
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්.
යහපත් සම්බන්ධතාවකදී දෙදෙනාම එම සම්බන්ධතාවය පිළිබඳව සතුටට පත්වනවා.
ගෞරවය, සහකම්පනය, විශ්වාසය සහ විවෘත සන්නිවේදනය මගින් සම්බන්ධතාවයට ශක්තිමත් පදනමක් නිර්මාණය කර ගන්න පුළුවන්.
තමුසෙට මොලේ නැද්ද?
මම කැමති නෑ ඔයා කොටට අදිනවට, මට විතරයි ඔයාව ඒ විදියට දකින්න පුළුවන්.
මට බොරු කියලා අහුවෙන්න එපා.
මගෙන් අහන්නැතුව ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එකක් හැදුවේ ඇයි?
හැම තිස්සේම ඔන් ලයින් ඉන්නේ ඇයි? මං කෝල් කරපුවහම ආන්සර් කරන්න තමයි බැරි.
ඔයාං මං කියන විදියට හිටියේ නැත්තං බලාගමු.
මට අයිති වුණේ නැත්තං වෙන කාටවත් අයිති වෙන්න දෙන්නෑ
ඔයාගේ ඉන්ස්ටා පාස්වර්ඩ් එක මට දෙන්න.
මගෙන් අහන්නේ නැතුව ටවුමට ගියේ ඇයි?
මෙවැනි දේ ඔබේ ආදර සම්බන්ධතා තුළත් ඇසනවාද? එසේනම් ඔබේ සම්බන්ධතාවය ගැන නැවත සිතා බැලීමට කාලයයි.
ඔබව පහත් කරන, ඔබට ලැජ්ජා සිතෙන හෝ බිය ගෙන දෙන මෙවැනි කතා ඇහෙනවා නම් එතන තියෙන්නේ ආදරයක් නම් නෙවෙයි.
ඔබේ මිතුරන් සහ පවුලේ අයගෙන් ඈත් කිරීමට ඔබේ සහකරුවා හෝ සහකාරිය උත්සහ ගන්නේ ඒ ගැන ඒ ගැන දෙසැරයක් හිතන්න.
ඔබේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමට බල කරනවා නම් ඒ සම්බනධතාවයෙන් වහාම ඉවත් වන්න. අවශ්‍ය නම් විශ්වසනීය වැඩිහිටියෙකු සමග සාකච්ඡා කර අහිතකර සම්බන්ධතාවයෙන් මිදීමට සහය ලබා ගන්න.
සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යාම සදහා අපිට කුසලතා රැසක් අවශ්‍ය වනවා.
විවෘත, අවංක සහ ගෞරවනීය විදියට එකිනෙකා සහ කත බහ කිරීම ඉතාමත් වැදගත්. හොදින් ඇහුම්කන් දීම, ඔබේ සිතුවිලි සහ හැඟීම් පැහැදිලිව ප්‍රකාශ කිරීම වගේම ඔබේ සහකරුගේ/සහකාරියගේ අදහස්වලට හිත නොරිද්දවා කතා කිරීම ඇතුළත්.
සහකරු සමග තමන් කැමති දේවල්, ආශාවන් වගේම තමන් අකමැති දේවල් ගැනද කතා බහ කරන්න. මෙවැනි සාකච්ඡාක් තුළින් එක්නෙකාගේ සීමාවන් හදුනා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස ඔබේ පෞද්ගලික සීමාවන් මොනවාදැයි පැහැදිළිව ප්‍රකාශ කරන්න. “මම නිරුවත් ෆොටෝ එවන්න කැමැති නැහැ”, “මම ආසයි වැව රවුමේ ඔයත් එක්ක ඇවිදගෙන යන්න”, මගේ ෆෝන් එක බලන්න කාටවත් දෙන්න මම කැමති නැහැ”
සම්බන්ධතාවයක් තුළ ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. අපි කළ යුතු වන්නේ ඒවා සාමකාමීව විසඳාගැනීමයි. දොස් පැවරීමට වඩා එකගතාවය, සහකම්පනය සහ අවබෝධය තුළින් ගැටුම් විසදා ගැනීමට ඉගෙන ගැනීමෙන් අපේ සම්බන්ධතා සතුටුදායක කර ගැනීමට අපිට පුළුවන්. සාමකාමීව ගැටුම් විසදා ගැනීම සදහා කේන්තිය පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. කේන්තිය පාලනය කර ගැනීම පිළිබද දැන ගැනීමට මේ දිගුවට යන්න.
