
ස්ත්‍රී - පුරුෂ භාවය : (Sex) සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවය (Gender) යන වචන දෙක බොහෝ අවස්ථාවල එකම තේරුම දීම සඳහා යොදා ගැනේ. කෙසේ වුවද, මෙම වචන දෙකට ඇත්තේ වෙනස් තේරුම් දෙකකි.
ස්ත්‍රී - පුරුෂ භාවය : නාම පදයකි
ස්ත්‍රී - පුරුෂ භාවය යනු කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය පිහිටා ඇති ලිංගික අවයව අනුව ලබා දෙන ලේබලයකි. ස්ත්‍රී පුරුෂ ලිංගික අවයව වලට අමතරව අන්තර් ලිංගිකව අවයව පිහිටා ඇති පුද්ගලයන්ද සිටිනවා.
ස්ත්‍රී පුරුෂභාවයට අදාල ගතිලක්ෂණවලට උදාහරණ කිහිපයක් පහත දැක්වේ: -
ගැහැණු අයට යෝනි මාර්ගයක් තිබේ. පිරිමි අයට ශිෂ්ණයක් තිබේ.
ගැහැණු අයට ගැබ් ගැනීමත් සහ දරුවන්ට කිරි දීමටත් හැකිය.
පිරිමි අයට ගැහැණු අයට වඩා ගැඹුරු කටහඬක් තිබේ.
පිරිමි අයට වෘෂණ ඇති අතර, ගැහැණු අයට ඩිම්බ කෝෂ තිබේ.
අන්තර් ලිංගික පුද්ගලයන් යනුවෙන් තමන්ට පිහිටා ඇත්තේ කුමන ලිංගික අයවය දැයි පැහැදිළිව තෝරා ගැනීමට නොහැකි හෝ ස්ත්‍රී පුරුෂ යැයි ගොඩනගා ඇති සම්මතයට වඩා වෙනස් ලෙස ලිංගික සහ ප්‍රජනන අවයව පිහිටා ඇති පුද්ගලයන්ය.
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය යනු පිරිමින් සහ කාන්තාවන් සමාජයේ හැසිරිය යුත්තේ කෙසේදැයි සමාජය විසින් තීරණය කර තිබෙන ආකාරයයි. ස්ත්‍රී - පුරුෂ සමාජභාවයෙන් කියවෙන්නේ පිරිමින් සහ ගැහැණුන් වශයෙන් අපේ භූමිකාව, ක්‍රියාකාරකම්, අප සමාජයේ හැසිරෙන ආකාරය සහ අපෙන් බලාපොරොත්තු වන දේවල් වේ.
එනම් සමාජභාවය යනු අපගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමාජයෙන් අපට ලබාදෙන භූමිකා සහ බලාපොරොත්තුයි.නමුත් මේ යමෙකුට කාන්තා ප්‍රජනක අවයව තිබේ නම්, ඔවුන්ට ස්ත්‍රී සමාජ අනන්‍යතාවයක් තිබිය යුතුය, නැතහොත් යමෙකුට පිරිමි ප්‍රජනක අවයව තිබේ නම්, ඔවුන්ට පුරුෂ සමාජ අනන්‍යතාවයක් තිබිය යුතුය යන සාම්ප්‍රදායික අදහස අභියෝගයට කළ කරන පුද්ගලයන්ද සිටිනවා. තමන්ට උපතින් පිහිටා ඇති ලිංගික අවයව මතම තමන්ගේ භූමිකාවන් හෝ තමන් හැසිරිය යුතු ආකාරය තීරණය විය නොයුතු බව ඔවුන් පවසනවා.
මේ ගැහැණු ළමයෙක්
මේ පිරිමි ළමයෙක්
මේ දෙන්න එකට සෙල්ලම් කරනවා
( ගැහැණු ළමයාව ඇද ගෙන විත් ගෙදර තමයි)
ගැහැණු ළමයාට බොනික්කෙක් දී මුල්ලට තල්ලු කරයි
ගැහැණු ළමයා එලිය යාටම උත්සහ කරයි.
පිරිමි ළමයා ගැහැණු ළමයාට සෙල්ලම් කිරීමට කතා කරයි.
පිරිමි ළමයාට දොර වැසේ
පිරිමි ළමයා දොර ලග ඉදගෙන හඩයි
පිරිමි ළමයාට අඩන්න නොදී කට වසයි
ගැහැණු ළමයා අඩයි.
කෑම මේසයයේ ගැහැණු ළමයා සහ පිරිමි ළමයා
ගැහැණු ළමයාට කෑම පෙඩ්ඩක් බෙදයි. කෑම දෙසා බලා ගැහැණු ළමයාට දුක සිතෙ.
පිරිරි ළමයාට කෑම ගොඩක් බෙදයි. පිරිමි ළමයා ගේ ඇස් උඩ යයි.
