:
නව යොවුන් වියේදී ආදර සම්බන්ධතා ඇති වීම සාමාන්‍යයි. මේ කාලෙය්දී ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු වෙත ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි.
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත් බැඳීමක්.
විවෘත, සහකම්පනය පදනම් කර ගත් සන්නිවේදනය යහපත් සබඳතාවයක පදනමයි; සහකරුවන්ට / සහකාරියන්ට ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් සහ අවශ්‍යතා විවෘතව හා අවංකව කතා කරන්නට ඉඩ තිබෙනවා නම් එය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගනවා.
ඕනෑම සමාජයක, ජීවත් වන පුද්ගලයන් විවිධාකාර මිනිස් සබඳතා රාශියකට හිමිකම් කියනවා.. පවුලේ සාමාජිකයන්, මිතුරන්, වැඩපළේ එකට සේවය කරන්නන්, අසල්වාසීන්, පෙම්වතා හෝ පෙම්වතිය, ගුරුවරු, පන්තියේ සිසු සිසුවියන් යනාදී වශයෙන් විවිධ වූ අය සමග විවිධ මට්ටමේ සබඳතා පැවැත්වීම ස්වභාවිකයි. පුද්ගල සම්බන්ධතා ස්වභාවයෙන් එකිනෙකට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස එක් එක් සම්බන්ධතාවේ ස්වභාවය මත පුද්ගලයන් අතර තහවුරු කරගන්නා විශ්වාසය, විවෘත බව, කතාබහ කරන දේවල්, සමීප බව, බල සම්බන්ධතාවය, ගෞරවය, සෙනෙහස වැනි දේ වෙනස් වනවා.
ඇතැම්විට මිනිස් සබඳතා හටගන්නේ, අදාළ පුද්ගලයන් අතර යම් පොදු කාරණයක් (හෝ කාරණා) පවතින විටයි. එකම පාරේ වෙසෙන අසල්වාසීන්, එක පන්තියේ මිතුරු මිතුරියන් වැඩපළේ සේවය කරන්නන්, සමිති සමාගමක සාමාජිකයින්, පල්ලියේ,පන්සලේ රැස්වන බැතිමතුන්, එකම සමාජ අවකාශ වෙබ් අඩවියක් භාවිතා කරන්නන්මීට නිදසුන් කිහිපයක්.
කෙනෙකුට, තම පවුලේ අය, ඥාතීන්, සමීප මිතුරු මිතුරියන් කෙරෙහි සෙනෙහස දැනෙන්නට පුළුවන්. එමෙන්ම, තම සහකරුවා හෝ සහකාරිය, බිරිඳ හෝ සැමියා
කෙරෙහි සෙනෙහස ඇතිවෙන්න පුළුවන්.
සෙනෙහස නැත්නම් ආදරය කියන්නේ සංකීර්ණ චිත්තවේග ඇති කරවන ප්‍රබල හැඟීමක්. සම්බන්ධතාවයක්, රොමාන්තික වන්නේ, බොහෝ විට සමීපබව හා කැපවීම යන හැඟීම් ඊට ඇතුළත් වූ විටයි. කෙනෙක් හා පෙමින් බැඳීම ඒක පාර්ශවික අත්දැකීමක් වෙන්න පුළුවන්. ඔබට දැනෙන දේ අනෙකාට ඔබ කෙරෙහි පෙරලා
නොදැනෙන්න ඉඩ තිබෙනවා.
ඕනෑම කෙනෙක් හට ආදර හැඟීම් පහල වෙන්න පුළුවන්. වැඩිහිටි, යෞවන මේ ඕනෑම කෙනෙකු හට ආදර හැඟීම් පහළ විය හැකියි. කෙනෙකුගේ ජීවිත කාලය තුළ
එක්වරක්, එක්වරකට වඩා කීප සැරයක් වුවත් ආදර හැඟීම් පහළ වීම ස්වභාවිකයි.විවිධ සන්දර්භයන් තුළ, ‘රොමාන්තික ප්‍රේමය’ සහ ‘ආදරය’ ගැන පවතින අදහස්
එකිනෙකට වෙනස් වෙන්නට පුළුවන්. ආදරය යනු කුමක්ද? ආදරය කළ යුත්තේ,නොකළ යුත්තේ කවර අයටද?, ආදරය ප්‍රකාශ කළ යුත්තේ හා නොකළ යුත්තේ
කෙසේද? යනාදිය පිළිබඳව අපට අපේ සංස්කෘතියෙන් නිතරම පණිවුඩ ලැබෙනවා.
