ලිංගික ඇසුර කියන්නේ කුමක්ද?

විවිධ පුද්ගලයන් ලිංගික ඇසුර විවිධ ආකාරයෙන් නිර්වචනය කරනවා. ලිංික ඇසුර කියන්නේ ඉතාම පෞද්ගලික සිදු වීමක්. ඒ නිසා බෙහෝ අය ඒ ගැන කතා කිරීමටත් අකමැතියි. නමුත්, ලිංගික ඇසුර යනු සත්ව ලෝකයේ ස්වභාවිකවම පවතින දෙයක්.

සිදු කරන ආකාරය සහ යෙදා ලන්නා අවයව අනුව ලිංගික ඇසුර ආකාර කිහිපයකට නම් කළ හැකියි.

යෝනි සංසර්ගය ( ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කිරීම )
මුඛ සංසර්ගය ( ලිංගික අවයව මුඛයෙන් තෘප්තිමත් කිරීම)
ගුද සංසර්ය ( ගුද මාර්ගයට ශිෂ්ණය ඇතුළු කිරීම)

ඇදුම් සහිතව ඇග ඇතිල්ලීම
ඇදුම් නැතිව ඇග ඇතිල්ලීම
කළවා සංසර්ලය (ශිෂ්ණය කළවා අතර තබා)
ස්වයං වින්දනය (තමන්ගේම ලිංගික අවයව ස්පර්ෂ කිරීම)

ඔබට ලිංගික ඇසුර කියන්නේ මින් කුමක් වුවත්, තවත් කෙනෙකු සමග ලිංගික ඇසුරක යෙදීම ඉතාම බරපතල වගකීමක්. ලිංගික ඇසුරට පෙර ගැබ් ගැනීමක් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළැක්වීම සදහා ඇති උපකරණ පිළිබද දැන සිටීම වැදගත්. ඒ වගේම ‘කැමැත්ත’ ගැන දැනුවත් වී සිටිය යුතුයි. කැමැත්ත නැතිව සිදු කළොත් එය ලිංගික අතවරයක් බව අමතක කරන්න එපා.

ලිංගික ඇසුර ගැන සිතන විට ඔබ කැමති දේවල් පමණක් නොව අකමැති දේවල් ගැනද සිතිය යුතුයි. තමන් අකමැති දෙයටක් ප්‍රතික්ෂේප කිරීමට එවැනි දෙයක් ගැන කලින් සිතා තිබීම සහයක් වනවා.

තමන් සූදානම් යැයි නිශ්චිතවම දැනෙන තුරු ලිංගික ඇසුරක් පැවැත්වීමට අවශ්‍ය නැහැ. නව යොවුන් වියේ පසුවන දරුවන් ලිංගික අත්හදා බැලීම් වලට යොමු වීමට ඉඩ තිබෙනවා. මතක තබා ගත යුත ප්‍රධානම දෙය වන්නේ ඔබ අකමැතිනම්, එය කළ යුතු නැහැ.

නව යොවුන් වියේදී ලිංගික ඇසුරක් සිදු කරනවා නම්, එය ඔබේ සහ ඔබේ පවුලේ වටිනාකම් වලට ගැලපෙනවාදැයි සිතා බලන්න. එමෙන්ම ඔබේ අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වලට බාධාවක් වන ආකාරයෙන් ලිංගික ඇසුර සදහා යොමු වීම සුදුසු නැහැ.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්