
අන්තර්ජාලය අපි කාටත් නැතිවම බැරි දෙයක්. සම්බන්ධතා ගොඩනගා ගැනීමට, එවා පවත්වා ගැනීමට, අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමට, විනෝදාස්වාදය සදහා වැනි බොහෝ හේතු මත අපි අන්තර්ජාලය භාවිත කරනවා.
අන්තර්ජාලය භාවිත කිරීමේදී අනුගමනය කළ හැකි ආරක්ෂිත විධි විධාන කිහිපයක් මේ පිටුවේ ඇතුළත් වනවා.
සමාජජාලා තුළ ආරක්ෂිතව සිටින්නේ කෙසේද?
යම් අයෙකුට ඔබේගේ ගිණුමට ඇතුළු විය හැකි ක්‍රම බොහෝමයක් ඇත.
ඇතැම් විට ඒ යම් අයෙකුට ඔබගේ මුරපදය (password) ලැබීමෙන් විය හැකිය. බොහෝ පුද්ගලයින් මුරපද හොරකම් කිරීමේ යෙදී සිටින අතර, ඇත්තෙන්ම එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා.
ඔබගේ මුරපදය ඉතා වැදගත් වීමට හේතුව වන්නේ ඉන් ඔබගේ පෞද්ගලික තොරතුරුවලට ප්‍රවේශ වීමට අගුළු හරින නිසායි.
passw@rd යනු ඉංග්‍රීසි භාෂාවෙන් වඩාත් බහුලව භාවිත වන මුරපදවලින් එකක් බව ඔබ දන්නවාද?
හැකර්වරුන්ට එරෙහිව පළමු ආරක්ෂාව ලෙස ක්‍රියාකිරීමට ශක්තිමත් මුරපදයකට හැකියාව තිබෙනවා. එය බුද්ධිමත්ව තෝරන්න.
ඉතා සුළු උත්සහායක් යෙදීමෙන් හැකර්වරුන්ගෙන් ඔබගේ ඔන්ලයින් ගිණුම් ආරක්ෂා කරගැනීමට හැකියි. කෙටි මුරපද ඉතා පහසුවෙන් පරිගණක මඟින් සොයාගත හැකි නිසා ඒ වෙනුවට, පාස්ෆ්‍රේස් passphrase නැත්නම් මුරඛණ්ඩ භාවිතා කිරීමට උත්සහ කරන්න.
පාස්ෆ්‍රේස් යනු එකට එකතු කළ විට එය සාදන්නාට පමණක් තේරුමක් ඇති වචන සමුහයකින් සෑදී ඇති මුරපදයක්. පාස්ෆ්‍රේස්, එය සාදන්නාට මතක තබා ගැනීම පහසු නමුත් ඉතා දියුණු පරිගණකයට පවා සෙවීමට අපහසු වනවා.
උදාහරණයක් ලෙස ඔබේ උපන් මාසය සහ වර්ෂය වන august2013! යන්න මුරපදය ලෙස භාවිත කරනවානම් එය අනුමාන කිරීම ඉතා පහසුයි. වඩා ශක්තිමත් මුරපදයක් සෑදීම සඳහා EyeL1keMyFr1ends&Fam1ly! වැනි අකුරු සහ ඉලක්කම් භාවිත කරන්න. මෙවැනි මුරපදයක් පාස්ෆ්‍රේස් එකක් ලෙස හැදින්වෙනවා.
මුරපදය දිගු වන තරමට වඩාත් හොඳයි! ඔබගේ මුරපදය අකුරු 15කට වඩා වැඩි කර, සංකේත, අංක සහ ඉංග්‍රීසි කැපිටල් අකුරු එකතු කරන්න.
ඉතා හොඳ පාස්ෆ්‍රේස් එකක් පවා මුරපදයක් ලෙස සැමවිටම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබට ඔබගේ වඩාත් වැදගත් ගිණුම් සඳහා වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නම් ද්වි-සාධක සත්‍යාපනය (Two-Factor Authentication -2FA) සක්‍රීය කරන්න- ෆේස්බුක්, ජීමේල්, ටික්ටොක්, එක්ස් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය වෙබ් අඩවි බොහෝමයක් ඔබගේ ගිණුම්වලට ප්‍රවේශ වීමේ වඩා ආරක්ෂිත ක්‍රමයක් ලෙස 2FA භාවිතා කිරීමට ඉඩ සලසා ෙදනවා. මෙය භාවිත කරන්න!
ඔබ පාස්ෆ්‍රේස් හෝ මුරපදයක් හෝ කුමක් භාවිතා කිරීමට තීරණය කළත් මතක තබා ගත යුතු වැදගත්ම දේ වන්නේ එය එක ගිණුමකට වඩා වැඩි ගිණුම් ගණනකට භාවිත නොකළ යුතු බවයි! හේතුව නම් එකම පාස්ෆ්‍රේස් එක හෝ මුරපදය ගිණුම් සියල්ලටම හෝ කිහිපයකට භාවිත කරන විට එය කෙනෙකු දැන ගතහොත් ඒ ගිණුම් සියල්ලටම එම පුද්ගලයාට ඇතුළු වීසට හැකියාව ලැබෙනවා.
ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ අනිකුත් බොහෝමයක් අය වගේ නම් ඔබටත් එය ඔබගේ මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධ වෙමින් සබඳතා පවත්වා ගැනීමට පහසු මාධ්‍යයක්. මිනිසුන් තමන් පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලය හරහා හුවමාරු කිරීම සහ පළකිරීම සිදු කරන අතර තමන් විසින් එසේ පළ කරන ලද පින්තූර සහ අදහස් නන්නාඳුනන ආගන්තුක පුද්ගලයින්ටද දැකගත හැකි බව දැනගන්නේ ඒවා පළකිරීමෙන් පසුවයි. ඔබගේ ඉන්සටග්‍රෑම් ගිණුම දෙස බැලීමෙන්ම ආගන්තුක පුද්ගලයින්ට ඔබ පිළිබඳව බොහෝ දේ දැන ගැනීමේ හැකියාව ඇත් දැයි සිතා බලන්න.
ඔබ අන්තර්ජාලය තුළ පළකරන පණිවිඩ, වීඩියෝ, සහ පින්තූර බුද්ධිමත්ව තෝරා පළකරන්න. ඔබ ගන්නා ඡායාරූප සහ ඔබ ගැන අන් අය සමඟ හුවමාරු කරගන්නා තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන්න.
මතක තබා ගන්න.
අන්තර්ජාලය තුළ පළකළ කිසිවක් කිසිදා අතුරුදහන් නොවේ!
ඔබගේ නම ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සෝදිසි කර ඒ හරහා ඔබ පිළිබඳ කෙතරම් තොරතුරු ප්‍රමාණයක් ඕනෑම කෙනෙකුට දැන ගත හැකිදැයි බලන්න.
ඔබේ අන්තර්ජාල ජීවිතය, ආරක්ෂාව සහ ගෞරවය, සහකම්පනය වැනි සදාචාරාත්මක හැසිරීම් හරහා සුවපහසු අත්දැකීමක් බවට පත් කර ගන්න.
ඔබ අන්තර්ජාලය තුළ ආරක්ෂිතව සිටිනවා වගේම අනෙක් අයගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ගැනත් සිතන්න.
යම් කිසි ආගමක් හෝ ජාතියක් පහත් කරන සුළු වෛරී කතනයෙන් මිනිසුන් අතර ඇති තේරුම් ගැනීම සහ විශ්වාසය පළුදු වීමට පුළුවන්. ඒ නිසා වගතීම් සහගත දෙය වන්නේ අන්තර්ජාලය තුළ කිසිවෙකු පහත් කොට සැළකීමට ලක් නොකිරීමයි. එවැනි වෛරී සහගත ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ඔබ දකිනවානම්, ඒවා රිපෝට් කරන්න.
කෘතිම බුද්ධිය යෙදා ගෙන ඡායාරූප වෙනස් කිරීම ඉතා සුළු දෙයකි. ඇත්ත ඒවා සේ පෙනෙන ආකාරයෙන් වීඩියෝ පට වුවද කෘතිම බුද්ධය යොදා ගෙන නිපදවනවා.
ඔබ සමාජ මාධ්‍ය තුළ පල කරන ඡායාරූප නිරුවත් හෝ ලිංගික දර්ශන සහිත ඒවා බවට පත් කිරීමට AI App වලට පුළුවන්. එපණක් නෙවේ. අළුත් ඡායාරූප නිර්මාණය කිරීමටත් පුළුවන්. ඒවා අන්තර්ජාලය හරහා දහස් ගණනක් වෙත බෙදා හැරීමට ගත වන්නේ සුළු කාලයක්.
කෘතිම බුද්ධිය ඇතුළු අන්තර්ජාලයේ වර්ධනය ඉතාම සීග්‍රයෙන් සිදු වන්නක්. ඒ නිසා මේ අළුත් වර්ධනයන් පිළිබද ඔබේ දැන් වැඩි කර ගන්න. ඒ ගැන දැනුවත් වීමෙන්, AI තාක්ෂණය යහපත් අරමුණ සදහා යොදා ගැනීමට ඔබටත් පුළූවන්.
කෘතිම බුද්ධිය මගින් ක්‍රියා කරන CHATGPT වැනි ඇපි භාවිත කිරීමේදී ඒවායින් ලබා දෙන තොරතුරු නිවරදි දැයි වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු කර ගන්න.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත්...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්....
සම්බන්ධතා
Things to Read
නව යොවුන් වියේදී ආදර සම්බන්ධතා ඇති වීම සාමාන්‍යයි. මේ කාලෙය්දී ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු වෙත ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි....
සම්බන්ධතා
Things to Read
අන්තර්ජාලය හරහා සිදු වන ලිංගික සූරාකීම හදුනා ගනිමු
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්.