සංක්‍රාන්ති සමාජභාවය

සමාජභාවය යනු අපගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමාජෙයන් අපට ලබාදෙන භූමිකා සහ බලාපොරොත්තුයි. යෝනියන් තියෙනවානම් ස්ත්‍රී සමාජභාවයක් තිබිය යුතුයි එසේතු නැත්නම් ශිෂ්ණයක් තිබෙනවා නම් පිරිමි සමාජභාවයක් තිබිය යුතුයි යන සාම්ප්‍රදායික අදහස අභියෝගයට ලක් කරමින් සමාජභාවය, උපතේදී තිබෙන ලිංගික අවයව වලට සම්බන්ධයක් නැති බව ඇතැමුන් පෙන්වා දෙනවා.
පුද්ගලයෙකුට උපතේදී ලැබුණු ලිංගික අවයව වලට ගලපා සමාජයෙන් ලබා දෙන සමාජභාවය තමන්ට ගැලපෙන්නේ නැති බව දැනෙන පුද්ගලයන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ලෙස හදුන්නවා.
ලිංගික අවයව ශිෂ්ණයක් සහ වෘෂණ සහිතව පිහිටීම නිසා පුරුෂ ලෙස ලිංගිකව හදුනාගත් පුද්ගලයෙකුට, මානසිකව තමන් ස්ත්‍රියක් ලෙස දැනිය හැකි අතර, ස්ත්‍රියක් ලෙස ඇදුම් ඇදීමට හා විලාසිතා කිරීමට, එලෙස ජීවත් වීමට කැමැති විය හැකියි. ඔවුන් සංක්‍රාන්ති සමාජභාවිය ස්ත්‍රීන් ලෙස හදුන්වනවා. මෙය සංක්‍රාන්ති පුරුෂයින්ට ද එක සේ අදාළය.

“සංක්‍රාන්ති සමාජභාවී” යන යෙදුම භාවිතා කරන්නේ කෙසේද?

නාම විශේෂණයකි: සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු | සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් | සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන් ආදී වශයෙන් හැදින්විය හැකියි. සංක්‍රාන්ති පුද්ගලෙයකු ලෙසද හැදින්විය හැකියි.

TG කෙනෙකු | සංක්‍රාන්තියෙක් වැනි වචන වලින් ගෞරවය හැඟවෙන්නේ නැහැ.

තමන්ට උපතේදී ලැබුණු ලිංගික අවයව පදනම් කර ගෙන ලැබුණු සමාජභාවය (ස්ත්‍ර පුරුෂ යනුවෙන්) තමන්ට ගැලපෙන්නේ නැති බව දැනෙන පුද්ගලයන් සිටිනවා.

එනම්, පුරුෂ ලිංගික අවයව සමග උපත ලබා තිබුණත් තමන් ගැහැණු කෙනෙක් බව හැගෙන පුද්ගලයන් සිටින්නට පුළුවන්. ස්ත්‍රී ලිංගික අවයව සමග උපත ලබා තිබුණත් තමන් පිරිමි කෙනෙක් බව හැගෙන පුද්ගලයන් සිටින්නට පුළුවන්.

ඔවුන් තමන්ට දැනෙන ආකාරය අනුව අදින පළදින සහ සමාජයේ හැසිරෙන විදිය මෙන්ම අවයවද වෙනස් කර ගන්නා අවස්ථා තිබෙනවා.

නමුත් ස්ත්‍රී පුරුෂ ලෙස හදුනා නොගෙන, සංක්‍රාන්ති ලෙස පමණක් හදුන්වාගන්නා පුද්ගලයන් සිටිනවා. මොවුන් ස්ත්‍රී පුරුෂ යන්න වෙනුවට තමන්ව හැදින්වීමට ‘ඔවුන්’ යන්න ඒක වචනයක් භාවිත කරනවා.

සංක්‍රාන්ති ක්‍රියාවලිය යනු කුමක්ද?

සංක්‍රාන්ති ක්‍රියාවලිය තරමක් සංකීර්ණ වන අතර, එය එක් සමාජභාවයක සිට තවත් සමාජභාවයක මාරු වීමේ ක්‍රියාවලිය ලෙස සරලව පෙන්වා දෙන්න පුළුවන්.

එවැනි පුද්ගලයන්ට ජාතික හැදුනුම්පත වැනි නෛතික ලියකියවිලි වෙනස් කර ගැනීමටද ශ්‍රී ලංකා රජයෙන් පහසුකම් සලසා තිබෙනවා. ඇතැම් රෝහල් වල අවයව වෙනස් කරන ශෛල්‍යකර්මද සිදු කරනවා.

සියලුම සංක්‍රාන්ති පුද්ගලයින් ශාරීරික සංක්‍රාන්තියක් සිදු කර ගන්නේ නැහැ. එයට ඔවුන් සතු ආර්ථික තත්ත්වය, පවුලේ සහයෝගය වගේම ස්ත්‍රී සහ පුරුෂ වන ද්වීමය හදුනාගැනීම ප්‍රතික්ෂේප කිරීම ආදී විවිධ හේතු බලපානවා.

ඔබට සංක්‍රාන්ති ප්‍රජාව ගැන වැඩි දුර දැන ගැනීමට අවශ්‍ය නම් ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලය සමග සම්බන්ධ විය හැකියි.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්