ස්ත්‍රීන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය තත්වයන්

ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සෞඛ්‍යය තත්ත්වයන් ගණනාවක් ස්ත්‍රීන්ට බලපානවා. ඉන් ඇතැම් ඒවා ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.

ඔසප් වීම ආරම්භ වන කාලය වගේම අවසන් වන කාලයක් අපගේ ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක්.

Interview with a doctor

ඇසිය හැකි ප්‍රශ්ණ

ආර්ථවහරණය කියන්නේ මොකද්ද?

පූර්ව ආර්ථවහරණ කාලයේදී ඇතිවන සංකූලතා සදහා ගත හැකි ප්‍රතාකාර මොනවාද?

පූර්ණ ආර්ථවහරණ කාල්යේදී ගැබ් ගැනීමක් සිදු විය හැකිද?

සාමාන්‍ය්‍යයෙන් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් ආර්ථව හරණයටට ලක් වන්නේ කුමන වසයේදීද?

ආර්ථවහරණයෙන් පසුව ලිංගිකව හැසිරීම සුදුසුද?

ආර්ථවහරණයෙන් පසු ලිංගින ආශාව නැති වනවාද?

ආර්ථවහරණයෙන් පසුව ප්‍රතිසංධිවිරෝධක භාවිත කළ යුතුද?

ආර්ථවහරණය හෙවත් ඔසප් වීම නැවතීම (menopause)

අවුරුදු ගණනාවක් චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වුණු ඔසප් වීම නවතින කාලයක් එනවා. එය හැදින්වෙන්නේ ආර්තවහරණය යනුවෙන්.

සාමාන්‍යයෙන් අවුරුදු 50 වන විට බෙහෝ ස්ත්‍රීන්ට ආර්තවහරණය සිදු වනවා. තවත් අයට ඊට අවුරුදු කිහිපයකට කලිනුත් ආර්තවහරණය වෙන්න පුළුවන්.

මේ ආර්තවහරණය සිදු වෙන්න අවුරුද්දක දෙකක කාලයට කලින් හෝමෝන වෙනස්කම් ඇති වෙනවා. මේ කාලයට කියන්නේ පූර්ව ආර්තවහරණය කියලා.

ආර්තවහරණය සිදුවුණ බවට ගණන් ගන්නේ සම්පූර්ණ වසරක් පුරාවටම ඔසප් වන්නේ නැතිව ගත කළාට පසුවයි.

ආර්තවහරණ සමයේ ඇති වන ලක්ෂණ

වරින් වර ඇඟ උණුසුම් වී දහඩිය දැමීම, අධික හෘද ස්පන්ධනය

ඔසප් වීමේ වෙනස් වීම් ( අධික හෝ අඩ රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය )

හන්දි, අතපය වේදනාව

මානසික ව්‍යාකූලත්වය, පහසුවෙන් කළබල වීම, විශාදය, නිකරුණේ දුක් වීම

නින්දයාමේ අපහසුතා

ලිංගික ඇසුර පිළිබද උදාසීනත්වය සහ අපහසුතා

මේවාට අමතරව ආර්තහරණ සමයේදී කසින, කිවිසෙන විට ඉබේ මුත්‍රා පිටවීම සහ නිතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයේ ආසාදන ඇති වීමට පුළුවන්.

මේ සියල්ලටම ප්තිකාර ලබා ගන්න පුළුවන්. ළගම ඇති සුවනාරි සායනයෙන් උපදෙස් ලබා ගන්න.

මඳසරුභාවය (Subfertility)

මාස 12 ක් හෝ වැඩි කාලයක් ක්‍රමවත්ව නිතිපතා (සතියකට 3 - 4 වරක්) අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසුත්, පිළිසිඳ ගැනීමක් සිදු නොවූ යුවලක්, මඳසරු යුවලක් ලෙස හඳුන්වනවා.

කලින් පිළිසිඳ ගැනීමක් නොවී ඇති මඳසරු යුවලක් ප්‍රාථමික මඳසරු යුවලක් වන අතර පෙර පිළිසිඳ ගැනීමක් සිදුව යුවලක් නම් ද්වීතීයික මදසරු යුවලක් ලෙස හැදින්වෙනවා.

මඳසරුභාවය සඳහා හේතු උපතේ දී හෝ ඊට පසුව ඇති විය හැකිය.

මඳසරුභාවය සඳහා විවිධ කරුණු හේතුවිය හැකිය. ඒ අතර පුරුෂයාට අදාළ හේතු, කාන්තාවට අදාළ හේතු මෙන්ම දෙදෙනාටම අදාල නැති එනම්, හේතුවක් සොයා ගත නොහැකි කාරණාද තිබෙනවා.

තාක්ෂණික දියුණුවත් සමග මඳසරුභාවය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතින අතර ප්‍රතිකාර අත්නොහැර දිගටම කරගෙන යාම අත්‍යවශ්‍ය වනවා. මදසරුභාවය තිබෙනවාසැයි සැක කරනවානම් ළගම ඇති සුවනාරි සායනයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.