වගකීම් බෙදාහදා ගැනීම, හවුලේ තීරණ ගැනීම සහ එකිනෙකාගේ අදහස් සහ අවශ්‍යතා අගය කිරීම මගින් සම්බන්ධතාවයක් තුළ සමානාත්මතාවය තහවුරු කර ගැනීමට අපිට පුළුවන්. අනෝන්‍ය ගෞරවය යහපත් සබඳතාවයකට අත්‍යවශ්‍ය බව මතකතබා ගනිමු.
සිය සහකරුගේ/සහකාරියගේ අධ්‍යාපනික සහ රැකියා ඉලක්ක කරා යාම සදහා සහය දෙන්න. ඔවුන්ගේ බලාපොරොත්තු සාක්ෂ්‍යාත් කර ගැනීම සදහා ධෛර්යමත් කරන්න.
නිතර විවෘතව කතා බහ කරන්න. උදාහරණයක් ලෙස ඔබ හමුවීමට එකග වූ වෙලාවට වඩා ප්‍රමාද වනවානම් ඒ පිළිබද දැනුම් දෙන්න. අනෝන්‍ය විශ්වාසය පළුදු වන ක්‍රියා නොකිරීමෙන් සම්බන්ධතාවය තවත් ශක්තිමත් වනවා.
දෙදෙනාම කැමති විනෝදාංශවල නිරත වන්න. උදාහරණයක් ලෙස ඔබ චිත්‍රපටයක් නැරඹීමට යන්වානම්, දෙදෙනාම කැමති චිත්‍රපටයක් තෝරා ගන්න. කෑමට යනවානම් දෙදනොම කැමති ස්ථානයක් තෝරා ගන්න.
ඇතැම් විට ඔබේ සහකරු/ සහකාරියට අවශ්‍ය දේ ඔබට අවශ්‍ය නොවෙන්ට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබේ සහකාරියට පුරාවිද්‍යා ප්‍රදර්ශනයක් බැලීමට අවශ්‍ය වී තිබෙනවා යැයි සිතන්න. ඔබට එය නැරඹීමට උනන්දුවක් නැහැ. නමුත් මෙවැනි අවස්ථාවලදී සහකාරිය/ සහකරුට සහය දීමෙන් ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කර ගන්න පුළුවන්. එකම දේ කිරීමට දෙදෙනාම කැමති නොවන අවස්ථාද තිබෙන්නට පුළුවන්. එවැනි අවස්ථා ලදී ගැටළු නිරාකරණය කරමින් එකිනෙකාගේ අවශ්‍යතාවයට ගරු කරමින් කටයුතු කරන්න.
එකිනෙකාගේ හැගීම් සහ අදහස් වලට උනන්දුවෙන් සවන් දෙන්න. අභියෝගාත්මක කාල වලදී සහය ලබා දෙන්න. “ඔයා බය වෙන්න එපා, ඔයා විභාගය පාස් වෙනවා කියලා මට විශ්වාසයි” වැනි දේ කියමින් ධෛර්යමත් කරන්න.
ආදර සබදතාවල ස්වභාවය කාලයත් සමඟ වෙනස් වනවා. උදාහරණයක් වශෙයන් ඔබේ සහකරු/සහකාරිය නව රැකියාවක් සදහා යනවා නම් දෙදෙනාට එක්ව ගත කිරීමට තිබෙන කාලය අඩු වෙනවා. එක්ව ගත කරන සුළු කාලය සතුටින් ගත කිරීමට උත්සහ ගන්න.
