:

කැමැත්ත ගැන දැන ගනිමු

යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත් බැඳීමක්.

විවෘත, සහකම්පනය පදනම් කර ගත් සන්නිවේදනය යහපත් සබඳතාවයක පදනමයි; සහකරුවන්ට / සහකාරියන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා අවංකව කතා කරන්නට ඉඩ තිබෙනවා නම් එය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගනවා.

කැමැත්ත පල කිරීම යන්නෙන් අදහස් වන්නේ නිසි අවබෝධයකින් යුතුව එකඟවීමකි. දැනුවත්ව කැමැත්ත පළ කිරීම ලිංගික ඇසුරක වගේම ආදර සම්බන්ධතාවයක අත්තිවාරමයි. අනෙක් පුද්ගලයාගේ දැනුවත් කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීම ලිංගික බලහත්කාරකමක් ලෙස හැදින්වෙනවා.

තරුණිය :අර ගවුම හරි ලස්සනයි. මම ඒකට හරිම කැමතියි.

තරුණයා :ඔයා කැමති නම් ඒක ගන්න. මං හිතන්නේ ඔයාට ඒක ලස්සනට තියෙනේ.

තරුණයා :අපිට ෆිල්ම් එකට තව ටික වෙලාවයි තියෙන්නේ.

තරුණිය :හරි මම ඉක්මනින් එන්නම්

තරුණිය :හ්ම්ම්! අපි මොකද්ද බලන්නේ ?

තරුණයා :හින්දි එක බලමුද ?

තරුණිය :මම නං හිංදි ඒවට එච්චර කැමති නෑ. මම කැමති අර සයන්ස් ෆික්ශන් එකට.

තරුණයා :අපි එහෙනං ඒක බලමු.

තරුණිය :නෑ හින්දි එක තව දවස් දෙක තුනකින් ඉවර වෙනවා. අද අපි ඒක බලමු. ඊලඟ දවසේ අනික බලමු. ඔයා ගිය සතියෙත් ගත්ත නිසා අද ටිකට් ගන්නේ මම හරිද

තරුණයා :හරි, අපි යමු පොප්කොන් ගන්න!

තරුණිය - අපි අපෙ කැමති අකමැති දේවල් තේරුම් ගන්නවා වගේම එකිනෙකාගේ සීමාවන් හදුනා ගන්න ඕනේ.

තරුණයා - අනිත් කෙනා අකමැති දෙයක් බලෙන් කරන්නෙත් නෑ. බලෙන් කරනවනම් ඉතිං ඒක ආදරයක් නෙමෙයිනේ.

කථාකරු : කැමැත්ත කියන්නේ බලපෑමකින් තොරව එකග වීමක්. මතක තියා ගන්න, කැමැත්ත ඕනේම වෙලාවක ඉවත් කර ගන්න වගේම, කැමැත්ත නොදී ඉන්නත් අපි හැමෝටම අයිතියක් තියෙනවා.සම්බන්ධතාවයක උපරිම සතුට විදින්න නම්, අනිත් කෙනා අකමැති දෙයකට කවදාවත් බල කරන්න හොද නෑ.

කැමැත්ත පල කිරීම පිළිබද ශ්‍රී ලංකාවේ නීතිය තුළද වගන්ති ඇතුළත් වනවා. ඒ දණ්ඩනීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේය.

කෙසේවුවත් මෙම වගන්තිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස දැක්වීමටම යොදාගත් වගන්තියක් නොවේ. එයින් ඇත්තටම කියවෙන්නේ අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම ‘ව්‍යවස්ථාපිත දූෂණයක්’ එනම් ගැහැනු දරුවා කැමැත්ත දුන්නා ද නැද්ද යන්න නොසලකා නීතිය ඉදිරියේ වරදක් ලෙස සලකන දෙයක් බවයි.

‘කැමැත්ත ප්‍රකශ කිරීමේ වයස’ යනු ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීම සඳහා දැනුවත් සහ ස්වේච්ඡා අවසරය ලබා දීමේ හැකියාව ඇතැයි නීත්‍යානුකූලව දක්වා ඇති වයසයි.

