
ආදර හසුනක් ලිවීමට සීමා වී තිබුණ යොවුන් වියේ ආදරය නූතන ලෝකයේදී බෙහෝ විට සිදු වන්නේ ස්මාර්ට් දුරකතනය හරහායි. උදාහරණයක් ලෙස, ස්මාට් දුරකතනය හරහා ආදරය සහ විශ්වාස ඔප්පු කිරීමට තමන්ගේ නිරුවත් ඡායාරූප පෙම්වතුන්ට යැවීම සිදුවනවා. නමුත් තමන් ආදරය කරන කෙනාට විශ්වාසයෙන් යවන මේ ඡායාරූප පිටස්තර පුද්ගලයන්ගේ අතට හසු වන අවස්ථා බෙහෝ තිබෙනවා. එමෙන්ම, ආදර සම්බන්ධතාවය බිද වැටුණු විට මේ ඡායාරූප යොදා ගෙන බිය වැද්දවීම, ලැජ්ජා කිරීම වගේම මුදල් ඉල්ලා තර්ජනය කිරීමද බහුලව සිදු වනවා. ඒ නිසා අන්තර්ජාලය තුළ ආදර සම්බන්ධතා හසුරවන්නේ කෙසේද යන්න පිළිබදව දැන ගෙන සිටීම වැදගත්.
අන්තර්ජාල හරහා සිදු කරන හිරිහැර සහ දාමරික කම්, අවමාන තර්ජන, කොන් කිරීම, වෙනස් කොට සැලකීම, බල කිරීම එවැනි ඕනෑම ආකාරයකින් චිත්වේගාත්මක, මානසික, ශාරීරික සහ අධ්‍යාත්මික යහපැවැත්ම අතින් වේදනාවට පත් කිරීම සයිබර් සූරාකෑම නමින් හැදින්වෙනවා. මේවා ලිංගිකමය ස්වරූපයක් ගන්නා විට එවැනි සිදුවීම් හදුන්වන්නේ සයිබර් ලිංගික සූරාකෑම් ලෙසයි.
බහුලව සිදු වන හිංසන ආකාර කිහිපයක් පහතින් දැක්වෙනවා.
ලිංගිකමය පණිවුඩ අන්තර්ජාලය යොදා ගනිමින් හුවමාරු කර ගැනීම සෙකස්ටිං යනුවෙන් හැදින්වේ. ලිංගිකමය දර්ශන ඇතුළත් ඡායාරූප, වීඩියෝ පට, ස්වකීය ලිංගික අවයව වල ඡායාරූප සහ ලිංගික හැසිරීම් සදහා පොළඹවන කතාන්තර ආදිය මේ ගණයට ඇතුළත් වේ. මෙම පණිවුඩ ඇතැම් විට ලබන්නාගේ කැමැත්ත නැතිව වුවද සිදු විය හැකියි.
ලබන්නාගේ කැමැත්ත නැතිව යවන මෙවැනි පණිවුඩ සහ බල කිරීම මගින් ලබා ගන්නා සෙක්ස්ටිං පණිවුඩද සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ ආකාරයක්.
දෙනොගේ කැමැත්ත ඇතිව හුවමාරු කර ගන්නා එවැනි සෙක්ස්ටිං පණිවුඩද සම්බන්ධාතවක් බිදී යාමෙන් පසු එක් පාර්ශවයක් විසින් අන්තර්ජාලයට මුදා හැරීම හෝ මිතුරන් අතරේ කෙටි පණිවුඩ මෘදුකාංග ඔස්සේ බොදා හැරීම සයිබර් හිංසනයේ තවත් ආකාරයක්.
ආදර සම්බන්ධතා තුළ සිටින ළබැදි සහකරුවන් සිය පෞද්ගලික ඡායාරූප ( ලිංගික අවයව සහ ස්වය වින්දනයේ යෙදෙන ආකාරය වැනි ) හුවමාරු කර ගැනීම අතර ඇති භාවිතාවකි. මෙය සයිබර් සෙක්ස් යනුවෙන්ද හැදින්වෙනවා. මුහුණට මුහුණ හමු වීමට ඇති නොහැකියාව මෙන්ම, සහෘද පීඩනය, පෙම්වතාගේ හෝ පෙම්වතියේ පිළිගැනීමට සහ ආදරයට ලක්වීමට ඇති අවශ්‍යතාවය ආදී හේතු නිසා ආදරවන්තයින් මෙලෙස නිරුවත් හා ලිංගික ඡායාරූප හුවමාරු කර ගනු ලබනවා. මෙයද සෙක්ස්ටිං වල එක ආකාරයක්.