උදාහරණයක් ලෙස
“වැඩ පොළේ ගෑණු ළමයි එක්ක කතාවට එහෙම එන්න එපා” ඔෆ්ස් එකේ කොල්ලොත් එක්ක කතා කරලා මට අහු වෙන්න එපා” වැනි දේවල් කීමෙන් ඔබේ සම්බන්ධතාවය පළුදු වීමට පුළුවන්.
ඔබව පහත් කරන, ඔබට ලැජ්ජා සිතෙන හෝ බිය ගෙන දෙන ලෙස සහකරු හෝ සහකාරිය හැසිරෙනවානම් එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි.
ඔබේ මිතුරන් සහ පවුලේ අයගෙන් ඈත් කිරීමට ඔබේ සහකරුවා හෝ සහකාරිය උත්සහ ගන්නේ නම් ඒ ගැන දෙසැරයක් හිතන්න.
ඔබේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමට බල කරනවා නම් ඒ සම්බනධතාවයෙන් වහාම ඉවත් වන්න. අවශ්‍ය නම් විශ්වසනීය වැඩිහිටියෙකු සමග සාකච්ඡා කර අහිතකර සම්බන්ධතාවයෙන් මිදීමට සහය ලබා ගන්න.
අහිතකර සබඳතාවයක් යනු එක් සහකරුවෙකුගේ හෝ සියලුම සහකරුවන්ගේ හෝ යහපැවැත්මට හානිකර, ගෞරවයෙන් තොර සබඳතාවයකි.
ශාරීරික, චිත්තවේගීය හෝ ලිංගික අපයෝජනය අහිතකර සබඳතාවයක දක්න්න පුළුවන් ප්ධානම ලක්ෂණයක්. ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය, එය වාචික, ශාරීරික, මූල්‍යමය හෝ චිත්තවේගීය හෝ වේවා, එය කිසිසේත්ම පිළිගත නොහැකි බව මුළින්ම අපි මතක තබා ගත යුතුයි.
යහපත් සන්නිවේදනයක් නොමැතිකම එවැනි සම්බන්ධතාවයක ලක්ෂණයක්. අයහපත් සම්බන්ධතාවයකදී සහකරුවන්/ සහකාරියන් ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකිව විදවන අතර ඔවුන්ව හෑල්ලුවට ලක් කිරීම, විවිධ නම් කීම හෝ ඔවුන්ගේ සීමා මායිම් නොසැලකීම වැනි අගෞරවනීය හැසිරීම් තිබෙනවා.
පාලනය සහ හැසිරවීම අහිතකර සබඳතාවයක තවත් ලක්ෂණයක්. සහකරුවන්ගේ/ සහකාරීයන්ගේ සමාජ සබඳතාවන් හෝ ඔවුන්ගේ තීරණ පාලනය කිරීමට උත්සාහ කරනවා. පුද්ගලික නිදහසට බාධා කරනවා.මිතුරන් සහ පවුලේ අයගෙන් හුදකලා කිරීමට තැත් කිරීම එයට උදාහරණයක්. ඊර්ෂ්‍යාව සහ සහකරුවා/ සහකාරිය තමන්ට අයත් වස්තුවක් (බඩුවක්) ලෙස සැලකීම ද අහිතකර සම්බන්ධතාවයක ලක්ෂණයක්.
වංකකම සහ විශ්වාසය කඩ කිරීම යහපත් සබඳතාවයක පදනමට හානි කරන තවත් දෙයක්.
සබඳතාවයක් අවසන් කිරීම අසීරු සහ අභියෝගාත්මක තීරණයක්. ඔබට සම්බන්ධතාවයක් අවසන් කිරීමට අවශ්ය නමු එය පැහැදිළිව ප්කාශ කිරීම ඉතාම වැදගත්.
සම්බන්ධතාවය අවසන් කිරීමේදී දෙදෙනාටම ඇති වන වේදනාව, දුක, හුදලකාව වැනි හැගීම් අවම කර ගැනීම සදහා පහතින් දැක්වෙන දේවල් අනුගමනය කළ හැකියි.
