:

කැමැත්ත ගැන දැන ගනිමු

යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත් බැඳීමක්.
විවෘත, සහකම්පනය පදනම් කර ගත් සන්නිවේදනය යහපත් සබඳතාවයක පදනමයි; සහකරුවන්ට / සහකාරියන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා අවංකව කතා කරන්නට ඉඩ තිබෙනවා නම් එය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගනවා.

කැමැත්ත පල කිරීම යන්නෙන් අදහස් වන්නේ නිසි අවබෝධයකින් යුතුව එකඟවීමකි. දැනුවත්ව කැමැත්ත පළ කිරීම ලිංගික ඇසුරක වගේම ආදර සම්බන්ධතාවයක අත්තිවාරමයි. අනෙක් පුද්ගලයාගේ දැනුවත් කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීම ලිංගික බලහත්කාරකමක් ලෙස හැදින්වෙනවා.

සම්බන්ධතාවයක් සහපත්ව පවත්වාගෙන යාම සදහා අපිට කුසලතා රැසක් අවශ්‍ය වනවා.

ඵලදායී සන්නිවේදනය

විවෘත, අවංක සහ ගෞරවනීය විදියට එකිනෙකා සහ කත බහ කිරීම ඉතාමත් වැදගත්. හොදින් ඇහුම්කන් දීම සහ ඔබේ සිතුවිලි සහ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීම මගින් එකිනෙකා අතර තේරුම් ගැනීම වැඩි කර ගන්න පුළුවන්.

සීමාවන් සහ කැමැත්ත

සම්බන්ධතාවය තුළ තමන් සිදු කිරීමට කැමති සහ අකමැති දේවල් සිය සහකරු/ සහකාරිය සමග පවසන්න. උදාහරණයක් ලෙස ලිංගික ඇසුරකට තමන් සූදානම් නැති නම් ඒ බව පැහැදිළිව පවසන්න.

ගැටුම් නිරාකරණය

ඕනෑම සම්බන්ධතාවයක් තුළ ගැටුම් ඇති වීමට ඉඩ තිබෙනවා. තරුණ ඔබට මෙවැනි ගැටළු විසදා ගැනීමට කුසලතා නැති නම්, විශ්වාස වන්ත වැඩිහිටියෙකු සමග ඒ ගැන කතා බහ කරන්න

සමානාත්මතාවය සහ ගෞරවය

ඔබව පහත් කරන, බැන වදින වචන යොදා ගන්නවානම්, එම සම්බන්ධතාවය තුළ ගෞරනයක් නැහැ. යහපත් සම්බන්ධතාවක් තුළ දෙදෙනාටම එකම වටිනාකමක් ලැබෙනවා.එනම්, දෙදෙනාගේම ආශාවන්, අවශ්‍යතා පිළිබද උනන්දු වන අතරම ගෞරවයෙන් එකිනෙකාට සලකනවා.බල කිරීම, පෙළඹවීම සහ තර්ජනය කිරීම අයහපත් සම්බන්ධතාවයක ලක්ෂණයි.

ඔබව පහත් කරන, ඔබට ලැජ්ජා සිතෙන හෝ බිය ගෙන දෙන ලෙස සහකරු හෝ සහකාරිය හැසිරෙනවානම් එතන තියෙන්නේ ආදරයක් නම් නෙවෙයි.
ඔබේ මිතුරන් සහ පවුලේ අයගෙන් ඈත් කිරීමට ඔබේ සහකරුවා හෝ සහකාරිය උත්සහ ගන්නේ ඒ ගැන දෙසැරයක් හිතන්න.
ඔබේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමට බල කරනවා නම් ඒ සම්බනධතාවයෙන් වහාම ඉවත් වන්න. අවශ්‍ය නම් විශ්වසනීය වැඩිහිටියෙකු සමග සාකච්ඡා කර අහිතකර සම්බන්ධතාවයෙන් මිදීමට සහය ලබා ගන්න.

