:

ප්‍රතිසංධිවිරෝධනය

ප්‍රතිසංධිවිරෝධනය යනුවෙන් අදහස් වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමයි. ඒ සදහා විවිධ ක්‍රම තිබෙනවා. ඔබ ලිංගිකව හැසිරෙන කෙනෙක් වුවත් නැති කෙනෙක් වුවත් ප්‍රතිසංධිවිරෝධක ක්‍රම ගැන දැන සිටීම වැදගත්.

ප්‍රතිසංධිවිරෝධනයෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් සිදු වනවා. එනම්,

1. සැළසුම් නොකළ ගැබ් ගැනීම් වැළැක්වීම

2. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) වැළැක්වීම

ප්‍රතිසංධිවිරෝධක ක්‍රම රාශියක් පවතින බැවින්, ඔබට වඩාත් සුදුසු ප්‍රතිසංධිවිරෝධක ක්‍රමය තෝරා ගැනීමේදී කරුණු කිහිපයක් සලකා බැලීම වැදගත්. ආරක්ෂාව, ඵලදායීතාවය, ලබා ගැනීමට ඇති හැකියාව සහ දැරීමට හැකි මිල ඒ කරුණු අතර ප්‍රධාන වනවා.

කොන්ඩමය:
අපි හැ මෝටම පැවරිලා තියෙන වගකීම තමයි සැළසුම් නොකළ ගබ් ගැනීම වලක්වගන්න එක. හරි අපි බලමු අපි එක්කෙනාට මොනවද කරන්න පුලුවන් කියලා.

උපත් පාලන පෙති පැ කට්ටුව :
මම තමයි ගැබ් ගැනීමක් වළක්වන පෙති. දවසට එක ගානෙ හැමදාම ගත්තම ප්‍රෙග්නන්ට් වෙන්නේ නෑ .

ලූපය :
මම තමයි ලූප් එක. මාව ගර්භාශෙ ඇතුලෙ තැ න්පත් කරා ම අවුරුදු දහයක් යනකල් ම ගැබ් ගැනීමක් වළක්වන්න මට පුලුවන්. මාව ගැලෙව්වට පස්සේ ඕනෙම වෙලාවක ප්‍රෙග්නන්ට් වෙන්නත් පුලුවන්.

විදින බෙහෙත:
මම තමයි ඉන්ජෙක්ෂන් එක. එක සැරයක් විදගත්තම මාස තුනක් යනකල් ප්‍රෙග්නන්ට් නොවී ඉන්න පුලුවන්. ඉතින් හැම මාස තුනකට සැ රයක් ම ක්ලිනික් එකට ගිහින් මාව විදගන්න වෙනවා .

ඉම්ප්ලාන්ට් එක :
මට තමයි හමට යටින් තැන්පත් කරන හෝමෝන කරල්. මාව අතේ හමට යටින් තැ න්පත් කරගත්තම අවුරුදු තුනක් හෝ පහක් දක්වා ගැබ් ගැනීම වළක්වා ගන්න පුලුවන්. කැමති වෙලාවක මාව අයින් කරලා ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන්.

කොන්ඩමය. :
හරි මම කවුද කියන්න බැරි උනානෙ . මම තමයි කො න්ඩමය. මාව හරි විදිහට ශිශ්නයේ පැලඳගත්තා ම පුලුවන් ප්‍රෙග්නන්ට් වෙන එක වලක්වා ගන්න. ඒ විතරක් නෙවෙ යි මට විතරයි පුලුවන් ඔයාලව ලිංගිකව සම්පේෂණය වන ආසාදන වලින් ආරක්ෂා කරගන්න. එච් අයි වි වලින් උනත් ආරක්ෂා වෙන්න පුලුවන්. හැබැයි මාව හරි ක්‍රමයට පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕන.

කොන්ඩමය. :
තේරුණානේ?
අපි හැමෝම කරන්නේ එකම දේ වුණාට අපිව හදලා තියෙනේ එක එක විදියට. ඉතින් ඒ ගැන දැනුම තියෙන කෙනෙක් එක්ක කතා කරලා තමන්ට ගැලපෙන දේ තෝරගත්තොත් සැළසුම් නොකළ ගැබ් ගැනීම වලක්වගන්න්වා වගේම ලිංගිකව සම්ප්රේෂණය ආසාදන වලින් ආරක්ෂා වළක්වාගන්ත් පුළුවන්.