01. සම්බන්ධතාවය අවසන් කිරීමට හේතු පිළිබඳව අවංක වන්න.
උදාහරණ - “මම වෙන කෙනෙක්ට ආදරෙයි” “මට තනියම ඉන්න ඕනේ” “ගෙදරින් කැමති නැති නිසා මට සම්බන්ධය නවත්තන්න ඕනේ”
02. ඔබේ සහකරුගේ/ සහකාරියගේ හැඟීම් ගැන සහකම්පනය සහ සංවේදීතාව පෙන්වන්න.
උදාහරණ - “ඔයා මට ගොඩක් ආදරෙයි කියලා මම දන්නවා” “ඔයාට දුකයි කියලා මම දන්නවා” “ඔයාගේ හුගාක් හොද ගතිගුණ තියෙනවා”
03. දොස් තැබීම් සහ චෝදනාවලින් වළකින්න. ඔබේ සහකරුට දොස් පවරනවාට වඩා ඔබට හැඟෙන ආකාරය පැහැදිළිව ප්කාශ කරන්න.
සහකරුගෙන් එල්ල වන හිංසනය නිසා වෙන් වීමට තීරණය කර තිබෙනවා නම් නම් කතා කර කර ඉදීම අවශ් වන්නේ නැහැ. හැකි ඉක්මනින් ඔබට ආරක්ෂිත ස්ථානයකට යන්න.
සබඳතා සහය සහ උපදේශන සපයන ශ්‍රී ලංකාවේ සේවා සපයන්නන් කිහිපයක් මෙන්න:
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPASL): පවුල් සැලසුම්, ලිංගික සෞඛ්‍යය, සහ සබඳතා ගැටලු පිළිබඳ උපදේශන සපයයි (https://www.fpasrilanka.org/si)
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ: සබඳතා ගැටලු ඇතුළු විවිධ ජීවන අභියෝගවලට මුහුණ දෙන පුද්ගලයන් සඳහා චිත්තවේගීය සහය සහ උපදේශන සේවා සපයයි. (https://srilankasumithrayo.lk/)
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය: සබඳතා උපදේශනය ඇතුළුව උපදේශන සහ මානසික සෞඛ්‍ය සේවා පිරිනමයි. (https://nimh.health.gov.lk/si/)
ශ්‍රී ලංකා මනෝවිද්‍යා සංගමය: සබඳතා උපදේශන සේවා ලබා දිය හැකි ලියාපදිංචි මනෝවිද්‍යාඥයින්ගේ නාමාවලියක් සපයයි.
Women in Need: ගෘහස්ථ හිංසනය සහ සබඳතා ගැටලු අත්විඳින කාන්තාවන් සඳහා සහාය සහ උපදේශනය සපයයි. (https://www.winsl.net/)
මෙම ලැයිස්තුව පරිපූර්ණ නොවන බව කරුණාවෙන් සලකන්න. ඔවුන්ගේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර සහ අදාළ විය හැකි ගාස්තු ආදිය පිළිබඳව විමසීමට මෙම ආයතන සෘජුවම සම්බන්ධ කරගන්න. මීට අමතරව, ඔබ තෝරා ගන්නා සේවා සපයන්නා කීර්තිමත් බවත් පුහුණු වෘත්තිකයන් සේවයේ යොදවන බවත් සහතික කර ගන්න.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත්...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්....
සම්බන්ධතා
Things to Read
නව යොවුන් වියේදී ආදර සම්බන්ධතා ඇති වීම සාමාන්‍යයි. මේ කාලෙය්දී ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු වෙත ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි....
සම්බන්ධතා
Things to Read
අන්තර්ජාලය හරහා සිදු වන ලිංගික සූරාකීම හදුනා ගනිමු
සම්බන්ධතා
Things to Read
අන්තර්ජාලය අපි කාටත් නැතිවම බැරි දෙයක්. සම්බන්ධතා ගොඩනගා ගැනීමට, එවා පවත්වා ගැනීමට, අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමට, විනෝදාස්වාදය සදහා වැනි බොහෝ...