:

පෞද්ගලික අවයව පිරිසිදු පවත්වා ගන්නේ කෙසේද?

ඔබගේ ශරීරය පිරිසිදුව තබා ගන්නා ආකාරය දෙමාපියන් නිතර කියා දී ඇති. නියපොතු කැපීම, කොණ්ඩය කැපීම, දිනපතා නෑම ආදාය ශාරීරික පවිත්‍රතාවය පවත්වා ගැනීමේදී වැදගත් වනවා. ශරීරයේ සෙසු කොටස් වාගේම පෞද්ගලික අවයවත් පිරිසිදුව තබා ගත යුතුයි. පෞද්ගලික අවයව වල පවිත්‍රතාවය ගැහැණු පිරිමි දෙපාර්ශවයට අදාල වනවා.

වැඩිවිය පැමිණෙන කලයේදී පෞද්ගලික අවයව අවට රෝම වැවෙන නිසා ඒ ප්‍රදේශයේ දහඩිය දැමීමද වැඩි වන නිසා ඒ පිළිබද මින් පෙර නොදැක්වූ අවධානයක් යොමු කිරීම වැදගත්.

ශිෂ්ණය පිරිසිදුව තබා ගන්නේ කෙසේද?

ශිෂ්ණයේ ඉහල කොටස වැසී ඇති සම හැදින්වෙන්නේන පෙරසම යනුවෙන්. ඇතැම් පිරිමි ළමුන්ගේ පෙර සම ශෛල්‍යකර්මයකින් ඉවත් කර තිබෙන්ට පුළුවන්. පෙර සම ඉවත් කිරීම පෞද්ගලික අවයව වල සෞඛ්‍යය පවත්වා ගැනීමට ඉවහල වන බව වෛද්‍යවිද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා.

ඔබේ පෙර සම ඉවත් කර නැති නම්, නාන විටදී පෙර සම පහලට ඇද පිරිසිදු ජලය වත් කරමින් ශිෂණයේ ඉහල කොටස සෝදන්න. කැමති නම් සබන් ස්වල්පයක් දමා සේදිය හැකිය. දෛනික ක්‍රියාකාරකම් වලදී දමන දහඩිය නිසා බැක්ටීරියා වර්ධනය වන්නට පුළුවන්. එමෙන්ම ශිෂ්ණය ඉහල කොටසේ සුදු හෝ කහ පැහැති කුඩු වර්ගයක් බැදී තිබෙනු ඔබ දැක ඇති. ඒ ශිෂ්ණයේ එය සොදා පවිත්‍ර තිරීම වැදගත් වන්නේ ඒ නිසයි.

ශිෂ්ණය සේදීමෙන් පසු එය පිරිසිදු රෙදි කැබැල්ලකින් තෙතමනය ඉවත් කරන්න. නැතිනම් ජලය රැදීමෙන් බැක්ටීරියා වර්ධයට පහසුවක් වනවා.

ගුදය පිරිසිදුව තබා ගන්නේ කෙසේද?

වැසිකිළිය පාවිච්චි කරන සෑම අවස්ථාවකදීම පිරිසිදු ජලයෙන් ගුදය සෝදන්න. නාන විටදී හොදින් සබන් ගා ගුදය අවට හොදින් පිරිසිදු කිරීම වැදගත්. සේදීමෙන් පසු එය පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දැමිය යුතුයි. නැතිනම් ජලය රැදීමෙන් බැක්ටීරියා වර්ධයට පහසුවක් විය හැකියි.

යෝනි ප්‍රදේශය පිරිසිදුව තබා ගන්නේ කෙසේද?

යෝනි මාර්ගය ඇතුළත ස්වභාවික ක්‍රියාවලියක් මගින් පිරිසිදු වන නිසා යෝනි මාර්ගය ඇතුළත පිරිසිදු කිරීම අවශ්‍ය නැහැ. නමුත් යෝනියේ බාහිර කොටස් වැසිකිළිය පාවිච්චි කිරීමෙන් පසු මෙන්ම නාන විටදී පිරිසිදු ජලයෙන් පිරිසිදු කළ යුතුයි.

ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීමත් සමග පළමු ඔසප් වීමට දින කිහිපයකට පෙර යෝනි මාර්ගයෙන් අවර්ණ, සුදු හෝ ලා කහ පැහැති ශ්‍රාවයක් පිටවීම ආරම්භ වේ. මෙය සිදු වන්නේ ශරීරයේ ඇති හෝමෝන මට්ටම ඉහල පහල යාම නිසයි. ඇතැම් විට ඉන් කිසියම් දුගදක් පිටවේ. එය සාමාන්‍ය තත්ත්වයකි.

යට ඇදුම්

අප යට ඇදුම් අදින්නේ පෞද්ගලික අවයව ආරක්ෂා කර ගැනීමට සදහා වන නිසා සෑම විටම පිරිසිදු යට ඇදුම් ඇදීමට වගබලා ගත යුතුයි. කිසි විටෙකත් තෙත යට ඇදුම් ඇදීමෙන් වැළකිය යුතුයි.

සෑම විටම කපු යට ඇදුම් තෝරා ගන්න. විශේෂයෙන්ම හිරු රශ්මිය වැඩි පුර දැනෙන දින වලදී වැඩිපුර දහඩිය දමන නිසා කපු යට ඇදුම් ඔබට සහනයක් වේවි.

ශරීරයේ සමස්ත සනීපාරක්ෂාව පවත්වා ගැනීම

නව යොවුන් වියේදී ආරම්භ වන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා දහඩිය දැමීම වැඩි වනවා. ඒ නිසා කිහිල්ල සහ කලවා ප්‍රදේශය හොදින් සබන් යොදා පිරිසිදු කර ගැනීම වැදගත්. දහඩිය මත බැක්ටීරියා වර්ධනය වීමෙන් දුගද හමන්න පුළුවන්. ඒ නිසා නාන විටදී මේ ප්‍රදේශ හොදින් පිරිසිදු කිරීමට පුරුදු වෙන්න.

කුඩා කළ සිට ඉගෙන ගත් නියපොතු කැපීම, දවසට දෙවරක් දත් මැදීම වැනි සෞඛ්‍යය පුරුදු අමතක කරන්න එපා.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්