මෙය නීතිමය මාර්ගෝපදේශයක් පමණයි. එය ලිංගික සබඳතා සඳහා අවශ්‍ය සදාචාරාත්මක, චිත්තවේගීය සහ මනෝවිද්‍යාත්මක සූදානම පිළිබඳ සියලු අංශ ආවරණය කරනවාද යන්න අපි සිතා බැලිය යුතු වනවා.

කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස පිළිබඳ නීති ක්‍රියාත්මක වන්නේ බාලවයස්කරුවන් මුහුණ දිය හැකි හිංසන සහ සූරාකෑම් ආරක්ෂා කිරීම සඳහා යි.

නමුත් ඕනෑම ලිංගික ඇසුරක නිරත වන විට විවෘත සන්නිවේදනය, අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කර ගත් කැමැත්තක් තිබිය යුතුයි.

පිරිමි ළමයින්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස පිළිබඳව සඳහනක් නොවීම මේ නීතිය තුළ ඇති අඩුපාඩුවකි.

මේ නීතිය යටතේ නීත්‍යානුකූලව බිරිඳ සහ සැමියා අතර වන ලිංගික ඇසුර ආවරණය කර නැහැ. එනම්, බිරිදගේ කැමැත්ත නැතිවත් සැමියාට ලිංගික ඇසුරක යෙදිය හැකියි. එය සාධාරණදැයි සිතා බලන්න.

මම මගේ සහකරුවන් සමඟ කැමැත්ත ගැන කතා කරන්නේ කොහොම ද?

ඔබේ සහකරු සමඟ කැමැත්ත පිළිබඳව කතා කිරීම යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවරක්. එකිනෙකාගේ සීමාවන් සහ ආශාවන් පිළිබඳව හවුල් අවබෝධයක් ඇති කර ගැනීමට කැමැත්ත ගැන කතා බහ කිරීම ඉතා වැදගත් වනවා.

දෙදෙනාගේම සීමා හදුනා ගැනීමට විවෘත සාකච්ඡාවක් පවත්වන්න. ඔබ දෙදෙනාටම විවෘතව සහ බාධාවකින් තොරව සංවාදයක් පැවැත්විය හැකි සුදුසු සහ පුද්ගලික වේලාවක් සහ ස්ථානයක් සොයා ගන්න. එය මුහුණට මුහුණ හෝ ඩිජිටල් මාධ්‍යයක් හරහා හෝ විය හැකියි. කුමන මාධ්‍යක් භාවිත කරත් ඔබ දෙදෙනා ලිංගික ක්‍රියා ආරම්භ කිරීමට තරමක් හෝ කලින් මෙම සංවාදය සිදු කරන්න.
මක්නිසාද අපි ලිංගිකව උත්තේජනය වී සිටින විට අපට මෙවැනි සාකච්ඡාවක් කිරීම අපහසු වෙන්න පුළුවන්. ලිංගික ක්‍රියාකාරකමට කලිනුත් කැමැත්ත ලබා ගැනීම අවශ්‍යයි. නමුත් තමන් ගේ සීමාවන්, ආශාවන් ගැන සහකරු සමග කලින් කතා කර තිබුණොත් ලිංගික සම්බන්ධතාවය වඩාත් තෘප්තිමත් කර ගන්න පුළුවන්.

කැමැත්ත යනු අඛණ්ඩ සංවාදයක් බව මතක තබා ගන්න. හවුල්කරුවන් දෙදෙනාටම ආරක්ෂිත සහ ගෞරවනීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ඉලක්කයයි. ඒ වගේම කැමැත්ත ඕනෑම වෙලාවක අස් ගැනීමට පුළුවන්. ලිංගික ඇසුර මැදදී වුවත් දැන් ඇති, නවත්තන්න, එපා වැනි පැහැදිළි වචන යොදා ගනිමින් කැමැත්ත ඉවත් කර ගන්න පුළුවන්.

ඕනෑම අවස්ථාවක කැමැත්ත කඩ කළහොත්, ඔබට කළ හැකි දේ මෙන්න:

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්