සමාජභාවය මත පදනම් වූ ඒකාකෘති නිර්මාණයට වගකිව යුතු
ප්‍රධාන මූලයක් ලෙස මාධ්‍ය හැඳින්විය හැකියි. රොමාන්තික ප්‍රේමය මෙන්ම
සෙනෙහස පිළිබඳව අප දරණ අදහස් වල මාධ්‍යයේ ආභාෂය පැහැදිලිව දැකගන්න පුළුවන්. රූපවාහිනිය, චිත්‍රපට, පුවත්පත්, නවකතා හා අන්තර්ජාලය විසින් ‘ආදරය’
පිළිබඳව යථාරූපී නොවන බලාපොරොත්තු ගොන්නක් අප තුළට කාවද්දනවා.
මේ යථාරූපී නොවන බලාපොරොත්තු තුළින් අප තුළ ඇතිකරවන්නේ, නියම
ආදරය නම්, ‘සුරංගනා කතා වල හමුවන ආදරය’ අදහසයි. නමුත් සැබෑ ලෝකයේ දී ආදරය සුරංගනා කතා වල මෙන් හැම විටම ජීවිත කාලයට පුරාවටම පවතින්නේ නැහැ.
ඔබ නරඹන ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ කියවන පොත් පත් වලත් මෙවැනි සදාතනික ආදරය ගැන කතා තිබෙන්නට පුළුවන්. ඒවා කෙතරම් යථාර්තවාදී දැයි ඔබම සිතා බලන්න.
යෞවන, යෞවනියන් ලෙස, අප අපේ ක්‍රියාකලාපය හැඩගස්වාගත යුත්තේ, අප තුළටම හැරී බලා අපට නිවැරදියි යැයි දැනෙන, අප තුළ ඇති සාරධර්ම හා සදාචාර වලට අනුකූලව මිසක මාධ් වල පෙන්වන ආකාරයට නොවේ.
නව යොවුන් වියේදී ආදර සම්බන්ධතා ඇතිවීම මෙන්ම ලිංගික හැගීම් ඇතිවීම ස්වභාවිකයි. ‘ආදරය’ ඉතාම සංකීර්ණ හැගීමක් වන අතර ඒ සමග මතු වන තවත් බෙහෝ හැගීම් තිබෙනවා.
සතුට, වේදනාව, තෘප්තිය, ඊර්ෂ්‍යාව, තනිකම වැනි බෙහෝ හැගීම් ආදරය සමග අප වෙන එනවා. ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ හැගීම් ධනාත්මකව හසුරවමින් ඔබේ අධ්‍යාපනයට සහ සමාජ ආර්ථික ජීවිතයට හානියක් නොවන අයුරින් නව යොවුන් විය අත්දැකීමට ඔබ සූදානම්ද යන්නයි.
ලිංගික හැගීම් ලිංගික හැසීරීම් දක්වා ගෙන යනවානම්, එය ආරක්ෂිතව සහ වගකීම් සහගතව සිදු කළයුතුයි.
අනාරකක්ෂිත ලිංගික ඇසුරෙන් අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදව වගේම මානසික පීඩනයක්ද ඇති විය හැකියි.
ආරක්ෂිත ලිංගික හැසිරීමක් යනුවෙන් හැදින්විය හැක්කේ දෙදෙනා අතර අනෝන්‍ය අවබෝධයකින් සහ කැමැත්ත ඇතිව සිදුවන, අනවශ්‍ය ගැබ් ගැනීමක් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් සදහා ඉඩක් නැති, කායික සහ මානසික බැදීමක්.
ආදරය, විශ්වාසය ඔප්පු කිරීමට ලිංගිකව හැසිරීම අනිවාර්ය වන්නේ නැහැ. ලිංගික හැසිරීමක් ප්‍රතික්ෂේප කිරීමට නව යොවුන් ප්‍රජාවට බොහෝ හේතු තිබෙන්නට පුළුවන්.