ගැබ්ගෙල පිළිකා

ගර්භාෂයට පහලින් යෝනි මාර්ගය කෙලවරේ පිහිටා ඇති ගැබ්ගෙලේ හට ගන්නා පිළිකා වර්ගයකි.

මානව පැපිලෝමා වෛරසයේ ඇතැම් ප්‍රභේද මගින් ලිංගික ඉන්නන් සහ පිළිකා ඇති වීමට හැකිය.

උදාහරණ ලෙස වෛරසයේ 6 සහ 11 යන ප්‍රභේද මගින් ලිංගික ඉන්නන් ඇති වනවා. වෛරසයේ 16 සහ 18 යන ප්‍රභේද වලින් පිළිකා සහ වඩාත් බරපතල සෞඛ්‍යය තත්වයන් ඇති විය හැකියි.

මානව පැපිලෝමා වෛරසය සුව කළ හැකි ප්‍රතිකාරයක් නොමැත.

පිළිකා සදහා බලපාන වෛරස ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීම සදහා එන්නත් වර්ග තිබෙනවා. ශ්‍රී ලංකාවේද 6 ශ්‍රේණියේ සිට සියළුම ගැහැණු දරුවන්ට ජාතික එන්නත් කරන ව්‍යාපෘතිය හරහා මෙම එන්නත් ලබා දෙනවා. පළමු ලිංගික ඇසුරට කලින් මෙම එන්නත ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකා සාර්ථව වලක්වා ගැනීමට හැකියි.

මානව පැපිලෝමා වෛරසය කලින් හදුනා ගැනීමෙන් බරපතල සෞඛ්‍යය මගහරවා ගැනීමට පුළුවන්. ඒ නිසා ලිංගිකව ක්‍රියාකාරී කාන්තාවන්ට පැප් පරීක්ෂණය සදහා යොමු වීම වැදගත්. ශ්‍රී ලංකාවේ අවුරුදු 35ට ඉහල ලිංගිකව ක්‍රියාකාරී ස්ත්‍රීන්ට ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලයේ සුවනාරි සායනයෙන් පැප් පරීක්ෂණ නොමිලේම ලබා ගැනීමට හැකියි.

නමුත් ශ්‍රි ලන්කා පවුල් සන්විධාන සන්ගමයේ සායන වලින් හෝ පෞද්ගලික සායන/රෝහල් වලින් ඕනෑම වයසක ලිංගිකව ක්‍රියාකාරී ස්ත්‍රීන්ට මේ පරීක්ෂණය සිදු කර ගත හැකියාව තිබෙනවා.

පියයුරු පිළිකා

පියයුරු පිළිකා වඩාත් බහුලව ඇති පිළිකා වර්ගයකි. පියයුරු වල ඇති මාංශපේෂීන් ක්‍රමවත් ක්‍රියා නොකිරීම නිසා, මෙම පිළිකා සෛල වර්ධනය වේ. පිළිකාව හදුනාගෙන ප්‍රතිකාර නොකළ විට ශරීරෙය් වෙනත් අවයව දක්වා පිළිකාව පැතිරීමට අවස්ථාව තිබෙනවා. වැඩිවශයෙන් පියයුරු පිළිකා වැළදෙන්නේ ස්ත්‍රීන්ට වුවත් පුරුෂයින් අතරත් පියයුරු පිළිකා වර්ධනය වනවා.

පියයුරු පිළිකා වලට අදාල බහුලව ඇති රෝග ලක්ෂණය වන්නේ කිහිල්ලේ හෝ පියයුරු වල ගැටිති මතු වීමයි. නිවසේදී පියයුරු පරීක්ෂාවක සිදු කර ගත හැකි ආකාරය පහතින් දැක්වෙනවා.

ළගම ඇති සුවනාරි සායනයෙන් පියයුරු පරීක්ෂණයක් සිදුකර ගන්න පුළුවන්. අවුරුදු 35 වැඩි ස්ත්‍රීන් සායනික පියයුරු පරීක්ෂණයක් සිදු කර ගැනීම සුදුසුයි.

අවුරුදු 40ට වැඩි ස්ත්‍රීන්ට, වෛද් උපදෙස් මත Mammogram හෙවත් පියයුරු වල X-ray එකක් වැනි පරීක්ෂණයක් පෞද්ගලික සායනකින් සිදු කර ගන්න පුළුවන්.

ඔසප් චක්‍රය ආශ්‍රිත සෞඛ්‍යය තත්ත්වයන්

Dysmenorrhea: Dysmenorrhea යනු තදබල ඔසප් කැක්කුම වන අතර එය සුලභ තත්ත්වයක්. ප්‍රාථමික ඩිස්මෙනෝරියා සාමාන්‍ය ඔසප් වේදනාව වන අතර ද්විතීයික ඩිස්මෙනෝරියා යන තත්ත්වය එන්ඩොමෙට්‍රියෝසිස් හෝ ෆයිබ්‍රොයිඩ් වැනි සෞඛ්‍ය ගැටලු නිසා ඇති විය හැකියි. වේදනා නාශක, උණුවතුරෙන් තැවීම සහ ජීවන රටාව වෙනස් කිරීම ඩිස්මෙනෝරියාව පාලනය කිරීමට උපකාරී වනවා .

