කැමැත්ත ගැන දැන ගනිමු

තමන්ගේ ශරීරය අයිති තමන්ට පමණක් බව ඔබ කුඩා කාලේයේදී ඉගෙන ගෙන ඇති. ඉන් අදහස් වන්නේ ඔබේ කැමැත්ත නැතිව, ඔබේ ශරීරය කුමන හෝ ආකාරයකින් ඇල්ලීම වරදක් බවයි. මෙය ප්ජනන සෞඛ්ය අයිතිවාසිකම් වල ප්ධාන මූලධර්මයක්.

ආදර සම්බන්ධතාවලදී, සහකරු හෝ සහකාරිය ලිංගික තෘප්තියක් ලැබෙන ආකාරයෙන් ඔබේ ශරීරය අල්ලනවානම්, එයට ඔබේ කැමැත්ත තිබීම අනිවාර්යයි. ඔබ අකමැති නම් ඔබේ ශරීරය ඇල්ලීමට කාටවත්ම අවසර නැහැ.

කැමැත්ත ලබා නොගෙන සිදු කරන අත පත ගෑම් ලිංගික අතවර ලෙස හැදින්වෙනවා. ඔබට එවැනි අතවරයක් සිදු වනවා නම් ජාතික ළමා දුරකතන සේවාව - 1929 අමතා සහය ලබා ගන්න..

ශ්ී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ලිංගික ඇසුරක් සදහා කැමැත්ත පළ කළ හැක්කේ අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට පමණයි. ඒ අනුව, අවුරුදු 16ට වඩා අඩු අයෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වීමට අධිරකණයෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. දණ්ඩණීති සංග්හයේ එම වරද හදුන්වා ඇත්තේ “ව්වස්ථාපිත ස්ත්ී දූෂණය” නමින්.
එයින් ඇත්තටම කියවෙන්නේ අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම ‘ව්‍යවස්ථාපිත දූෂණයක්’ එනම් ගැහැනු දරුවා කැමැත්ත දුන්නා ද නැද්ද යන්න නොසලකා නීතිය ඉදිරියේ වරදක් ලෙස සලකන දෙයක් බවයි.

“කැමැත්ත” නීතිමට සංකල්පයක් පමණක් නොවෙයි. ආදර සම්බන්ධතා වලදී කැමැත්ත විමසා, දෙදෙනාටම එකග විය හැකි සීමාවන් හදුනා ගැනීමෙන් මානසික සුවයක්ද ලබා ගැනීමට හැකි වනවා.

දැනුවත් කැමැත්ත යනුවෙන් අදහස් වන්නේ තමන් එකග වන ක්ියාවෙන් ඇති බව ප්තිඵල පිළිබද අවබෝයක් සහිතව කැමැති වීමයි. උදාහරණයක් ලෙස, ලිංගික ඇසුර සදහා කැමැත්ත පල කරන අවස්ථාවකදී, ඉන් ගැබ් ගැනීමක් ඇති විය හැකි බව, ලිංගිකව සම්ප්ේෂණය වන ආසාදනයක් බෝ විය හැකි බව සහ ඒවා වළක්වා ගන්නා ක්ම පිළිබදව දැනුවත් වී එකඟ වීමයි.

කැමැත්තට අදාල වල ප්‍රධාන මූලධර්ම 4ක් පහතින් දැක්වෙනවා. ඉන් එකක් හෝ කඩ වී ඇත් නම්, එය අතරවයක් හෝ බලහත්කාරකමක්විය හැකියි.

1. ‘කැමැත්ත’, පැහැදිලිව සහ සක්‍රියව ලබා දිය යුතුයි. (CLEAR)

එය අනෝන්‍ය වශයෙන් තේරුම් ගත හැකි, අවසරයක් ලබාදෙන වචන හෝ ක්‍රියාවන් හරහා ප්‍රකාශ වේ. උදාහරණ - මම කැමතියි/ හා/ ඔව්

‘කැමැත්ත’ කිසිවිටෙකත් ඇගවීමකින් සිදු නොවේ. නිහඩව සිටීම කිසිම අවස්ථාවක කැමැත්ත ප්‍රකාශ කිරීමක් නොවේ.

මට ෂුවර් නැහැ, මම දන්නෙ නැහැ, හෝ සමහරවිට ඒ හා සමාන ප්‍රකාශ කිරීම් ‘කැමැත්ත’ නොවේ.

2. කැමැත්ත ලබා දෙන්නේ කුමකටද දැයි නිසි අවබෝධයක් තිබිය යුතුයි. (COHERANT)

මත්පැන් හෝ මධ්‍යසාර භාවිතා කර ඇති අවස්ථාවක වැනි පුද්ගලයන්ගේ තාර්කික නුවණට බලපෑමක් වී ඇති අවස්ථා වලදී කැමැත්ත පලකිරීමට නොහැකිය.

තාර්කික, සාධාරණ තීරණ ගත නොහැකි අයෙකුට, කවුරුන්, කුමක්ද, කවදාද, කොහේද, ඇයි හෝ කේසේද යන්න තේරුම් ගැනීමටහැකියාවක් නොමැති නිසා එකග විය නොහැකියි.

නිදා සිටින හෝ වෙනත් අවදානම් ස්ථානයක සිටින පුද්ගලයින්ට කැමැත්ත පළ කිරීමට නොහැකිය.

එවැනි අවස්ථාවකදී කැමැත්ත දුන්නා යැයි සලකා සිදු කරන ක්‍රියාවන් නීතිය ඉදිරියේ වරදකි.

3. ස්ව කැමැත්තෙන් ‘කැමැත්ත’ ලබා දිය යුතුය. (WILLING)
කිසියම් හෝ පීඩනයක්, බලපෑමක් යටතේ ලබා ගන්න කැමැත්ත වලංගු නොවේ.

චිත්තවේගීය හැසිරවීමක් හරහා කැමැත්ත ලබා ගත නොහැකියතත

ශාරීරික ප්‍රචණ්ඩත්වය හෝ තර්ජනය මගින් කැමැත්ත ලබාගත නොහැකිය.

අසමතුළිත බල සම්බන්ධතාවක් තුළ බලය අඩු පුද්ගලයාගෙන් කැමැත්ත ලබාගත නොහැකිය.

4. අවස්ථාවේදී සෑම අවස්ථාවකදීම කැමැත්ත ලබ ගත යුතුය. (ONGOING)

ලිංගික සම්බධතාවයකදී එහි සෑම පියවරකදීම කැමැත්ත ලබාගත යුතුය. එත් දෙයකට ලබා දෙන කැමැත්ත වෙනත් ක්‍රියාවක් සදහා අදාලවන්නේ නැහැ.

ඔබේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමට බල කරනවා නම් ඒ සම්බනධතාවයෙන් වහාම ඉවත් වන්න. අවශ්‍ය නම් විශ්වසනීය වැඩිහිටියෙකු සමග සාකච්ඡා කර අහිතකර සම්බන්ධතාවයෙන් මිදීමට සහය ලබා ගන්න.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්