උදා:-
● ලිංගික සබඳතා පැවැත්වීම ඔවුන්ගේ ජීවිතයෙහි ප්‍රමුඛතාවයක් (priority) නොවන බැවින් ලිංගික සබඳතාවක යෙදීමට තමන් ළාබාල වැඩියැයි සිතන නිසා
● ලිංගික සබඳතාවක් පැවැත්වීමෙන් ආදර සම්බන්ධතාවක තිබිය යුතු ගෞරවය නැති වේ යැයි සිතන නිසා
● අපහසු හැඟීමක් ඇති වන නිසා
● ගැබ් ගැනීමක් සිදුවේ යැයි බිය නිසා
● එච්.අයි.වී. හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන වෙනත් ආසාදනයක් වැළඳේයැයි බිය නිසා
● සමාජ තත්ත්වයට හානි වේයැයි සිතන නිසා
● ලිංගික සබඳතා පැවැත්වීමට විවාහ වන තෙක් සිටින්නැයි ඔවුන්ගේ ආගම, දෙමාපියන් හෝ ප්‍රජාව විසින් ඔවුන්ට බල කරන නිසා
● තමන් ජීවත්වන ආගමික සමාජයීය පරිසරයේ සමාජ සම්මතයන් අනුව විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීමට තමන් සූදානම් නොමැති නිසා
● ගැබ් ගැනීමක් හෝ ලිංගිකව බෝ වන ආසාදන වළක්වා ගැනීම සඳහා ඇති සේවාවන් ලබා ගැනීමට අපහසු යැයි සිතන නිසා
● තමන් ලිංගික ඇසුරකට සූදානම් නොමැති නිසා
● අනපේක්ෂිත ගැබ් ගැනීමක් ඇති වුවොත් එයින් තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවීමට ඉඩ ඇති නිසා
ලිංගික ක්‍රියාකාරකම්වල මූලික අරමුණු දෙකක් ඇත. එනම්, තෘප්තිය සහ ප්‍රජනනයයි.
පිරිමි අයගේ ප්‍රජනනය සහ ලිංගික තෘප්තියට අදාළ ඉන්ද්රියයන් වන්නේ ශිෂ්ණය සහ වෘෂණයි. එසේම ගැහැණු අයගේ යෝනි මාර්ගය වැනි ලිංගික සහ ප්‍රජනන අවයව තෘප්තිය සහ ප්‍රජනන කාර්යයන්වලට සම්බන්ධ වේ.
මොළය මගින් මනෝ භාවයන් ක්‍රියාත්මක කරන අතර, හැඟීම් සහ ලිංගික සහ ප්‍රජනන කාර්යයන්වලට බලපාන හෝර්මෝන වර්ග නිකුත් වීමට සළස්වයි. අපේ සිරුරේ විශාලතම මෙන්ම වඩාත්ම ප්‍රබල ලිංගික අවයවය මොළය බව සමහරුන්ගේ අදහසයි.
ලිංගික ක්‍රියාකාරකම්වල ධනාත්මක පැත්ත ගැන කතා කරන අතරම, අහිතකර ප්‍රතිවිපාක මග හරවාගන්නා අයුරුද දැන ගැනීම වැදගත් ය. අපගේ ප්‍රජනන සහ ලිංගික අවයව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සඳහා එම දැනුම අවශ්‍ය වේ.