මෙසේ එකිනෙකා සමග විශ්වාසයෙන් යුතුව හුවමාරු කර ගන්නා ඡායාරූප එහි හිමිකරුවන්ට හොරෙන් එක්රැස් කර ගෙන අපහාස කිරීමේ අරමුණින් බෙදා හැරීම සහ අවමාන තර්ජන එල්ල කිරීම සයිබර් හිංසනයේ තවත් ආකාරයකි. මේ ඡායාරූප එකතු කරන පුද්ගලයන් ඒවා ජාවාරම
ලිංගික දර්ශන හොරෙන් පටිගත කර බෙදා හැරීමද බහුලව පවතින සයිබර් හිංසනය සිදුවන තවත් විදියකි. ආදර සම්බන්ධතාවයක් පවත්වන දෙදෙනෙක් අතර සිදු වන ලිංගික දර්ශන රහසිගතව පෙර සවිකළ කැමරා යොදා ගෙන පටිගත කිරීම මෙහිදී සිදු විය හැකියි.
ලිංගික හැසිරීමේ යෙදෙන පුද්ගලයන් දෙදෙනා සිය කැමැත්තෙන් එම දර්ශන පටිගත කරන අවස්ථා ද ඇත. ආදර සම්බන්ධතාවය බිදී ගිය පසු එවැනි වීඩියේ පට, එහි පෙනී සිටින අනෙක් පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව අන්තර්ජාලයට මුදා හැරීම සහ පණිවුඩ හුවමාරු මෘදුකාංග ඔස්සේ බොදා හැරීම ද සයිබර් හිංසනයකි. එසේම තුන් වන පාර්ශවයක් මෙවැනි වීඩියෝ පට හිමි කරුවන්ගේ දැනුවත්භාවයකින් තොරව ලබා ගෙන බෙදා හැරීම සහ බොදා හරිනවා යැයි අවමාන තර්ජන එල්ල කිරීම තවත් සයිබර් හිංසනයේ ආකාරයක්.
පලි ගැනීම සදහා අසභ්‍ය දර්ශන යොදා ගැනීම යනුවෙන් අදහස් වන්නේ ලබැදි සහකරුවන්/ සහකාරියන් සමග බොදා ගත් වීඩියෝ පට හෝ ඡායාරූප ඒ වීඩියෝ හෝ ඡායාරූප වල සිටින පුද්ගලයන්ගෙන් පලි ගැනීම සදහා අන්තර්ජාලය හරහා බෙදා හැරීමයි.
අන්තර්ජාලය හරහා පුද්ගලයන් සමග මිත්‍ර වී, ක්‍රම කුමයෙන් ඔවුන් ලිංගික වාසි ලබා ගැනීම සදහා පොළඹවා ගැනීම මින් අදහස් වනවා. ඔන් ලයින් ගේම්ස් සහ සමාජ ජාල මේ සදහා බහුලව භාවිතා කෙරේ. කාලයක් තිස්සේ අදහස් හුවමාරු කර ගනිමින් විශ්වාසය ගොඩ නගා ගෙන ලිංගික ක්‍රියාවන්ට පෙළඹවීම මෙහිදී සිදුවේ.
නිරුවත් ඡායාරූප ඉල්ලා සිටීම, ස්වයං වින්දනය කරන ආකාරය වීඩියෝ ගත කරන ලෙස ඉල්ලීම, එවා සජීවීව දරුශනය කරන ලෙස ඉල්ලා සිටීම ආදිය බහුලව සිදුවන පෙළඹවීම් අතර වනවා. ලිංගිකමය ක්‍රියාවන්ට පෙළඹවීම සයිබර් හිංසනයේ එක් ආකාරයක්.
මෙසේ ලබා ගන්නා ලිංගික දර්ශන සහ නිරුවත් ඡායාරූප අවමාන තර්ජන එල්ල කිරීම සදහා යොදා ගැනීම බහුලව සිදු වන තවත් සයිබර් හිංසනයක්.
