
නම යොවුන් වියේදී ආදාර සම්බන්ධා ආරම්භ වනවා වගේම ලිංගික ඇසුර ගැනත් කුතුහලයක් ඇති වනවා. මේ කාලයේදී ශරීරයේ ලිංගික තරල නිපදවීම ආරම්භ වන නිසා ලිංගික හැගීම් ඇති වීම ස්වභාවිකයි. නමුත් ලිංගික ඇසුර යනු සුළුවෙන් තැකිය යුතු දෙයක් නොවෙයි.
ගැබ් ගැනීමක් වළක්වා ගන්නා ක්‍රම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලක්වා ගන්නා ක්‍රම වගේම ලිංගික ඇසුර සම්බන්ධයෙන් තියෙන සංස්කෘතිකමය වටිනාකම් සහ විශ්වාස ගැනත් අවබෝධයක් අවශ්‍ය වනවා.
සාමාන්‍යයෙන් කන්‍යාවක් කියන්නේ ලිංගික ඇසුරක් සිද නොකළ කෙනෙක්ටයි. නමුත් එය ඒ තරම් සරල නැහැ. මන්ද, ලිංගික ඇසුර ගැන තියෙන නිර්වචනයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ශිෂ්ණයක් යෝනි මාර්ගයට ඇතුළු කිරීම ලිංගික ඇසුර ලෙස ඇතුම් අය නිර්වචනය කරනවා. ඒ වගේම ශිෂ්ණය කකුල් දෙක අතර තබා කළව සංසර්ගයේ යෙදීම ලිංගික ඇසුරක් ලෙස තවත් කෙනෙක්ට හිතන්න පුළුවන්. සිප ගැනීමත් ලිංගික ඇසුරක් යැයි සමහරු සිතනවා.
ඒ වගේම, ලිංගික බලහත්කාරකමක් ලිංගික ඇසුරක් ලෙස සලකන්නට බැරි බව බොහෝ අය සිතනවා. එසේනම්, ලිංගික බලහත්කාරකමකින් කෙනෙකුගේ කන්‍යාභාවය නැති වන්නට පුළුවන්ද?
කන්‍යාභාවය ගැන පවතින අදහස් හරිම සංකීර්ණයි. ඔබ විශ්වාස කරන්නේ කුමක්දැයි කියා තීරණය කළ හැකිකේ ඔබවට පමණයි.
කන්‍යාභාවය ගැන නොසලකා සිටින අයත් සිටිනවා.
කන්‍යාවක්ද නැද්ද කියා සිතමින් තැවෙනවාට වඩා ඔබේ අධ්‍යාපන කටයුතු හොදින් කර ගැනීමට වගේම සෞඛ්‍යමත් සම්බන්ධතා ගොඩ නගා ගැනීමට ඒ කාලය පාවිච්චි කරන්න.
යෝනි විවරයට ආසන්නයෙන් යෝනි මාර්ගය ඇතුළත පිහියා ඇති කුඩා සමක් වැනි ශ්ලේෂ්මලය කන්‍යාපටලය නමින් හදුන්වනවා.
කන්‍යාපටලය ගැන වැරදි මත බොහෝයි. කන්‍යාපටලයෙන් යෝනි මාර්ලය සම්පූර්ණයෙන් වැසී තිබෙනව බව ඇතැමි අය සිතනවා. එය වැරදියි. සම්පූර්ණයෙන් වැසී පිහිටා තිබෙනව අවස්ථා වලදී එය කුඩා ශෛල්‍යකර්මයක් මගින් ඉවත් කළ යුතු වනවා. නැතිනම්, ඔසප් රුධිරයට පිටවීමට බැහැ.
සාමාන්‍යයෙන් කන්‍යාපටලයෙන් වැසී ඇත්තේ යෝනි මාර්ගයේ අඩකටත් වඩා අඩු කොටසක්. කන්‍යාපටලයක් නොමැතිව උපදින ගැහැණු දරුවන්ද සිටිනවා. පහතින් දැක්වෙන්නේ කන්‍යා පටලය විවිධ අයරුන් දැක්වෙන් රූපසටහනක්. කැඹිලි පැහැයෙන් පෙන්වන්නේ කන්‍යාපටලයයි.
යෝනි මාර්ගයට යමක් ඇතුළු කිරීමේදී කන්‍යාපටලයක් පිහිටා තිබෙනවානම් එය ඇදීමකට හෝ ඉරීමකට ලක් වීමට වෙනවා. ඉරීමක් සිදු වුණොත් ලේ බිංදු කිහිපයක් එන්නත් පුළුවන්. නමුත් එය යෝනි ශ්‍රාවය එක්ව මිශ්‍ර වන නිසා පැහැදිළිව දැක ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්.
