර වන්නේ ශරීරය ලිංගික උත්තේජනයට පෙර තිබූ තත්ත්වට පත් වීමයි.
පුරුෂ ලිංගිකයක් ඇතු පුද්ගලයන්, සුරානතයේදී ශිෂ්ණයෙන් ශුක්‍රතරලය පිට කරනවා. ඇතැම් අයට ශුක්‍ර තරලය පිට නොකළත් සුරාන්තයට ලගා වෙන්න පුළුවන්.
යෝනි ප්‍රදේශීයක් පිහිටා තිබෙනවානම්, සුරාන්තයට ලගා වීමේදී යෝනි ශ්‍රාවය වැඩි ප්‍රමාණයක් වෑසේසනවා. සුරාන්තයේදී යෝනි මාර්ගයෙන් යෝනි ශ්‍රාවය පිටතට විදින අවස්ථාද තිබෙන්නය හැකියි.
පිටතින් පෙනන ලක්ෂණය කුමකු වුවත් තමන්ගේ ලිංගික තෘප්තිය මොන වගේදැයි දන්නේ තමන් පමණයි. ලිංගික තෘප්තිය විදින ආකාරය එක්නෙකාට වෙනස්, තමන් කැමත් කුමකටදැයි දන්නේ ඔබ පමණයි.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 10 ත් 16ත් කාලය අතර ආරම්භ වන අතර ආර්තවහරණය වන තෙක් එනම් වයස අවුරුදු 40 ගණන්වල...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
තෘප්තිමත් ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කිරීමට, එහි ඇති කොටස් පිළිබද දැන ගෙන සිටීම වැදගත් වනවා. ශරීරය ගැන හොදින් දැන...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම අපගේ සමස්ථ සෞඛ්‍යය යහපත් කර ගැනීමට සහය වනවා. ලිංගික සෞඛ්‍යය පවත්වා ගැනීම දරුවන් ලැබීමෙන් ඔබ්බට ගිය සාකච්ඡාවක්....
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
තෘප්තිමත් ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කිරීමට, එහි ඇති කොටස් පිළිබද දැන ගෙන සිටීම වැදගත් වනවා. ශරීරය ගැන හොදින් දැන...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
අවුරුදු 10 - 19 අතර වයස් කාලය නව යොවුන් විය ලෙස හැදින්වෙනවා. මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන්...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්රිත සෞඛ්‍යය තත්ත්වයන් ස්ත්රීන්ගේ සෞඛ්‍යය තත්ත්වයන්ට වඩා වෙනස්ය. මේ සෞඛ්‍යය තත්ත්වයන් නිසා ලිංගික හා ප්‍රජනන ජීවිතයට බාධා...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ඔබගේ ශරීරය පිරිසිදුව තබා ගන්නා ආකාරය දෙමාපියන් නිතර කියා දී ඇති. නියපොතු කැපීම, කොණ්ඩය කැපීම, දිනපතා නෑම ආදාය ශාරීරික පවිත්‍රතාවය...