:
පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සෞඛ්‍යය තත්ත්වයන් ස්ත්‍රීන්ගේ සෞඛ්‍යය තත්ත්වයන්ට වඩා වෙනස්ය. මේ සෞඛ්‍යය තත්ත්වයන් නිසා ලිංගික හා ප්‍රජනන ජීවිතයට බාධා ඇති විය හැකි නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වනවා.
මේ තත්ත්වය Erectile dysfunction හෙවත් ED යනුවෙන් හැදින්වෙනවා. එනම්, ලිංගික ඇසුරකදී ශිෂ්ණය ප්‍රාණවත් නොවීම සහ ලිංගික ඇසුරේදී එහි ප්‍රාණවත් බව පවත්වා ගැනීමට නොහැකි වීමයි. බොහෝ පිරිමි අය ජීවිතයේ යම කාලයකදී මේ අත්දැකීමට මුහුණ දෙන්න පුළුවන්.
වයසට යාම ED සදහා ප්‍රධාන හේතුවක් වුවත්, එය එකම හේතුව නොවේ. මානසික ආතතිය සහ පීඩනය, ඇතැම් ඖෂධ වර්ග, දියවැඩියාව, සම්බන්ධතාවල ගැටළු, මත් ද්‍රව්‍ය සහ දුම්කොල භාවිතය මෙන්ම පහල ටෙස්ටොස්ටොරෝන් මට්ටමක් පැවතීම මේ තත්ත්වය ඇතිවීමට බලපාන වෙනත් හේතු අතර වනවා.
ED සදහා බලපාන හේතුවට අනුකූලව මේ සදහා ප්‍රතිකාර ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස සම්බන්ධතාවයේ ගැටළු සදහා මානසික උපදේශණය සදහා යොමු වීම, ටෙස්ටොස්ටොරෝන් මට්ටම ඉහල නැංවීම සදහා පෙති ලබා ගැනීම දැක්විය හැකියි. ඔබට පුරුෂ ලිංගය ඍජුනොවීම ගැන ගැටළු තිබෙනවානම් ඒ ගැන වෛද්‍යවරෙකු හමුවී සාකච්ඡා කරන්න.
පිරිමින් අතර මදසරුභාවය ලෙස හැදින්වෙන්නේ ශුක්‍රාණු නිපදවීමේ සහ ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතා සහ ශුක්‍ර පිට කිරීම ආශ්‍රිත ගැටළු නිසා ගැබ් ගැනීමක් සිදු නොවන් අවස්ථායි. මදසරුභාවයට ප්‍රතිකාර කරන්නේ යුවලක් ලෙස සලකා බැවින් ගැබ්ගැනීම සදහා උත්සහ කරන දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමු විය යුතු වනවා.
පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති ප්‍රධාන පිළිකා වර්ගයක් වන්නේ පුරස්ථි පිළිකාය. පුරස්ථි ග්‍රන්ථයේ අසාමාන්‍ය වර්ධනයක් නිසා මෙම පිළිකාව ඇතිවනවා. ජානමය තත්ත්වයන් මෙන්ම, ජීවන රටාව සහ ඔෂධවර්ගත් මේ පිළිකා සදහා බලපෑ හැකි බව විද්‍යඥයින් පෙන්වා දෙනවා.
වෘෂණකෝෂ වල ඇතිවන අසාමාන්‍ය වර්ධනයක් නිසා වෘෂණකෝෂ පිළිකා ඇති වනවා. එක් කෝෂයක හෝ දෙකෙහිම පිලිකා වර්ධනය වන්නට පුළුවන්. ස්පර්ශ කිරීමෙන් හෝ පිටතින් බැලීමෙන් මෙම පිළිකා වර්ගය පහසුවෙන් හදුනා ගත හැකි නිසා ප්‍රතිකාර සදහා යොමු වීම පහසුයි.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 10 ත් 16ත් කාලය අතර ආරම්භ වන අතර ආර්තවහරණය වන තෙක් එනම් වයස අවුරුදු 40 ගණන්වල...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
තෘප්තිමත් ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කිරීමට, එහි ඇති කොටස් පිළිබද දැන ගෙන සිටීම වැදගත් වනවා. ශරීරය ගැන හොදින් දැන...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
සතුටුදායක ලිංගික ඇසුරක් ලැබෙන්නේ තමන්ගේ ශරීරය ගැන හොද දැනුවත්භාවයක් තිබෙනවානම් පමණයි.. අපි කැමති ලිංගික ඇසුර, තෘප්තිමත් වන ආකාරය, ආශාවන් ආදිය...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම අපගේ සමස්ථ සෞඛ්‍යය යහපත් කර ගැනීමට සහය වනවා. ලිංගික සෞඛ්‍යය පවත්වා ගැනීම දරුවන් ලැබීමෙන් ඔබ්බට ගිය සාකච්ඡාවක්....
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
තෘප්තිමත් ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කිරීමට, එහි ඇති කොටස් පිළිබද දැන ගෙන සිටීම වැදගත් වනවා. ශරීරය ගැන හොදින් දැන...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
අවුරුදු 10 - 19 අතර වයස් කාලය නව යොවුන් විය ලෙස හැදින්වෙනවා. මේ කාලයේදී ද්වීතීයික ලිංගික ලක්ෂණ පහල වීමට පටන්...
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Read
ඔබගේ ශරීරය පිරිසිදුව තබා ගන්නා ආකාරය දෙමාපියන් නිතර කියා දී ඇති. නියපොතු කැපීම, කොණ්ඩය කැපීම, දිනපතා නෑම ආදාය ශාරීරික පවිත්‍රතාවය...