
2024 වසර වන විට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිතා කරන පිරිස මිලියන 12.34 ක් ලෙස වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් එය 56.3%ක් පමණ වනවා. සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මිලියන 7.50කි. එඑ සමස්ථ ජනගහනයෙන් 34.2%ක් වනවා.
අන්තර්ජාලය යනු සැබෑ ලෝකයේම සෙවණැල්ලක් කිව්වොත් නිවැරදියි. අන්තර්ජාලයේ සැරි සරන්න්නේ අපිමයි. ඒ නිසා අන්තර්ජාලය ආරක්ෂිත තැනක් බවට පත් කිරීමට අපි හැමෝටම දායක වෙන්න පුළුවන්.
අන්තර්ජාලයේ බොහෝ කාලයක් ගත කිරීමට බෙහෝ අය පුරුදු වී සිටිනවා. සන්නිවේදනය, සාප්පු යාම, උපදෙස් සොයා ගැනීම සහ තවත් බොහෝ දේ සඳහා අපි අන්තර්ජාලය භාවිතා කරනවා. නමුත් අන්තර්ජාලය සැම විටම සුරක්ෂිත නැහැ. ඒ නිසා අන්තර්ජාලය තුළ ඕනෑම කෙනෙකු හිංසනයට මුහුණ දිය හැකියි.
නාඳුනන අයගෙන් ලැබෙන කිසිදු ඇමුණුමක් විවෘත නොකරන්න
HTTPS සක්‍රියව නොමැති සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින්න
විශ්වාසදායක මූලාශවලින් පමණක් මෘදුකාංග(App/ Softwear) ඩවුන්ලෝඩ් කර ගන්න. නොමිලේ ලබාදෙන යෙදුම් සහ වැඩසටහන් ස්ථාපනය (Install) කිරීමට පෙර ඒවා ගැන සැලකිලිමත් වීමට වග බලා ගන්න.
මෙහෙයුම් පද්ධති (OS) ඇතුළුව ඔබගේ වර්තමාන යෙදුම් නිතිපතා යාවත්කාලීන (Updade) කරන්න.
ඔබගේ අන්තර්ජාල ගිණුම් තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂක සැකසුම් (Privacy settings) නිසි ලෙස යොදා කර ඇති බවට වග බලා ගන්න (උදා: විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය ආදිය)
ඊමේල් සහ වෙබ් පිටු වල නොදන්නා සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.
විද්‍යුත් තැපෑලක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි හෝ බැනර් මත ක්ලික් කරනවා වෙනුවට, ලිපින තීරුවේ වෙබ් අඩවිය ටයිප් කරන්න.
ඔබගේ උපාංගයේ ප්‍රති-වයිරස (Anti virus) මෘදුකාංගයක් ස්ථාපනය කර එය යාවත්කාලීනව තබා ගන්න
අනිෂ්ට මෘදුකාංග (Malwera) අවහිර කිරීමට browser extensions සහ වෙනත් ආරක්ෂක සැකසුම් භාවිතා කරන්න.
කිසිවෙකුට හෝ හානියක් විය හැකි දේ අන්තර්ජාලයට ඇතුළු කිරීමෙන් වළකින්න.
1. කුකීස් කළමනාකරණය කරන්න
ඔබේ බ්‍රව්සරය විවිධ තොරතුරු රඳවා ගැනීමට කුකීස් භාවිතා කරයි . එහි මුල් අරමුණ වූයේ පිවිසුම් තොරතුරු ගබඩා කිරීමෙන් පරිශීලකයින්ට ගවේෂණය පහසු කිරීමයි. ඔබට අවශ්‍ය නොවන කුකීස් ඉවත් කිරීම, වෙබ් අඩවි වෙත සැරිසැරූ පසු එම වෙබ් අඩවි ඔබව ලුහුබැඳ යාමෙන් වළක්වා ගත හැකි හොඳම ක්‍රමයයි.
2. ද්වි-සාධක සත්‍යාපනය භාවිතා කරන්න (2F Authentication)
ද්වි-සාධක සත්‍යාපනය යනු පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සාධකයන් දෙකක් යොදා ගැනීමයි. එම සාධක ලෙස ඔබට මුරපදයක්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යවන ලද සබැඳියක් (Link) හෝ කේතයක් (Code) යන ඒවායින් දෙකක් අවශ්‍ය වේ. මෙවැනි දෙවන සාධකයක් යොදාගැනීම තොරතුරු ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉවහල් වේ.