ශ්‍රී ලංකාවේදී ලබා ගත හැකි නවීන උපත් පාලන ක්‍රම කිහිපයක් ගැන තොරතුරු පහතින් දැක්වෙනවා.

ගිලින පෙති

ගිලින පෙති යනු ගැබ් ගැනීම වළක්වන හෝමෝන අඩංගු ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයක්. සෑම විටම නියමිත වේලාවට පෙත්ත ලබා ගන්නේ නම් මෙය ආරක්ෂිත, දැරිය හැකි මිළක් සහිත සහ ඵලදායී ක්‍රමයක්.

ගිලින පෙති එක් පැකැට්ටුවක පෙති 28 ක් ඇති අතර මුල් පෙති 21 (ලා පැහැති පෙති), හෝමෝන (ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටින්) අඩංගු වේ. ඉතිරි පෙති 07 (දුඹුරු පැහැති පෙති) යකඩ අඩංගු වේ.

ගිලින පෙති දිනපතා නිසියාකාරව ගැනීමෙන් ඩිම්බ වර්ධනය හා මෝචනය වීම වළක්වන අතර ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝනකම වැඩි කර ශුක්‍රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා.

නික්ෂේපණය (DMPA) එන්නත්

ඩිම්බ වර්ධනය හා මෝචනය වීම වළක්වන අතර ගැබ්ගෙල ශ්‍රාවයන්හි ඝනකම වැඩිකර ශුක්‍රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා.

සාමාන්‍ය කාන්තාවකට මෙම එන්නත ලබා ගැනීමට වඩාත්ම උචිත වන්නේ ඔසප් වීම පටන් ගෙන මුල් දින 7 තුළ දී යි. ප්‍රසූතියෙන් සති 6 කට පසු ද එන්නත ලබා ගන්න පුළුවන්.

දින 90 කට වරක් මෙම එන්නත ලබා ගත යුතු වනවා.

හෝමෝන කරල් තැන්පතුව

හෝමෝන කරල් තැන්පතු යනු දීර්ඝ කාලීනව ක්‍රියා කරන, ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩංගු සිහින් කරල්ය.

මෙමගින් ඩිම්බ වර්ධනය හා මෝචනය වළක්වන අතර, ගැබ්ගෙල ස්‍රාවයන්හි ඝනකම වැඩි කර ශුක්‍රාණු ගර්භාෂය තුළට යාම අවහිර කරනවා.

දැනට ලංකාවේ භාවිතා කරන්නේ,

තනි කරල් තැන්පතුව (ගැබ් ගැනීම් වලින් අවුරුදු 03 ක් දක්වා ආරක්ෂාව සලසයි.)

කරල් දෙකේ තැන්පතුව (ගැබ් ගැනීම් වලින් අවුරුදු 05 ක් දක්වා ආරක්ෂාව සලසයි.)

මෙය පුහුණුව ලත් වෛද්‍යවරයෙකු විසින් කාන්තාවකගේ උඩු බාහුවේ ඇතුල් පැත්තෙහි කුඩා කැපුමක් තුළින් සමට යටින් තැන්පත් කරනවා.

කාල සීමාව අවසානයේ කරල් ඉවත් කරගත යුතුයි. අවශ්‍ය නම් නැවත කරල් තැන්පත් තරගන්න පුළුවන්. මෙය දීර්ඝ කාලීනව ගැටළුවකින් තොරව නැවත නැවත තැන්පත් කර ගත හැකි උපත් පාලන ක්‍රමයක්.

අන්තර් ගර්භාෂ තැන්පතුව (IUD) ලූප්

මෙය තඹ හා ප්ලාස්ටික් අඩංගු, ශරීරයට හානියක් නොවන නැමෙන සුළු කුඩා තැන්පතුවක්.