කිසියම් පුද්ගලයෙකු හිංසනයට ලක් කිරීමේ අරමුණෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඕනෑම ක්‍රියාවක් මෙයට අදාල වනවා.
අපහාස කරන පණිවුඩ, වෛරී සහගත කතනය, පහත් කොට සැලකීමේ අරමුණින් යවන පණිවිඩ, වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටීම, රහස්‍ය තොරතුරු හෙලිදරවු කිරීම, අන්තර්ජාලය ඔස්සේ ලුහුබැදීම ආදිය මේ සදහා උදාහරණයි.
ඔබේ දුරකතනයේ ඇති පෙම්වතියගේ හෝ පෙම්වතාගේ පෞද්ගලික ඡායාරූප මකා දමන්න.
වට්ස් ඇප්, ඉමෝ, ස්නැප් චැටි, ටෙලිග්‍රෑම් වැනි සමාජ ජාලා හරහා පෞද්ගලික ඡායාරූප හුවමාරු වී ඇති නම් ඒ අදාල ඇප් එකෙන් එම ඡායාරූප මකා දමන්න.
ඔබේ පෙමිවතිය හෝ පෙම්වතා ඉදිරියේම ඒවා මකා දමා එවැනි ඡායාරූප පලිගැනීම සදහා යොදා නොගන්නා බවට සහතික වන්න.
දුරකතනයෙන් ඡායාරූප මකා දැමුවත් දත්ත ගොඩගන්නා මෘදුකාංග යොදාගෙන මකා දැමූ ඡායාරූප බාගත කළ හැකි බව මතක තබා ගන්න. ඒ නිසා දුරකතනය අළුත්වැඩියා කිරීම සදහා විශ්වාසවන්ත පුද්ගලයෙකුට පමණක් දෙන්න.
ආදර සම්බන්ධතාවයක් බිද වැටීමෙන් පසු දැනෙන දුක, වේදනාව, තනිකම වැනි හැගීම් ජය ගැනීම සදහා නව විනෝදාංයකට යොමු වන්න. එසේත් නැතිනම් නව කතාවක් කියවන්න. චිත්පටයක් නරඹන්න. පලිගැනීම ඔබේ අරමුණ කර ගන්න එපා. ගෞරවය සහ සහකම්පනය ඇතිව ජීවිතයේ නව සම්බන්ධතා ගොඩ නගා ගන්න.
ඒ සදහා ඇති සාක්ෂි බාගත කර සේව් කර ගන්න.
වින්දිතයා අවුරුදු 18 අඩු පුද්ගලයෙකු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වෙන්න.
හිංසනයට මුහුණ දුන් තැනැත්තා වයස අවුරුදු 18ට වැඩි නම්, පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ සහය ලබා ගන්න.
ඊට අමතරව, 011 232 6979 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇමතිය හැකි අතර, dir.cid@police.lk සහ telligp@police.lk යන විද්‍යුත් තැපෑලට ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි.
වෙබ් අඩවි බ්ලොක් කිරීම සදහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය හා සම්බන්ධ වෙන්න.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු සහයෝගිමත්...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු හෝ අතර ඇතිවන...
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්....
සම්බන්ධතා
Things to Read
නව යොවුන් වියේදී ආදර සම්බන්ධතා ඇති වීම සාමාන්‍යයි. මේ කාලෙය්දී ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු වෙත ආකර්ශණයක් ඇති වීම ස්වභාවිකයි....
සම්බන්ධතා
Things to Read
යහපත් ආදර සබඳතාවයක් යනුවෙන් හැදින්වෙන්නේ සන්නිවේදනය, විශ්වාසය, සහ සමානාත්මතාවය වැනි වටිනාකම් මත පදනම්ව පුද්ගලයන් අතර ඇතිවන අනෝන්‍ය ගෞරවයෙන් යුතු බැඳීමක්.
සම්බන්ධතා
Things to Read
අන්තර්ජාලය අපි කාටත් නැතිවම බැරි දෙයක්. සම්බන්ධතා ගොඩනගා ගැනීමට, එවා පවත්වා ගැනීමට, අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමට, විනෝදාස්වාදය සදහා වැනි බොහෝ...