හිංසන වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා හින්සනයට ලක්වීමට ඕනෑම කෙනෙකු මුහුණ දෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ සිට මහළු අය දක්වා සියළුම වයස් වල පුද්ගලයන් සමාජභාවී ප්‍රචණ්ඩත්වයට ලක් වීමට ඉඩ තිබෙනවා. ඒ ඔවුන්ගේ වරදින් නොවේ. ප්‍රචණ්ඩත්වය පිළිබද කතා කරන විට වින්දිතයාට වරද පැටවීමේ වැළකී සිට යුතු වනවා. අපරාධ සිදු වන්නේ අපරාධයකරුවා එය සිදු කළ නිසා මිස වින්දිතයා අදින පළදින විදිය, කතා විලාශය හෝ වරදක් කළ නිසා නොවේ.

කෙනෙකුගේ ලිංගිකත්වය, සමාජීය ස්ත්‍රී පුරුෂභාවය, සමාජභාවී අනන්‍යතාවය හෝ ලිංගික ආකල්ප සහ ලක්ෂණ මත පදනම්ව තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙත සිදු කරන ඕනෑම හානිදායක වූ ක්‍රියාවක් සමාජීය ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) යනුවෙන් හදුන්වන්න පුළුවන්. එයට කායික, ලිංගික, චිත්තවේගී සහ ආර්ථික අපයෝජන ඇතුළත් වන අතර බලකිරීම් හා අහිමිකිරීම් මඟින් පොදු හෝ පෞද්ගලික අවකාශය තුළදී මෙන්ම අන්තර්ජාලය හරහා ද මෙම ප්‍රචණ්ඩක්‍රියා සිදු විය හැකියි.

සමාජීය ස්ත්‍රී භාවයමත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ආකාර මොනවාද?

සමාජීය ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තුළට සමීප සහකරු මඟින් සිදුවන ප්‍රචණ්ඩත්වය (Intimate Partner Violence), ලිංගික හිරිහැර, මිනිස් වෙළදාම, ළමා විවාහ සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් වූ ඝාතන (ස්ත්‍රී ඝාතන) ආදී විවිධ ස්වරූප ඇතුළත් වනවා. අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිරිහැර සහ සූරාකෑම වැනි ඩිජිටල් ප්‍රචණ්ඩත්වය ද, අතහැර දැමීම, ලුහුබැඳීම, හිරිහැර කිරීම, ළමා හා වැඩිහිටි අපයෝජනය මෙන්ම පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාවය යටපත් කරන ඕනෑම ක්‍රියාවක් ස්ත්‍රී පුරුෂ ප්‍රචණ්ඩත්වයේ ආකාර ලෙස නම් කිරීමට පුළුවන්.

සමාජීය ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ සාමාන්‍ය අපරාධකරුවන් කවුද?
ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් සිදු වන්න බලය නිසායි. ඒ නිසා සෑම විටම හිංසන සහ ප්‍රචණ්ඩක්‍රියා සිදු කරන්නේ වින්දිතයාට වඩා බලයෙන් වැඩි පුද්ගලයෙක්.

සමාජීය ස්ත්‍රී පුරුෂභාවය මත සිදු වන ප්‍රචණ්ඩත්වයේ අපරාධකරුවන් අතර සමීප හවුල්කරුවන්, පවුලේ සාමාජිකයන්, රැකබලා ගන්නන් හෝ ප්‍රජා සාමාජිකයන් ද සිටින්නට පුළුවන. මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා සේවා ස්ථාන, පාසල්, හෝ ආගමික අවකාශයන් වැනි ආයතනික රාමු තුළ සහ වැඩි වශයෙන් අන්තර්ජාලය හා සබැඳි පරිසරයන් තුළ ද සිදු වනවා.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය

ශ්‍රී ලංකාෙව් සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා වන නීති රාමුවක් තිබෙනවා.

කාන්තාවන්ගේ (සහ දරුවන්ගේ) භෞතික අඛණ්ඩතාවය (Bodily Integrity) ආරක්‍ෂා කර ගැනීම පිණිස දණ්ඩ නතී සංග්‍රහය 1995 සහ 1998 දී සංශෝධනයක් මගින් ශකත්තිමත් කරනු ලැබුවා.
එමෙන්ම, කැමැත්ත උල්ලංඝණය කරමින් ලිංගික ඇසුරේ යෙදෙන සෑම පුද්ගලයෙකුටම විරුද්ධව නඩු පැවරීමට අවස්ථාවක් තිබෙනවා.
මීට අමතරව, මිනිස් වෙලදාම, ව්‍යභිචාරය, ලිංගික සූරාකෑම, ළමා ලිංගික අපයෝජනය, සේවා ස්ථාන වලදී සිදු වන ලිංගකි හිරිහැර, පොදු ස්ථාන වලදී සිදු වන ලිංගික හිරිහැර ආදාය නඩු පැවරිය හැකි අපරාධ ලෙස ශ්‍රී ලංකාවේ නීතිය මගින් හදුනාගෙන තිබෙනවා.

වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිම සදහා 2015දී ඇතුළත් කළ නීති මගින් වින්දිතයන්ට ලැබෙන ආරක්ෂාව වැඩි කිරීමට අවස්ථා ලැබී තිබෙනවා.
2005 ගෘහස්ථ හිංසන වැළැක්වීමේ ප ණත මගින් ප්‍රචණ්ඩත්වයට පත් වන පුද්ගලයන්ට ආරක්ෂණ හෝ අතුරු ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ශ්‍රී ලන්කා නීති ආධාර කොමිසම ( +94 115 335 329/ +94 115 335 281) හරහා නොමිලේ උපදෙස් සහ නීතීඥ සහය ලබා ගැනීමට පුලුවන්

ඔබ කිසියම් හෝ ප්‍රචණ්ඩක්‍රියාවකට මුහුණ දෙනවානම්, 1938 දුරකතන අන්කය අමතා හෝ ළගම ඇති පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට පුළුවන්.

ඔබට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමග ඒ ගැන කතා කරන්න. ඔබට උපදේශන හෝ වෙනත් මානසික සෞක්ය සහය අවශ්ය නම් 1926 (ජාතික මානසික සෞඛ්ය උපකාරක සේවාව) හෝ 0112555455 (ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය) දුරකතන අන්කය අමතා එම සේවාවන් වලට යොමුවන්න
ලින්ගිකව බොවෙන රෝග සදහා සිදුකරන පරීක්ශාවන් සහ හදිසි උපත්පාලන ක්‍රමයක් ලබාගන්න. ඒ සියලු දේ ඔබට රජයේ රොහල් හරහා නොමිලේ සිදුකරගන්න පුලුවන්.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්