
ස්මාර්ට් දුරකතන, ටැබ්, ඔරලෝසු - ඩිජිටල් තිර හැම තැනම. මේ ඩිජිටල් උපකරණ අපේ ජීවිතයේ නැතිවම බැරි දෙයක් බලට පත් වී අවසන්. නමුත්, වැඩි වෙලාවක් මේ තිර දෙස බලා සිටීමෙන් ශරීරයට විශේෂයෙන්ම වර්ධනය වන මොලයට බලපෑම් සිදු වන බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා.
තිර දෙස බලා සිටීමෙන් මොලයේ ඉදිරිපස භාහිකය ( Frontal Cotex) නම් වූ කොටසට බලපෑම් සිදු කරන බව මේ ගැන පර්යේෂණය සිදු කරන විද්‍යාඥයින් පවසනවා.
නව යොවුන් විය මොළය වර්ධනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාලයක්. ඒ නිසා නව යොවුන් වියේ පසුවන දරුවන් මේ බලපෑමට ගොදුරු වීමට ඇති ඉඩ කඩ ඉහළයි.
වැඩිපුර කාලයක් ඩිජිටල් තිර දෙස බලා සිටීමෙන් ඇති විය හැකි බලපෑම් මොනවාදැයි බලමු.
වැඩි වේලාවක් තිර දෙස බලා සිටීමෙන් නිදා ගැනීම අපහසු කරවනවා. අදුරු වටපිටාවකදී අපගේ මොලය මගින් මෙලටොනින් නැමති රසායනය පිටකරනවා. රාත්‍රී කාලයට අපට නින්දට යාමට පහදු කරවන්නේ මේ රසායක ක්‍රියාකාරිත්වය මගින්. ඩිජිටල් තිරයේ එළිය නිසා මොළය මේ රසායනය පිට කරන්නේ නැහැ. එවිට නිදිමත දැනෙන්නේ නැහැ. මේ නිසා වැඩි වේලාවක් අවදියෙන් සිටීමට අපි හුරුවෙනවා.
නව යොවුන් වියේදී හොද නින්දක් ලැබීම ශරීර වර්ධනයට සහය වනවා. නින්ද අවම වූ විට ප්‍රතිශක්තිය හීන වීමට ඉඩ තිබෙනවා. එවිට නිතර අසනීප වීම වීමට හැකියි. එමෙන්ම, අඩු නින්දක් ලැබීම නිසා අවධානය සහ මතකයටත් හාන් වීමට පුළුවන්.
නිදා ගැනීමට සූදානම් වෙද්දීම පෙර ඩිජිටල් තිරය වසා දැමීම නුවණට හුරුයි. ඇදට ගොස් වීඩියෝ බැලීම, චැට් කිරීම ආදිය සීමා කිරීමෙන් නින්දට වන හානිය අවම කර ගන්න පුළුවන්.
වැඩි වේලාවක් තිර මත ගත කිරීම මානසික සෞඛ්‍යයටත් බලපානවා. ඩිජිටල් තිර මත දකින යථාර්ථවාද නොවන ඡායාරූප, වීඩියෝ ආදිය නැරඹීමෙන් තමන් පිළිබද ඇති ආත්ම අභිමානය අඩු වීමට බලපානවා. ශරීර පෙනුම, සමේ පැහැය ආදිය සංසන්දනය කරමින් තමන්ගේ ශරීරයට ගැන හීනමානයක් ගොඩගැනීමටද නව යොවුන් වියේ දරුවන් පෙළඹීමට පුළුවන්.
වැඩි වෙලාවක් තිර දෙස බලා සිටීමෙන් අපගේ මොළයේ සැකැස්මට වෙනස්කම් ඇති විය හැකියි. තොරතුරු අවශෝෂණය කර ගන්නේ මොලයේ පිටත ස්ථරය වන බාහිකය (Cortex) මගින්. වන යොවුන් වියේදී මේ කොටසේ ඉතා වැදගත් වර්ධනයක් සිදු වනවා. වැඩි වේලාවක් තිරයක් දෙස බලා සිටීම මගින් වර්ධනයට බධා සිදු වීමට පුළුවන්.
ඩිජිටල් තිර ගැන සකා කරන විට වීඩියෝ ගේම් පිළිබද වැඩි අවධානයක් දිය යුතු වනවා. නව යොවුන් වියේ දරුවන් පමණක් නොව කුඩා දරුවන්ද වීඩියෝ ගේම් සමග සම්බන්ධ වනවා. වීඩියෝ ගේම් වලින් අපට දිනන හැගීමක් ගෙන දෙන නිසා දිගටම කර ගෙන යාමේ ආශාව ඇති වනවා. ඉතින් නැවැත්වීමට මොළය ඉඩ දෙන්නේ නැහැ.
වැඩි වේලාවක් වීඩියෝ ගේම් හා සම්බන්ධ වීමෙන් අවදානය පවත්වා ගැනීමට බාධා සිදු විය හැකියි. එමෙන්ම, ප්‍රචණ්ඩත්වය ඉතා සාමාන්‍ය දෙයක් ලෙස සිතීම, සහකම්පනය අඩු වීම, ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වීම ආදිය මගින් අපට ලැබෙන අයහපත් ප්‍රතිඵල කිහිපයක්.
වීඩියෝ ගේම් වලින් ඉගෙන ගන්නා තවත් අයහපත් පණිවිඩයක් වන්නේ, ලිංගික අතවර ගැන ඉතා සුළුවෙන් තැකීමයි. බෙහෝ වීඩියෝ ගේම් වල, ගැහැණු අයට පහත් කරන පණිවුඩ වගේම ඔවුන් ලිංගික භාණ්ඩයක් ලෙසද පෙන්වා දෙන අවස්ථා තිබෙනවා.
තිර භාවිතය අඩු කිරීම කළ නොහැක්කක් ලෙස දැනෙනන්ට පුළුවන්. නමුත්, තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒවා දෙස බලා සිටීමෙන් අපට දිගු කාලීන සෞඛ්‍යය ප්‍රතිවිපාක විදින්නට සිදු විය හැකියි. ඒ නිසා, ඩිජිටල් තිර දෙනා වැඩි වේලාවක් බලා සිටීම අවම කිරීමට උත්සහ ගන්න. සිංදු ඇසීම වැඩි පවුලේ අයත් සමග කළ හැකි විනෝද කටයුතු වලට යොමු වීමෙන් තිරය අත්හැරීම නසා ඇති වන සාංකාව මග හරවා ගැනීමට පුළුවන්.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ස්ත්රීන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය තත්වයන්
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ලිංගික ඇසුර හා සම්බන්ධ තොරතුරු
සෞඛ්‍යය සහ සුවතාවය
Things to Read
ස්ත්‍රී - පුරුෂ සමාජභාවය හදුනා ගනිමු