Menorrhagia: අධික හෝ දිගු මාසික රුධිර වහනය menorrhagiaව නමින්හැදින්වෙනවා. මේ තත්ත්වය රක්තහීනතාවයට වගේම සහ අධික වෙහෙසට හේතුවක් වෙන්න පුළුවන්. එය හෝමෝන අසමතුලිතතාවය, ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් හෝ වෙනත් තත්ත්වයන් හෝ නිසා ඇති විය හැකියි. මේ සදහා ඇති ප්‍රතිකාර ලෙස ඖෂධ, හෝමෝන ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම ලබා ගැනීමට පුළුවන්.

පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය (PMS): PMS අතරට ඔසප් වීමට පෙර දිනවලදී ඇතිවන සිතේ ස්වභාවය වෙනස් වීම (mood changes) , බඩ පිපීම, පියයුරු වේදනාව සහ කෝපය ඇතුළු කායික හා චිත්තවේගීය ලක්ෂණ රාශියක් PMS අවස්ථාවේදී ඇති වීමට පුළුවන්. ජීවන රටාව වෙනස් කිරීම, සුදුසු ආහාර තෝරාගැනීම සහ ඖෂධ PMS ලක්ෂණ සමනය කිරීමට උපකාරී කර ගත හැකියි.

Polycystic Ovary Syndrome (PCOS): PCOS යනු ඔසප් චක්‍රයට බලපෑම් කළ හැකි හෝමෝන හා බැදුණු සෞඛ්‍යය තත්වයකි. එය අක්‍රමවත් ඔසප් වීම, අධික රුධිර වහනය සහ සරුභාවය සම්බන්ධය ගැටලුවලට හේතු විය හැකියි. ජීවන රටාවේ වෙනස්කම් සහ ඖෂධ PCOS රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට උපකාරී වනවා.

Endometriosis: එන්ඩොමෙට්‍රියෝසිස් හටගන්නේ ගර්භාෂයේ ඇති එන්ඩෝමෙට්‍රියම් ශ්ලේෂ්මලයට සමාන පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීමෙන්ය. එයින් දැඩි වේදනාවක්, අධික රුධිර වහනයක් සහ සරුබව පිළිබඳ ගැටලු ඇති කළ හැකියි. මේ සදහා ඖෂධ ලබා ගත හැකි අතර, ඇතැම් අවස්ථාවලදී ශල්‍යකර්මයක්ද සිදු කළ යුතු වනවා.

Amenorrhea: Amenorrhea යනු අධික ආතතිය, අධික ව්‍යායාම, අඩු ශරීර බර හෝ හෝර්මෝන අසමතුලිතතාවය වැනි සාධක නිසා ඇති විය හැකි ඔසප් වීම ඇනහිටීමයි. එයට විවිධ හේතු බලපාන අතර ඒ සදහා ඇති ප්‍රතිකාරද එම හේතුව මත රඳා පවතී.

Premature Ovarian Insufficiency (POI): POI යනු වයස අවුරුදු 40 ට පෙර ඩිම්බ කෝෂ ක්‍රියා විරහිත වීම වන අතර එය අක්‍රමවත් ඔසප් වීමට හෝ ඔසප් වීම නැවතීමට හෝ වඳභාවයට හේතු වනවා. හෝර්මෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව මේ සදහමා ප්‍රතිකාරයක් ලෙස යොදා ගැනෙනවා.

Toxic Shock Syndrome (TSS): TSS යනු අධික උරාගැනීමක් සහිත ටැම්පොන් දිගු කාලයක් භාවිත කිරීමෙන් ඇති වන බැක්ටීරියා ආසාදනයකි. එය උණ, කැසීම සහ අභ්‍යන්තර ඉන්ද්‍රිය ක්‍රියාකිරීම නැවතීමට හේතු වීමට පුලුවන්. සුදුසු උරාගැනීමකින් යුත් ටැම්පොන් භාවිත කිරීම සහ ඒවා නිතිපතා වෙනස් කිරීම TSS අවදානම අඩු කරනවා.

ඔසප් වීමේදී දරුණු හෝ අසාමාන්‍ය හෝ ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වනවා. සෞඛ්‍ය සේවා සපයන්නන් ලවා නිතිපතා පරීක්‍ෂා කරවා ගැනීම ඔසප් වීම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වන අතර මෙම රෝගාබාධ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමෙන් සහ නිසි සැලකිල්ලක් දැක්වීමෙන් තමන්ගේ සහ අන්‍යන්ගේ ප්‍රජනක සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම සහතික කළ හැකිය. ඔසප් වීම සම්බව්ධ ගැටළු වලදී ඔබ නිහඬව දුක් විඳිය යුතු නැහැ.

ඕනෑම රජයේ රෝහලකින්ම මේ සම්බන්ධ සේවාවන් ලබා ගත හැකියි.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්