හිරිහැර සහ දාමරිකකම් ( bullying)

යම්කෙනෙක් විසින් තවකෙකුට නින්දා කිරීම, තැතිගැන්වීම හෝ ආධිපත්‍යයක් තහවුරු කරගැනීම, එසේත් නැතහොත් එවැන්නක් කරන බවට තර්ජනයක් කිරීම ‘හිරිහැර සහ දාමරිකකම්’ යනුවෙන් හඳුන්වන්නට පුළුවන්.

මෙය ස්වරූප හතරකින් සිදුවෙන්නට ඉඩ තිබෙනවා.එනම් කායිකව, වාචිකව, මානසික වශයෙන් (හැඟීම් නැත්නම් සිතැඟි කැළඹීමෙන්) හිරිහැර කිරීම වගේම, මුහුණට මුහුණ හමුනොවී සයිබර් අවකාශය හරහා කළ හැකි හිරිහැර වශයෙනුයි.

හිරිහැර කිරීම හුදෙක් කේන්තිය හෝ කෝපය පිටකිරීමක් නොවන අතර, වෙනකෙකුව රිදවීමේ චේතනාවෙන් හිතාමතා සිදුකරන හෝ කියන දෙයකි. ඇතැම්විට හිරිහැර කිරීම් පෙර සැලසුමක් ඇතිව සිදුවිය හැකිය. ඒ නිසාම හිරිහැරකිරීම දබරයකින් (හෝ රණ්ඩුවකින්) වෙන්කර හඳුනාගැනීම අපහසු වන්නේ නැහැ.

හිරිහැර සහ දාමරිකකම් හදුනා ගැනීම සදහා එහි මූලික ලක්ෂණ මොනවා දැයි බලමු.

හිරිහැර කරන්නා හා හිරිහැරයට ලක්වන්නා අතර අසමතුලිත බල සම්බන්ධයක් පැවතීම එහි මූලික ලක්ෂණයයි. එනම්, හිරිහැර පමුණුවන්නා වයසින්, කායික ශක්තියෙන් එසේත් නැත්නම් සමාජ තරාතිරමෙන් අනෙකාට වඩා ඉදිරියෙන් සිටීමයි. එය අසමතුළිත බල සම්බන්ධයක් ලෙස හැදින්වේ. උදාහරණ ලෙස, පාසලේදී වැඩිහිටි ශිෂ්‍යයන් විසින් බාල ශිෂ්‍යයන්ව හිරිහැරයට ලක් කිරීම, ඔවුන්ගේ කෑම පැහැර ගැනීම, ඔවුන්ගේ මුදල් පැහැර ගැනීම ආදිය පෙන්වා දෙන්න පුළුවන්. අළුතින් ශිෂ්‍යයෙකු පාසලට ඇතුළු වූ විටද මෙවැනි හිරිහැර සිදු වන්නට ඉඩ තිබෙනවා. එය ‘නවක වදය’ ලෙසද හදුන්වනවා. පාසලේදී සිදු වන හිරිහැර හා දාමරිකකම් හදුනා ගන්නට පහත දැක්වෙන කරුණු තුන සම්පූර්ණ වී ඇත්දැයි බලන්න.

1.හිතාමතා සිදු කිරීම - හිරිහැර හා දැමරිකකම් හදුනාගත හැකි තවත් මූලික ලක්ෂණයක් වන්නේ එය හිතා මතා සිදු කිරීමයි. එනම්, හිරිහැරයට ලක් වන්නාව හිතා මතා අපහසුතාවයට පත් කිරීම අරමුණු කරගෙන සිදු කරන ක්‍රියාවන්. මෙවැනි හිරිහැර සහ දාමරිකකම් කණ්ඩායම් වශයෙන් එකතු වී ද සිදු කරන්නට පුළුවන්.

