:

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම

ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම අපගේ සමස්ථ සෞඛ්‍යය යහපත් කර ගැනීමට සහය වනවා. ලිංගික සෞඛ්‍යය පවත්වා ගැනීම දරුවන් ලැබීමෙන් ඔබ්බට ගිය සාකච්ඡාවක්. ලිංගික සහකරුවන් අතර හොද සන්නිවේදනයක් තිබීම මේ සදහා ඉතාම වැදගත් වන අතර සතුටුදායක ලිංගික ජීවිතයක් පත්වාගැනීම සදහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද පරිපූර්ණ දැනුමක්ද අපට අවශ්‍ය වනවා. බලකිරීමක්, පෙළඹවීමක් හෝ හිංසනයක් නොමැතිව තමන් තෝරා ගන්නා ආකාරයට අනුව ලිංගික ජීවිතයක් ගත කිරීම අප සැමට ඇති අයිතියක්.

ලිංගික සෞඛ්‍යය සහ යහපැවැත්ම සදහා පහත කරැණ්‍ර සම්පූර්ණ විය යුතු බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙනවා. ඒ අනුව පරිපූර්ණ ලිංගික සෞඛ්‍යයක් ලබා ගැනීම සදහා,

- ලිංගිකත්වය පිළිබද පරිපූර්ණ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සහ ප්‍රවේශය තිබිය යුතුයි
- තමන්ගේ අවදානම හදුනා ගැනීම සහ අනාරක්ෂිත ලිංගික ඇසුර මගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන දැනුවත්භාවය තිබිය යුතුයි.
- ලිංගික සෞඛ්‍යය සම්බන්ධ සේවාවන් සදහා ප්‍රවේශ වීමට හැකියාව තිබිය යුතුයි
- ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක් සහිත වටපිටාවක් තිබිය යුතුයි.

ලිංගික සෞඛ්‍යය හා සම්බන්ධ තත්ත්වයන් අපගේ ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, ලිංගික තෘප්තිය සහ සම්බන්ධතා වල ස්වරූපය නොසලකා අපිට බලපානවා.

උදාහරණ වශයෙන්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගික අවයව ප්‍රණවත් නොවීම, මදසරුභාවය සහ ස්ත්‍රී චර්මඡේදනය වැනි හානිකර සංස්කෘතික භාවිතාවන් පෙන්වා දිය හැකියි.

ලිංගික ප්‍රදේශයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සදහා ඔබට කළ හැකි දේ

1. වැසිකිළිය පාවිච්චි කිරීමෙන් පසු බාහිර ලිංගික ප්‍රදේශය (ශිෂ්ණය, වෘෂණ කෝෂ / යෝනි ප්‍රදේශය) පිරිසිදු ජලයෙන් සේදීම.
ඔබට ඇත්තේ පුරුෂ අවයව නම්, ස්නානය කරන අවස්ථා වලදී ශිෂ්ණයේ පෙරසම පදුපසට ඇති ශිෂ්ණ මුණ්ඩය ජලයෙන් සෝදන්න. පෙරසම යට බැක්ටීරියා වර්ධනයට වීමට පුළුවන්, එහිදී සුදු හෝ කහ පැහැති පිටි වැනි දෙයක් බැදී තිබෙනවා මෙන් දිස් වනවා.
ඔබට ඇත්තේ ස්ත්‍රී අවයව නම්, යෝනි තොල් අතර ප්‍රදේශය ජලයෙන් සෝදා තෙත මාත්තු කර ගන්න. මේ ප්‍රදේශය ස්වයංව පිරිසිදු වන නිසා සබන් වර්ග නිතර පාවිච්චි කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

2. සබන් යොදා සෝදා ඉර අවුවේ වේලා ගත් පිරිසිදු යට ඇදුම් භාවිත කිරීම.

3. ලිංගික අවයව වල කැසීමක්, දැවිල්ලක් හෝ ඉන් දුගදක් දැනෙනවානම් සුදුසු වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කර ගැනීම.

4. යහපත් ඔසප් සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම. මේ ගැන වැඩිදුර කියවීම සදහා ඔසප්වීම පිළිබද ලිපිය බලන්න.

5. ලිංගික ඇසුර සදහා කවුරුන් හෝ ඔබට බල කරනවා නම් හෝ එය කිරීමට තර්ජනය කරනවා නම්, විශ්වාසවන්ත පුද්ගලෙයකු සමග ඒ ගැන කතා කරන්න. ඔබට ලිංගික හිංසනයක් සිදුවී තිබෙනවානම් ළගම ඇති රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

6. ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන්නේ නැත්නම් අනිවාර්යෙන් නවීන උපත් පලාන ක්‍රමයක් භාවිත කරන්න. සැමවිටම ආරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වන්න.

7. ලිංගික සහකරුවන් සහ සහකාරියන් සමග තමන්ගේ ආශාවන්, සීමා සහ කැමැත්ත ගැන සාකච්ඡා කරමින් දෙදෙනාටම ලිංගික සතුටක් විදිය හැකි වටපිටාවක් ගොඩනගා ගන්න.

8. තමන්ගේ ශරීරය පිළිබද හොද ආත්ම අභිමානයක් ගොඩනගා ගැනීම, උසට සරිලන බරක් පවත්වාගැනීම, සමබල ආහාර වේලක් ලබා ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ආදිය ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම සදහා ඉවහල් වනවා.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැටළු ඇත්නම් ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන සුව නාරි සායනයට ගොස් උපදෙස් ලබා ගැනීමට පුළුවන්.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්