පළමු වරට යෝනි මාර්ගයට යමක් ඇතුළු කිරීමේදී රුධිරට පිට වීම කන්‍යාවක් බවට සහතිකයක් බවට සාදාචාරාත්මක විශ්වාසයක් පවතනවා. නමුත් කන්‍යාපටලය සහ යමෙක් කන්‍යාවක්ද නැද්ද යන්න අතර විද්‍යාත්මක සම්බන්ධයක් නැහැ.
ලිංගික ඇසුරක් සදහා දෙදෙනාගේම කැමැත්ත තිබීම අනිවාර්යයි. කැමැත්ත නැතිව සිදු වනවානම් එය ලිංගික අතවරයක්.
කැමැත්ත බලෙන් ලබා ගන්න බැහැ. නිදා සිටින හෝ සිහි නැතිව සිටින කෙනෙකුගෙන කැමැත්ත ලබා ගන්න බැහැ. ඒ වගේම අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙක්ටත් ලිංගික ඇසුරකට කැමැත්ත ලබා දෙන්න බැහැ.
සිප ගැනීම, පියයුරු අත ගෑම, කළවා සංසර්ගය, යෝනි සංසර්ගය, ගුද හෝ මුඛ සංසර්ල වැනි ඕනෑම ලිංගික ඇසුරකට පෙර කැමැත්ත ලබා ගත යුතුයි.
යමක් සමග ලිංගික ඇසුරක් පැවැත්වීමට ආශා කරනවා නම්, ඔහුගෙන් හෝ ඇයගෙන් එය විමසා, බල කිරීමක් නැතිව ඒ සදහා කැමැත්ත ලබා ගැනීම අවශ්‍යයි. එසේ කැමැත්ත ලැබුණේ නැති විටදී, බල කිරීම හෝ තර්ජනය කිරීම මගින් සම්බන්ධතාවය පළුදු කිරීමට පුළුවන්. කැමැත්ත නැතිව ලිංගික ඇසුරක් පවත්වනවා යනු, ලිංගික අතවරයක් සිදු කිරීමයි.
කැමැත්ත ගැන වැඩිදුර කියවීමට මේ දිගුවට යන්න.
නිල් චිත්‍රපටි හෝ පෝන් (Porn) යනුවෙන් හැදින්වෙන්නේ වැඩිහිටියන් සදහා නිපදවන ලිංගික උත්තේජනයක් ලබා දිය හැකි ඡායාරූපය, කතාන්දර, චීඩියෝ වැනි මාධ්‍ය වලටයි.
ඒවා නැරඹීම සුදුසුද?
නිල් චිත්‍රපට බෙහෝ විට සැබෑ ලිංගික ඇසුර පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා මේවා හරහා අපේ ලිංගික සංම්බන්ධතා ගැන වැරදි අදහසක් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා.
නිල් චිත්‍රපට වලට සිටින අය සිදු කරන්නේ රඟපෑමක්. හරියට වෙනත් චිත්‍රපටයක් පටිගත කරනවා වගේ. ඒවායේ සිටින්නේ විඩිහිටියන්ට විනෝදය සපයන කර්මාන්තයේ (Adult Entertainment industry) නළු නිළියන්. ඔවුන්ගේ රැකියාවට ගැලපෙන සේ ශරීරයේ ලිංගික අවයව වෙනස් කර ගෙන හෝ විශාල කරන ගෙන සිටන අවස්ථාද තිබෙනවා. ඒ ශරීර සමග ඔබේ හෝ සහකරු/සහකාරියගේ ශරීර සංසන්දනය කිරීම නොකළ යුතු දෙයක්.
කැමැත්ත ගැන මේ චිත්‍රපට වල සදහන් වෙන්නේ නැහැ. චිත්‍රපටයේ රගපෑමට කැමැත්ත ලබා ගෙන නළු නිළියන් එකග වී ඇති නිසා අපි නරඹන කොටස් වලදී කැමැත්ත ලබා ගන්නවා අපි දකින්නේ නැහැ.
ඒ වගේම ගැබ් ගැනීමක් ආරක්ෂා වීම හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළැක්වීම සදහා කොන්ඩම් වැනි දේවල භාවිත කරනවා දක්නේනේ නැහැ.
ඔබට ලිංගික ඇසුර ගැන දැන ගැනීමට වුවමනා නම්, විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග කතා කරන්න. ඒ ගැන අන්තර්ජාලයේද බෙහෝ තොරතුරු තිබෙනවා. නමුත් ඒ සෑම තොරතුරුක්ම නිවැරදි දැයි සහතික වශයෙන්ම දැන අපහසුයි. ඔබට ගැටළුවක් තිබෙනවානම්, සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන යොවුන් පියස හෝ ශ්‍රි ලන්කා පවුල් සන්විධාන සන්ගමයේ happylife.lk හා සම්බන්ධ වෙන්න.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ස්ත්රීන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය තත්වයන්
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය හදුනා ගනිමු