2.හිරිහැරය එක් දිශාවකට පමණක් සිදු වීම - හිරිහැරය සිදු කරන්නා සහ හිරිහැරය සිදු වන්නා ලෙස දෙපාර්ශවයක් පහසුවෙන් හදුනා ගන්න පුළුවන් නම් එය හිරිහැර හා දාමරිකකම් ගණයට වැටෙනවා. ඒ නිසා දෙපාර්ශවයක් අතර සිදු වන දබරයක්, රණ්ඩුවක් හිරිහැරයක් ලෙස හදුනා ගන්න බැහැ. නැවත නැවත සිදු වීම - හිරිහැර හා දාමරිකකම් එක් සිදු වීමකින් අවසන් වන්නේ නැහැ. එය හිතා මතා කරන ක්‍රියාවක් නිසා, නැවත නැවත වින්දතයාට හිරිහැර පමුණුවනවා.

හිරිහැර සහ දාමරිකකම් කිරීම, ඕනෑම ස්ථානයකදී සිදුවිය හැකිය. නිවසේදී, පාසැලේදී, වැඩපොළේදී, රෝහලකදී මෙන්ම මහමගදී වුවද හිරිහැරයක් සිදුවිය
හැකිය. ඉහත සඳහන් වූ ස්ථාන අතුරින් එක් තැනක ඔබ දන්නා හඳුනන කෙනෙකුට හිරිහැරයක් සිදු වූ අවස්ථාවක් ඔබේ සිතට නැගෙනවාද?

හිරිහැරකිරීම් සිදුවුවතොත්, මුල් අවධියේදීම එය නවතා දැම්මේ නැතිනම් කණ්ඩායමක් තුළ එය පිළිගත් සම්මතයක් බවට පත්වීමට ඉඩ තිබෙනවා.

නිදසුනක් ලෙස යම් ඔබේ පාසලේ ක්‍රීඩා කණ්ඩායමකට අලුතෙන් බැඳෙන අයට හිරිහැර කිරීම පුරුද්දක් ලෙස සිදු වනවානම්, කණ්ඩායමට අළුතින් බැඳෙන අයට හිරිහැර කිරීම පිළිගත් සම්ප්‍රදායක් බවට පත්වීමේ අවධානමක් ඇත. හිරිහැර කිරීම පිළිගත් ක්‍රියාවක් බවට පත් වීම වැළැක්වීමට නම් අපි ඒවාට විරුද්ධ විය යුතු වනවා. ඔබ යම් කිසි හිරිහැරයකට, උසුළු විසුළු කිරීමකට ලක් වනවා නම් කළ හැකි හොදම දෙය වන්නේ විශ්වාසවන්ත වැඩිහිටියෙකුට ඒ බව පවසා සහය ලබා ගැනීමයි.

මේ හිරිහැර විවිධ මට්ටම් වලින් සිදු වනවා. ඇතැම් අවස්ථාවලදී කෙනෙක් ගැන කටකතා පැතිරවීම වැනි සියුම් ආකාරයේ හිරිහැර කිරීම සිදුවිය හැකි අතර තවත් විටකදී, කෙනෙක්ට කායිකව හිංසා පැමිණවීම වැනි සෘජු හිරිහැරකිරීම් සිදුවිය හැකිය.

ඊර්ෂ්‍යාව, අමනාපය, පක්ෂපාතකම, ඇසුරුකරන්නන්ගේ පිළිගැනීම දිනාගැනීමට ඇති වුවමනවා මෙන්ම ආත්මවිශ්වාසය හිඟවීම වැනි හේතූන් නිසා
පුද්ගලයෙක් අන් අයට හිරිහැර කිරීමට පෙළඹිය හැකියි. මේ කෙසේ වෙතත් ‘හිරිහැර පැමිණවීම’ ප්‍රචණ්ඩත්වයේ එක් ස්වරූපයක් වන අතර කිසිම හේතුවක් යටතේවත් සාධාරණීයකරණය කළ කළ යුතු නැහැ.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්