:

හදිසි ගැබ්ගැනීම් වළක්වාගැනීම

සැළසුම් නොකළ/ අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට ඇති හොදම ක්‍රමය වන්නේ ලිංගික හැසිරීම් වළින් වැළකී සිටීමයි. ලිංගික හැසිරීම් වල යෙදෙනවා නම් හොදම විලක්පය වන්නේ ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක් භාවිත කිරීමයි. ප්‍රතිසංධිවිරෝධක ක්‍රම යනුවෙන් අදහස් වන්නේ අනපේක්ෂත ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සදහා යොදා ගන්නා ක්‍රමයි.

ප්‍රතිසංධිවිරෝධක ක්‍රමය අසාර්ථක වූ අවස්ථාවක හෝ ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක් නොමැතිව ලිංගික හැසිරීමක යෙදුණොත් ගැබ් ගැනීමක් වළක්වා ගන්න හදිසි ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්.

Condom - ඒයි …

Condom - ඒයි …

Man - මොනවා? කොන්ඩම් එකක් කතා කරනවා?

Condom - ඒක නෙමෙයි ප්‍රශ්නේ!, හිල් වෙලා!

Man - මොකක්ද?

Condom - මාව හිල් වෙලා!!

Man - ඒක කොහොමද? මං හරියට දා ගත්තනේ?

Condom - මම මේ ලාච්චුවේම එක්ස්පයර් වෙලා දැන් මාස ගානක්! මෙච්චර කල් මාව පාවිච්චි කළේ නැනේ ඉතිං.

Man - මළ කෙලියයි, හිල් වෙලා නං ලීක් වෙලත් ඇති.

Woman - මේ මොකද්ද මේ!

Man - කොන්ඩම් එක හිල් වෙලා!

Woman - මොනවා! දැන් අපි මොකද කරන්නේ!

Condom - බය වෙන්න එපා! මේ වගේ ගැටළු වලට විසඳුම් තියනවා. මට මතකයි මම ෆාමසියේ ඉද්දි මගේ ශේල්ෆ් එකේ හිටපු කට්ටිය

Condom - ඒයි පස්ස් පස්ස්

ECP - ඈඈ? ඇයි? මොකවත් හදිස්සියක්ද?

Condom - ඔයාල කවුද? මොනවද කරන්නේ?

ECP - හදිස්සියේ ඔයා ලීක් වුණොත් හරි, මෙයාව (points at pill packet OCP) හරියට ගන්න අමතක වුණොත් හරි, එහෙම නැත්තං සූදානමක් නැති වෙලාවක සෙක්ස් කරොත්, ලිංගික බලහත්කාරකමක් වුණොත්, ප්‍රෙග්නන්ට් වෙන එක වලක්වන එක තමයි මගේ ජොබ් එක.

Condom - ඒ කියන්නේ?

ECP - ඒ කියන්නේ කියන්නේ?

Condom - කොහොමද ඔයා ඒක කරන්නේ?

ECP – සෙක්ස් කරාට පස්සේ ප්‍රෙග්නන්ට් වෙයි කියලා බය හිතෙනවනම්, ටක් ගාල මාව ගන්න ඕනේ

Condom - ටක් ගාල කිවුවේ? ඉතින් ගෙදර තියාගෙන ඉන්නේ නෑ නේ? ඒ වෙලේම ගන්න ඕනෙද?

ECP - පුළුවන් තරම් ඉක්මනින් ගත්තොත් වඩාත් ම හොඳයි, කල් යන්න යන්න ප්‍රතිඵල බාල වෙනවා. හැබැයි ඉතින් ඔන්න දවස් පහකින් පස්සේ වගේ අරගෙන නම් වැඩක්ම නෑ.

Condom – එතකොට එහා පැත්තේ අර ඩබල් දාල ඉන්නේ කවුද? එකම නම තියෙන්නේ, බයි වන් ගේට් වන් ප්‍රොමෝෂන් එකක්ද?