ලිංගික ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිවිපාක කිහිපයක් නම්: -
● HIV සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැලදීමේ අවදානම
● අඩුවයස් ගැබ් ගැනීම්
● තමා වරදක් කළා යැයි හැගීම නිසා ඇතිවන මාසික පීඩනය
● තමන්ගේ ලිංගික දර්ශන ලීක් වීම
තරුණ තරුණියන් ලිංගික සබඳතාවක් පැවැත්වීමට තීරණය කිරීම සඳහා බලපාන හේතු රැසක් ඇති බව හඳුනාගත යුතුයි:
● තමන්ට ලිංගිකත්වය අත්දැකීමට අවශ් නිසා
● ලිංගික සතුට ලැබීමට කැමති නිසා
● සම වයස් කාණ්ඩවල බලපෑම
● ආදර සබඳතා - සහකරුගේ බලපෑම
● සහකරුවන් අතර ඇතිවන එකඟතා
● මාධ්‍ය වල බලපෑම (රූපවාහිනිය, චිත්‍රපට, සංගීතය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, ආදිය)
● ලිංගික දර්ශන බෑලීමෙන් බැලීමෙන් ලිංගික හැගීම් ඇති වීම
● කුතුහලය සහ නව අත්දැකීම් ලැබීමට ඇති කැමැත්ත
● ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම්
● මද්‍යසාර සහ මත් ද්‍රව්‍ය භාවිත කළ විට ලිංගිකව හැසිරිම් වලට යා යුතු යැයි විශ්වාස කිරීම
● මානසික සහනයක් සෙවීමට
ලිංගික සම්බන්ධතා පිළිබඳ තීරණ ගත යුත්තේ දෙදෙනා එක්වයි. දෙදෙනාගේම අවශ්‍යතා සහ බලාපොරොත්තු මෙම තීරණවලින් පිළබිඹු විය යුතුයි. ලිංගිකව ක්‍රියාකාරී වීමට ඔබේ සහකරු/ සහකාරිය අකැමති නම් එම තීරණය ගරු කිරීම වැදගත් වනවා. එසේම, ලිංගිකව ක්‍රියාකාරී වීමට අප අකැමති නම් අපේ එම තීරණයට අනෙක් අය ගරු කළ යුතු බව වටහා ගැනීම ඉතා වැදගත් ය.
ලිංගික ක්‍රියාකාරී වීමට දෙදෙනාම කැමති නම් එම තීරණය හා බැඳුණු වගකීම් රැසක් තිබෙනවා. එසේම එහි ප්‍රතිවිපාක ද ඇති බව මතක තබා ගත යුතුයි. ලිංගික ක්‍රියාකාරකම් හැකිතාක් ආරක්ෂිතව සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක්.
කිසියම් කෙනෙකු මත් වී ඇති අවස්ථාවක ලිංගික කාර්යයේ යෙදීම සඳහා කැමැත්ත දී හෝ ලබාගැනීම කළ නොහැකි බව මතක තබා ගන්න.
එසේම, කැමැත්ත ඔබට වාසි අයුරින් අර්ථ කථනය කිරීමට උත්සාහ නොකරන්න. නිදසුනක් ලෙස, කෙනෙකු අඳින පළඳින ආකාරය එම පුද්ගලයාට ලිංගික සබඳතාවක් පැවැත්වීමට අවශ්‍ය බවට දෙන සංඥාවක් නොවේ. අවසන් වශයෙන්, “කැමතියි” හෝ “හා” යනුවෙන් වචනයෙන් කැමැත්ත පළ නොකරන්නේ නම් ඉන් අදහස් වන්නේ “බැහැ” හෝ “කැමති නැහැ”යන්නයි. ‘කැමැත්ත’ ගැන වැඩි දුර කියවීමට මේ කොටසට යන්න.
ඔබ දන්නවාද? ශ්‍රී ලංකාවේ ලිංගික ඇසුරකට කැමැත්ත පළ කළ හැකි වන්නේ වයස අවුරුදු 16 සම්පූර්ණ කළ පසු බව?
අවුරුදු 16ට අඩු ගැහැණු දරුවෙකු සමග ලිංගිකව හැසිරීම ව්‍යාවස්ථාපිත ලිංගික බලහත්කාරකමක් ලෙස හැදින්වෙනවා. අවුරුදු 16ට අඩු කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අනිත් පුද්ගලයා නීතිය ඉදිරියෙහි වරදකරුවකු විය හැකි බව මතක තබාගන්න.
පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීම බරපල ලිංගික අපරාධයක් ලෙස හැදින්වෙන අතර වැඩිහිටි පිරිමියෙකු මෙන්ම වැඩිහිටි ස්ත්‍රියක්ද වරදකරු විය හැකියි.
ආදර සම්බන්ධතාවයක් නිසා ඔබේ සිතට වේදනාවක්, කණස්සල්ලක් ඇති වී ඇත් නම් ඒ පිළිබද විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කරන්න.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත්...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්....