කැමැත්ත පල කිරීම පිළිබද ශ්‍රී ලංකාවේ නීතිය තුළද වගන්ති ඇතුළත් වනවා. ඒ දණ්ඩනීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේය.

කෙසේවුවත් මෙම වගන්තිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස දැක්වීමටම යොදාගත් වගන්තියක් නොවේ. එයින් ඇත්තටම කියවෙන්නේ අවුරුදු 16ට අඩු ගැහැනු ළමයෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම ‘ව්‍යවස්ථාපිත දූෂණයක්’ එනම් ගැහැනු දරුවා කැමැත්ත දුන්නා ද නැද්ද යන්න නොසලකා නීතිය ඉදිරියේ වරදක් ලෙස සලකන දෙයක් බවයි.

ඕනෑම අවස්ථාවක කැමැත්ත කඩ කළහොත්, ඔබට කළ හැකි දේ මෙන්න.

• ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න: ඔබට අනාරක්ෂිත බවක් හෝ අපහසුතාවයක් හෝ දැනේ නම්, හැකි ඉක්මනින් එම ස්ථානයෙන්/තත්ත්වයෙන් ඉවත් වන්න.

• පැහැදිලිව සන්නිවේදනය කරන්න: ඔබේ සැපපහසුව සහ ආරක්ෂාව සහතික කරගැනීමෙන් පසුව කඩ කිරීම සිදුකළ පුද්ගලයාට ඔබේ හැඟීම කියන්න. ඔබ පත්වූ අපහසුතාවය ප්‍රකාශ කර ඔබේ සීමාවන්ට ගරු නොකළ බව ස්ථිරව කියන්න.

• සහාය පතන්න: තත්ත්වය සාකච්ඡා කිරීමට සහ සහය ලබා ගැනීමට විශ්වාසවන්ත මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ උපදේශකයෙකු වෙතට යන්න.
විශේෂයෙන්ම ඔබ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් මනසින් පීඩා විඳින්නේ නම් , මග පෙන්වීම් සහ සහාය සැපයිය හැකි මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ
කතා කිරීම සලකා බලන්න. මෙම කාලය තුළ සැනසීම සහ මග පෙන්වීම ලබා දෙන සහය ජාලයක් ඔබ වටා ගොඩනගා ගැනීමට උත්සාහ කරන්න.

• බලධාරීන් වෙත වාර්තා කරන්න: කැමැත්ත කඩ කිරීම අපරාධයකට, නීති විරෝධී ක්‍රියාකාරකමකට සම්බන්ධ නම් හෝ තර්ජනයක් නම් හෝ අදාළ බලධාරීන්ට
සිද්ධිය වාර්තා කිරීම පිළිබඳව සලකා බලන්න.

• වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න: ලිංගික බලහත්කාරකමක් සිදුවුවහොත් වහාම ප්‍රතිකාර ලබාගන්න. ඔබට අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇති විය හැකි නම් හදිසි
ගැබ්ගැනීම් වළක්වන පෙති ලබා ගන්න. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම වැදගත්.

• සිද්ධිය ලේඛනගත කරන්න: අවශ්‍ය නම්, දින, වේලාවන්, ස්ථාන සහ අදාළ සන්නිවේදනයන් ඇතුළුව කැමැත්ත කඩකිරීමේ විස්තර විස්තර ඇතුව ලියා තබන්න.
මෙය ඔබට ඉදිරියට ප්‍රයෝජනවත් වේවි.

• නීතිමය ක්‍රියාමාර්ග සලකා බලන්න: කඩකිරීමේ බරපතලකම අනුව, ඔබට ඇති විකල්පයන් තේරුම් ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යංශය උපදෙස් ලබා ගන්න.

• ආදර සම්බන්ධතාවයක් නිසා ඔබේ සිතට වේදනාවක්, කණස්සල්ලක් ඇති වී ඇත් නම් ඒ පිළිබද විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කරන්න. එසේ නැතිනම්, සහය ලබා ගත හැකි ආයතන ලැයිස්තුව බලන්න.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්