පිරිමි ළමයා කෑම ටිකක් ගැහැණු ළමයටා දයි. එය නැවත ගෙන පිරිමි ළමයාගේ පිගානට දමයි.
පිරිමි ළමයාට බලෙන් ඒය කවයි
පිරිමිළමයාගේ හිස් පිගාන ගැහැණු ළමයාට දේ.
ගැහැණු ළමයා දුකෙන් පිගන් දෙක රැගෙන යයි.
සමාජභාවය ඉගෙන ගනු ලබන්නේ සමාජයෙන්. සමාජභාවය සම්බන්ධ විශ්වාස විවිධ සංස්කෘතීන්ට අනුව මෙන් ම කාලයට අනුව ද වෙනස් වනවා.
සමාජභාවය මගින් ගොඩනගා ඇති ප්‍රතිමාන වලට උදාහරණ කිහිපයක් පහතින් දක්වා තිබෙනවා:
පිරිමින්ට වඩා ගැහැණු ගෙදර දාර වැඩ කරති.
ගැහැණුන්ට මෘදු ගති ඇත.
පිරිමි ආක්‍රමණශීලී මෙන්ම ප්‍රචණ්ඩකාරී වෙති.
ගැහැණු කොණ්ඩේ වැවිය යුතුයි.
සමාජභාවයේ සම්මතයන් යනු පිරිමින් සහ ගැහැණුන් සමාජයේ හැසිරිය යුත්තේ කෙසේදැයි දැක්වෙන නිල නොලත් නීති රීති සමුදායකි.
නිදසුනක් ලෙස, ‘ගැහැණු අයට කුඩා දරුවන් සිටී නම් ඔවුන් රැකියාවකට නොගොස් නිවසට වී සිටිය යුතුය’; ‘පිරිමින් මුදල් උපයා පවුල නඩත්තු කළ යුතුය’ යනුවෙන් සම්මතයක් ඇත. එවැනි සමාජභාවයේ දැඩි සම්මතයන් නිසා පුද්ගලයන්ට තමන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වී යාමට ඉඩ තිබෙනවා . එවැනි සම්මතයන් නිසා සමහරුන්ට අසාධාරණකම් සිදුවීමට ද ඉඩ තිබෙනවා.
සමාජභාවය පිළිබඳව පවතින ඒකාකෘති යනු කිසියම් පුද්ගලයෙකුගේ සමාජයීය ස්ත්‍රී - පුරුෂ භාවය මත ඔහුට/ ඇයට නිශ්චිත චරිතයක් ඇති බවට උපකල්පනය කිරීමයි. උදා:- ‘පිරිමි ළමුන් ගණන්වලට දක්ෂයි’, ‘ගැහැණු ළමයි දරුවන් බලා ගන්න දක්ෂයි’ කියා උපකල්පනය කිරීම.
සමාජභාවී ගොඩනැංවීම් මගින් පිරිමි ළමුන්ට හෝ ගැහැණු ළමුන්ට වෙන් කර ඇති ක්‍රියාකාරකම් ඕනෑ එකක් අප ඕනෑම කෙනෙකුට කැමති නම් කරන්න පුළුවන්. මන්ද, පිරිමින් කරන සියලුම දේ පාහේ ගැහැණුන්ටත් කළ හැකි නිසා යි. එසේම, ගැහැණුන් කරන සියලු ම දේ පාහේ පිරිමින්ටත් කළ හැකි නිසා ය. සමාජභාවයේ සමානාත්මතාවක් තිබේ නම් හැම කෙනෙකුටම මනුෂ්‍යයෙකු වශයෙන් තමන්ගේ හැකියාවන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වනවා.
ගැහැණු ළමුන් පීඩනයට ලක් කරන ඒකාකෘති බොහොමයක් ගැන අපි දනිමු. ගැහැණු ළමුන් විනීතයි, නිශ්ශබ්දයි, සුදුයි, ලස්සනයි, ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා මහන්සි වී ගෙදර වැඩ ගන්නවා ආදිය ඒවාට උදාහරණ කීපයක්.
මේ ඒකාකෘති නිසා ගැහැණු ළමුන්ට අපහසුතාවයක් ඇති වනවා පමණක් නොව විනීත, නිශ්ශබ්ද, සුදු, ලස්සන වී සිටීමටත්, මහන්සි වී ගෙදර වැඩ ඉගෙන ගැනීමටත් අමතර වෙහෙසක් ගැනීමට සිදුවනවා. පිරිමි ළමුන් පීඩනයට ලක් කරන එවැනිම ඒකාකෘති තිබෙනවාද?
පිරිමි ළමුන් සෙල්ලක්කාරයි, ගණන්වලට දක්ෂයි, පිරිමි ළමුන් අඬන්නේ නැහැ වැනි ඒකාකෘති නිසා පිරිමි ළමුන්ටත් පීඩනයක් ඇති වන්නේ නැද්ද?
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ස්ත්රීන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය තත්වයන්
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ලිංගික ඇසුර හා සම්බන්ධ තොරතුරු