ලිංගික දිශානතිය

‘මානව ලිංගිකත්වය’ යන්නෙන් අදහස් වන්නේ අනුරාගී අත්දැකීම් ලැබීමටත්, එවන් ප්‍රතිචාර දැක්වීමටත් මනුෂ්‍යයාට ඇති හැකියාවයි. පුද්ගලයෙකු, තවත් පුද්ගලයෙකු පිළිබඳ ලිංගික ආකර්ෂණයක් ඇති වීමත්, ‘මානව ලිංගිකත්වයට’ ඇතුළත් වෙනවා. කෙනෙක් ආකර්ශනය වන්නේ විරුද්ධ ලිංගික පුද්ගලයෙකු වෙතටද, සමලිංගික පුද්ගලයෙකු වෙතටද, එසේත් නැත්නම් සමලිංගික මෙන්ම විරුද්ධ ලිංගික පුද්ගලයන් වෙතටද යන්න, එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වනවා.

පුද්ගලයෙක් ආකර්ෂණය වන්නේ කෙනෙකුගේ ‘ලිංගික දිශානතිය’ (Sexual Orientation) අනුවයි.

විෂම ලිංගිකත්වය - තමන්ට වඩා වෙනස් එනම් විරුද්ධ ලිංගික අවයව ඇති පුද්ගලෙයකු කෙරේ ආදර හෝ ලිංගික ආකර්ෂණයක් ඇති වීම විෂම ලිංගිකත්වය ලෙස හඳුන්වනවා.
සමලිංගිකත්වය - තමන්ගේ ලිංගික අවයව වලට සමාන අවයව ඇති පුද්ගලයන් කෙරේ ආදර හෝ ලිංගිකව ආකර්ෂණයක් ඇති වීම, සමලිංගිකත්වය ලෙස හඳුන්වනවා.
ද්විලිංගිකත්වය - විරුද්ධ ලිංගික මෙන්ම සමලිංගික පුද්ගලයන්හට, රොමාන්තික හෝ ලිංගිනව ආකර්ෂණයක් ඇතිවීම ‘ද්විලිංගිකත්වය’ ලෙස හඳුන්වනවා.

අලිංගික - කිසිවෙකු කෙරෙහි ලිංගික ආකර්ෂණයක් ඇති නොවීම, එසේත් නැතහොත් ලිංගිකව හැසිරීම කෙරෙහි උනන්දු නොවීම හෝ ඉතා අඩු උනන්දුවක් පැවතීම මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ.

සර්ව ලිංගික - යම් පුද්ගලයෙකු ස්ත්‍රියකට, පුරුෂයන්ට මෙන්ම සංක්‍රාන්ති ලිංගික යන පුද්ගල කොට්ටාශ තුන කෙරෙහිම ලිංගික ආකර්ශනයක් දක්වනවා නම් එය සර්ව ලිංගික ලෙස හැදින්වෙනවා.

බොහෝ දෙනාට තමන්ගේ ලිංගික දිශානතිය හෝ තමන් කුමන ලේබලය යටතේ හදුන්වාගන්නවා දැයි එකවරම තෝරා බේරා ගැනීමට හැකි වන්නේ නැහැ. එහි කිසිම වරදක් නැහැ. ඇතැම් පුද්ගලයන්ට තමන්ගේ ලිංගික දිශානතිය හරිහැටි අවබෝධ කර ගැනීමට මුළු ජීවත කාලයම වුවත් ගත විය හැකිය.

සමහරු තමන් දැනෙන ආකාරයට තමන්ගේ ලිංගික දිශානතිය තීරණය කර පසුව එය වෙනස් කර ගනිති. එයද සාමාන්‍ය දෙයකි.
මනුෂ්‍ය ලිංගිකත්වය ද්‍රවමය ස්වරූපයක් ගන්නා බවත්, ජීවිත කාලය තුළ මිනුසුන් ලිංගික දිශානතීන් එකක්ට වඩා අත්දැකීමට හැකි බවත් ඇල්ෆ්‍රඩ් කිංසි නැමති විද්‍යාඥයා පෙන්වා දී තිබෙනවා. ඒ ගැන වැඩිදුර කියවීමට
https://kinseyinstitute.org/research/publications/kinsey-scale.php

සම ලිංගිකත්වය අස්වාභාවිකද?

ලිංගික දිශානතිය, මතභේදයට තුඩුදෙන කරුණක් යැයි කීවොත් නිවැරදිය. බොහෝ දෙනෙක්, ආගමික හා සංස්කෘතික විශ්වාසය මත සහ නොදැනුවත්භාවය නිසා සමලිංගිකත්වය හා ද්විලිංගිකත්වය, අස්වාභාවික දෙයක් බව පෙන්වා දේ. ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය අදටත් නීතිවිරෝධී වීම මීට නිදසුනකි.

1992 වසරේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බව ප්‍රකාශයට පත් කළ අතර, ඇමරිකානු මනෝවිද්‍යා සංගමය 1973 දී ඒ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් 2021දී සමලිංගිකත්වය මානසික අසනීපයක් නොවන පවත්, ශ්‍රී ලංකාව තුළ සම ලිංගිකත්වය නිරපරාධකරණය කළ යුතු බවත් පෙන්වා දුන්නා.

"නූතන යුගයේ මනෝ වෙද්‍යවරු සම ලිංගිකත්වය මානසික අසනීපයක් ලෙස රෝග විනිශ්චයක් සිදු කරන්නේ නැති අතර එසේ සලකා ප්‍රතිකාර කරන්නේද නැත.
නූතන වෛද්‍ය දැනුම සහ සමාජ වටිනාකම්වලට අනුව සමරිසි ස්ත්‍රීන්, පිරිමින්, ද්වී රිසි පුද්ගලයන්, සංක්‍රාන්ති පුද්ගලයන්, අන්තර් ලිංගික පුද්ගලයන් සහ කුයර් ප්‍රජාව (LGBTIQ) කෙරෙහි දැක්විය යුත්තේ ගෞරවයක් මිස වෙනස්කොට සැලකීමක් නොවේ.” යනුවෙන් එම ලිපියේ දැක්වෙනවා.

සම ලිංගිකත්වය සාපරාධී වරදක් ලෙස දක්වා ඇති දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තිය වෙනස් කරන ලෙස අධිකාරී ආයතන වලට බල කිරීමට අප කැමැත්තෙමු. මෙම යල් පැන ගිය නීතිය අහෝස් කළ යුතු අතර සමලිංගිකත්ව සාපරාධී වරදක් ලෙස හැදින්වීම අත්හිටුවිය යුතුය." යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

සම ලිංගිකත්වය මිනිසුන් අතර පමණක් නොව අනෙක් සතුන් අතරද ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙහිදී, මතක තබා ගත යුතු වන්නේ, පුද්ගලයෙකු ලිංගික දිශානතවීම කුමක් වුවත්, අප කාටත් පොදු වූ මූලික සාරධර්ම අපට කියාදෙන්නේ සෑම මනුෂ්‍යයෙකුටම අභිමානයෙන් යුතුව සැලකිය යුතුව සැලකීමටයි.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්