3. තිර අගුල් (Passcode) භාවිත කරන්න
ඔබගේ දුරකථනය, ටැබ්ලටය, පරිගණකය හෝ ස්මාර්ට් ජංගම දුරකථනය සුරක්ෂිත කිරීමට සෑම විටම තිර අගුලක් භාවිතා කරන්න. එයකිසිවෙකුත් සමග බෙදා ගැනීමෙන් වළකින්න. ඔබගේ උපාංගයට ප්‍රවේශවීම සඳහා ඇඟිලි සලකුණු හෝ පින් එකක් ඉල්ලීමෙන් ඔබටඅමතර ආරක්ෂිත බවක් ලැබෙනු ඇත.
4. VPN භාවිතා කරන්න
VPNs, හෝ අතථ්‍ය පුද්ගලික ජාල යනු ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතයෙන් ආරක්‍ෂිත පුද්ගලික සම්බන්ධයක් ඇති කර ගැනීමේ ක්‍රමයකි.
එහිදී ඔබගේ VPN සත්කාරක සමාගම විසින් විශේෂයෙන් වින්‍යාස කරන ලද දුරස්ථ සේවාදායකයක් හරහා ඔබගේ IP ලිපිනය සඟවයි. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ VPN හරහා සැරිසරන්නේ නම්, VPN සේවාදායකය ඔබේ දත්තවල ප්‍රභවය බවට පත්වන අතර ඔබ පිවිසෙන වෙබ් අඩවි හෝ අන්තර්ජාල සේවා සැපයුම්කරු (ISP) සහ වෙනත් තෙවන පාර්ශවයන්ගෙන් ඔබ අන්තර්ජාලය හරහා යවන සහ ලබා ගන්නා දත්ත සඟවයි. VPN ක්‍රියා කරන්නේ ඔබේ සියලු දත්ත “ගුප්ත” බවට හරවන පෙරණයක් ලෙස ය. යමෙකු ඔබගේ දත්ත වලට ඇතුල් වුව ද ඒවා භාවිතය නිෂ්ඵල වනු ඇත.
5. Free wifi භාවිත කිරීමේදී සැළකිළිමත් වන්න
‘පොදු’ රැහැන් රහිත ජාල හෝ හොට්ස්පොට් යනු පොදු ප්‍රවාහනය , ආපනශාලා, හෝටල් සහ පබ් වැනි ස්ථානවල ඔබට අන්තර්ජාලය හාසම්බන්ධ වීමට සපයා ඇති සේවාවකි.කෙසේ වෙතත්, පොදු වයිෆයි ජාල එතරම් ආරක්‍ෂිත නොවේ. සමහර පොදු වයිෆයි ජාලයන්ටමුරපදයක් අවශ්‍ය වුවද, මේවා සාමාන්‍යයෙන් ආපනශාලාවේ හෝ පොදු ස්ථානයක හිමිකරුට ඔබ ඔවුන්ගේ ආපනශාලාව තුළ සිටින බවදැන ගැනීමට පමණක් යොදා ගනී. ඒවා නිසැකවම ගුප්තකේතනය හරහා ආරක්ෂාව සපයන්නේ නැත.
එසේම, සමහර යෙදුම් සහ වෙබ් අඩවි ගුප්තකේතනය (Secure) කර ඇත, බොහෝ ඒවා එසේ නොවේ.
එබැවින් අපි පොදු ජාල භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතා කරන විට, අනවශ්‍ය පුද්ගලයන්ට ඔබේ උපාංගයෙන් යවන දේ ‘කියවීම’ සඳහා හැකියාවක් පවතින බව මතක තබා ගන්න පොදු Wi-Fi භාවිතා කරන අතරතුර ඔබේ තොරතුරු ආරක්ෂා කර ගැනීමට ඇතිහොඳම ක්‍රමය අතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) භාවිතා කිරීමයි.
එසේ වුවද ඔබ පොදු Wi-Fi භාවිතා කළ යුතු නම්,
ඔබ බ්ලූටූත් සහ වයිෆයි භාවිතා නොකරන විට ඒවා ක්‍රියා විරහිත කරන්න.