TWO PILL ECP - නෑ නෑ - එක පෙත්තක් තියෙන පැකට් වගේම පෙති දෙකක් තියෙන පැකටුත් තියෙනවා. දෙකෙන්ම කෙරෙන්නේ එකම වැඩේ.

Condom - ඉතින් එකකින් වැඩේ වෙනවනම් ඇයි දෙකක් ගන්නේ?

TWO PILL ECP : අයියෝ හරි වදයක් උනානේ මේ කොන්ඩම් එක, එහෙම තමයි, ඔයාගෙත් ඔය පාට පාට ඒවා තියෙන්නේ! එක්කෝ තනි පෙත්ත තියන පැකට් එකේ තනි පෙත්ත ගන්න, නැත්නම් පෙති දෙකක් තියන පැකට් එකේ එකක් පුළුවන් තරම් ඉක්මනින් අරන් අනික පැය දොළහකින් ගන්න. එකම වැඩේ තමයි වෙන්නේ!

Condom: ආ… රයිට් රයිට් - මන් ඉතින් ඕවා දන්නේ නෑනේ මන් කොන්ඩම් එකක්.

OC pill - ඔය වැඩේ මටත් කරන්න පුළුවන්.

Condom - ඒ කොහොමද?

Pill – මගෙන් පෙති 4ක් එකපාර ගන්න. ඊට පස්සේ පැය 12කින් තව පෙති 4ක් ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි ඉක්මණටම ගන්න ඕනේ.

Condom - ඉතින් හතර හතර ගන්නේ ඇයි? ආන් අරයගෙ එක පෙත්තයි තියෙන්නේ එක ගත්තනම්…

OC Pill : අයියෝ, විශාල කරදරයක් උනානේ මේක! , other contraceptives making disapproving noise in unison(louder) අපි තුන්දෙනාගෙන්ම එකම වැඩේ වෙන්නේ හරිද? හැම කඩේම අපි තුන් දෙනාම නෑ! ඉතින් තියන එක අරගෙන හරි විදිහට පාවිච්චි කරන්න, තේරුනා ද?

Narrator: එහෙම නැත්තන්, දින 5ක් ඇතුළත ළගම තියෙන රෝහලකින් ලූප් එකක් දා ගන්නත් පුළුවන්. හැබැයි පරක්කු කරන්නැතුව ඉක්මණින්ම මේ මොකක් හරි ක්‍රමයක් භාවිතා කරන්න ඕනේ.

Condom – මේ ඔය කියන විදියට මේ ඉන්න හැමෝන්ටම ගැබ් ගැනීමක් වළක්වන්න පුළුවන් නම් මම මෙච්චර දුක් විඳින්නේ ඇයි?

ECP - මෙයා වගේ මාව හැමදාම ගන්න එකක් නෙමෙයි. හදිස්සියකට විතරයි. ගැබ් ගැනීමක් වළක්වන්න අපිට පුළුවන් වුණාට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයක් වළක්වන්න පුළුවන් එකම කෙනා ඔයා - ඉතින් ඔයා අපිව මහා රෑ ඇහැරවලා ප්‍රශ්න අහල වද දුන්නට ඔයාගෙනුත් ලොකු සේවයක් වෙනවා!

Man – මං ටක් ගාලා ගිහින් මේ පෙති පැකට් එකක් අරන් එන්නම්.

Woman – එක්ස්පයර් වෙච්ච නැති කොන්ඩම් පැකට් එකකුත් අරන් එන්න හොදේ. අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් බෝ වී ඇත්දැයි දැන ගැනීමට පරීක්ෂණයක් සදහා යොමු වන්න. Online ක්‍රමයට සෞඛ්‍යය අමාත්‍යංශයේ KNOW4SURE සේවා සමග සම්බන්ධ වන්න.

හදිසි ප්‍රතිසංධිවිරෝධක ක්‍රම, පසු සංවාස ප්‍රතිසංධිවිරෝධනය ලෙස හැදින්වෙන්නේ,

1. ලිංගික බලහත්කාරකමට මුහුණ දුන් අවස්ථාවක.

2. අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු

3. හෝ දැනට භාවිතා කරන ප්‍රතිසංධිවිරෝධක ක්‍රමය අසාර්ථක වීමක දී (උදා: කොන්ඩමය ඉරීයාම) අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රමයි.

එවැනි ක්‍රම තුනක් පහතින් පෙන්වා දී තිබෙනවා.

1. හදිසි උපත් පාලන පෙති (morning after pill)

මෙම පෙතිවල අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනයයි.

ග්‍රෑ. 0.75 පෙති දෙකක් ලෙස හෝ මි.ග්‍රෑ. 1.5 ක තනි පෙත්තක් ලෙස ෆාමසි වලින් ලබා ගන්න පුළුවන්.

පැකට්ටුවේ පෙති 2 ක් තිබේ නම් මුල් පෙත්ත ලබා ගෙන පැය 12කින් දෙවැනි පෙත්ත ලබා ගන්න පුළුවන්. පෙති දෙකම එකවර ලබා ගත්තත් ගැටළුවක් නැහැ. ඔබ ලබා ගන්නා පැකට්ටුවේ දක්වා ඇති ආකාරයට පෙති පාවිච්චි කරන්න. සෑම කාන්තාවකටම හදිසි අවස්ථාවකදී මෙම පෙති ආරක්ෂාකාරීව සහ ඵලදායීව ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසු හැකි ඉක්මණින් ලබා ගැනීමෙන් මෙහි සාර්ථකභාවය වැඩි කර ගත හැකියි.

අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින 5 කට පසුව මේ පෙති ලබා ගැනීමෙන් සාර්ථක්වයක් බලාපොරොත්තු විය නොහැකිය.

හදිසි ප්‍රතිසංධිවිරෝධක පෙති මගින් ඩිම්භණීහරණය හෙවත් ඩිම්බ මෝචනය (ovulation) වැළැක්වීම හෝ ප්‍රමාද කිරීම මගින් ගැබ් ගැනීම වළක්වනවා.

හදිසි ප්‍රතිසංධිවිරෝධක ක්‍රම මඟින් ස්ථාපිත ගැබ් ගැනීමකට බාධාවක් හෝ වර්ධනය වන කලලයකට හානියක් වන්නේ නැහැ.

මින් ගැබ් ගැනීමක් වළක්වන්නේ ඩිම්භ පිටවීම වැළැක්වීම මගින් වන නිසා, ඔසප් චක්‍රයේ වෙනස්කම් සිදු විය හැකියි. ඔසප් වීම සතියකට වඩා ප්‍රමාද නම්, ගර්භණී පරීක්ෂණයක් සිදු කර ගත හැකියි.

නිතර අනාරක්ෂිත ලිංගික ඇසුරේ යෙදෙනවානම්, සාර්ථකව ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සදහා සාමාන්‍ය ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක් භාවිත කළ යුතුයි.
මතක තබා ගන්න, මෙය දිනපතා භාවිත කළ හැකි ක්‍රමයක් නෙවේ.

2. අන්තර්ගර්භාෂ තැන්පතුව (IUD)

අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින 5 ක් ඇතුළත ලූපයක් තැන්පත් කළ යුතුය. එමගින් ගර්භාෂය තුළ ගර්භණීභාවයක් හට ගැනීමට නුසුදුසු වටපිටාවක් සකස් කරනවා. මේ ක්‍රමය වෛද්‍යවරයෙකු විසින් සායනයකදී සිදු කළ යුතුයි.

3. සාමාන්‍ය පවුල් සැලසුම් ගිලින පෙති

අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු හැකි ඉක්මණින් (පැය 72 ක් තුළ) හෝමෝන අඩංගු පෙති 4 ක් ලබා ගෙන තවත් පෙති 4 ක් ඉන් පැය 12 කින් පසු ලබා ගත යුතුයි.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්