ඔබ සංවේදී දත්ත සහිත වෙබ් අඩවියකට යා යුතු නම්, එය ගුප්තකේතනය කර ඇති බවට වග බලා ගන්න. වෙබ් බ්‍රව්සරයේ වම්පස ඉහලකෙලවරේ ඇති ‘අගුළු ලකුණ’ මගින් එම වෙබ් අඩවිය ගුප්ත කේතනය (Secure) කර ඇති බව හඳුනා ගත හැක., උදා. facebook.com වෙබ් අඩවියhttp වෙනුවට https පෙන්වයි. ‘Whatappapp’ වැනි සමහර යෙදුම්ද ගුප්තකේතනය කර ඇත, නමුත් සැකයක් ඇත්නම් ප්‍රවේසම් වන්න
හැකි සෑම තැනකම, ජංගම දුරකථනය (දත්ත සීමාවන් / පිරිවැය පිළිබඳව දැනුවත්ව සිටියත්) වාණිජ හොට්ස්පොට් සම්බන්ධතාවයක් හෝඅතථ්‍ය පුද්ගලික ජාලයක් (VPN) භාවිත කරන්න.
පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය වැනි ආවේනික අනන්‍යතාවයන් පදනම් කර ගෙන පහත් කරන සුළු භාෂාවකින් ඉලක්ක ගත පහර ගැසීමක් වෛරීය ප්‍රකාශනයක් ලෙස හැදින්න්වේත වෛරීය ප්‍රකාශණය මගින් සමාජය තුළ පවතින සාමට බාධා එල්ල විය හැකි අතර, ප්‍රචණ්ඩත්වය සදහා අනුබලදීම් සිදු විය හැකිය.
සංඛ්‍යාත්මක සුළුතර ජාතීන් පිළිබද එන්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පෙන්වා දෙන ආකාරයට සමාජමාධ්‍ය තුළ වෛරීය කථනයට 70% ගොදුරු වන්නේ සුළුතර ප්‍රජාවන්ය. ශ්‍රී ලංකාව තුළ 2023 වසරේදී හානිකර කථනයට 51%ක් ස්ත්‍රීන්ද 24%ක් සුළුතර ප්‍රජාවන්ද ගොදුරු වී ඇත.
සමාජමාධ්‍ය භාවිත කිරීමේදී අප සිහි තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ වෛරීය කථනයෙන් බැහැර වීමයි. කෙනෙකු පහත් කරන ආකාරයේ පේස්ටුවක්, කිසියම් ප්‍රජාවක් හෝ පුදුගලෙයක් අරමුණු කර ගත් වෛරීය ප්‍රකාශණයක් ඇතුළත් වීඩියෝවක් ඇස ගැටුණෙත් වහාම එය සමාජ මාධ්‍යයට වාර්තා (report button) කරන්න.
මේ හැම දෙකටම වඩා අන්තර්ජාලයේ සැරිසරන විට නුවණැති වන්න.
අන්තර්ජාලයට ඇතුළු කරන කිසිවක් මැකී යන්නේ නැහැ. හිමිකරුවන් විසින් මතා දැමුවත් ඒවා නැවත ලබා ගැනීමේ Software ඕනෑ තරම් තිබේ. ඒ නිසා, ඔබේ පෞද්ගලික ඡායාරූප හෝ පෞද්ගලික විස්තර බෙදා ගැනීමේදී නුවණැතිව දෙවරක් සිතන්න.
ආදර සම්බන්ධතා වලදී හුවමාරු කර ගන්න ඡායාරූප සහ වීඩියෝ පට නිසා ඇති විය හැකි ගැටළු පිළිබද වැඩිදුර කියවීමට සයිබර්ලිංගික හිසංනය යන ලිපියට පිවිසෙන්න.
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
හිංසන පිටු දැකීම
Things to Read
ආදර හසුනක් ලිවීමට සීමා වී තිබුණ යොවුන් වියේ ආදරය නූතන ලෝකයේදී බෙහෝ විට සිදු වන්නේ ස්මාර්ට් දුරකතනය හරහායි. උදාහරණයක් ලෙස,...
හිංසන පිටු දැකීම
Things to Read
හිංසන වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
හිංසන පිටු දැකීම
Things to Read
යම්කෙනෙක් විසින් තවකෙකුට නින්දා කිරීම, තැතිගැන්වීම හෝ ආධිපත්‍යයක් තහවුරු කරගැනීම, එසේත් නැතහොත් එවැන්නක් කරන බවට තර්ජනයක් කිරීම ‘හිරිහැර’ කිරීම යනුවෙන්...
හිංසන පිටු දැකීම
Things to Read
හිරිහැර සහ දාමරිකකම් ( bullying)