මෙමගින් අවුරුදු 10 ක් දක්වා අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගත හැකියි.

ඒ අතර දරුවෙක් අවශ්‍ය වුවහොත් එය පහසුවෙන් ඉවත් කරවා ගෙන ඕනෑම අවස්ථාවක සරුභාවයට පත් විය හැකියි. අවුරුදු 10 අවසානයේ IUD තැන්පතුව ඉවත් කළ යුතු අතර තවදුරටත් ගැබ් ගැනීමෙන් වැළකීමට අවශ්‍ය නම් අළුත් තැන්පතුවක් එදිනම නැවත තැන්පත් කරවා ගත යුතු වනවා.

IUD තැන්පතුව මඟින් ප්‍රධාන වශයෙන් ඩිම්බය සංසේචනය වීම වළක්වන අතර කලාතුරකින් හෝ සංසේචනයක් සිදුවුවහොත් සංසේවනය වූ ඩිම්බය රෝපණය වීම වළක්වනවා.

පවුල් සැලසුම් සායනයක දී පුහුණුව ලද වෛද්‍යවරයකු හෝ හෙද සොහොයුරියක් විසින් මෙය ගර්භාෂ තුළ තැම්පත් කරනවා.

කොන්ඩමය (රබර් කොපුව)

ප්‍රාණවත් වූ ශිෂ්ණය ආවරණය කිරීම සඳහා භාවිතා කරන රබර් කොපුව කොන්ඩමය යනුවෙන් හැදින්වනවා.

ලිංගික සංසර්ගයේ යෙදෙන සෑම විටම අළුත් කොන්ඩමයක් භාවිතා කළ යුතුයි.

කොන්ඩමය ආවරණයක් ලෙස ක්‍රියාකරන බැවින් යෝනි මාර්ගය තුළ ශුක්‍රාණු ඇතුළු වීම වළක්වනවා.

කොන්ඩමය අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ආරක්ෂාවක් මෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින්ද ආරක්ෂාවක් ලබා දෙනවා. (Dual Protection)

ශුක්‍රාණු පිට වීමට පෙර ශිෂ්ණය පිටතට ගැනීමෙන් ගැබ් ගැනීමක් වළක්වා ගත හැකිද?

ශිෂ්ණය ඉවත් කර ගැනීමේ ප්‍රතිසංධිවිරෝධක ක්‍රමය යනු ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ශුක්‍රාණු පිටවීමට පෙර ශිෂ්ණය යෝනියෙන් සහ යෝනි ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීමයි. “පිටතට ගැනීම (Pulling out)” ලෙසද හැඳින්වෙන ඉවත් කර ගැනීමේ ක්‍රමයෙහි අරමුණ ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමයි.

මෙම ක්‍රමය ගැබ් ගැනීම වළක්වා ගැනීම සඳහා එතරම් විශ්වාසදායක ක්‍රමයක් නොවෙයි. මන්ද, ශිෂණයේ ඇති precum හෙවත් පෙරදී වෘෂණ වලින් පිට වී ඇති ශුක්‍ර තරල ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගයට ඇතුළු වීමට ඉඩ ඇති නිසායි. එම නිසා මෙහි ඵලදායීතාවය නවීන ප්‍රතිසංධිවිරෝධක ක්‍රම සමඟ සැසදීමේදී ඉතා අවමයි.

ශුක්‍ර තරල පිටවීමට පෙර ශිෂ්ණය ඉවතට ගැනීම සදහා හොද සංමයක් තිබිය යුතුයි. ශුක්‍ර තරල පිට වීමට ළගම අවස්ථාව ඉතාම තෘප්තිමත් අවස්ථාවක් නිසා එසේ කිරීමට බෙහෝ අයට හිත දෙන්නේ නැහැ. ඒ නිසා ලිංගිකව හැසිරෙන සෑම අවස්ථාවදීම කෙන්ඩමයක් පාවිච්චි කිරීම නුවණට හුරුයි.

දින බැලීමේ ක්‍රමය

දින බැලීම, දින දර්ශන ක්‍රමය හෝ දින දර්ශන රටා ක්‍රමය ලෙස හැදින්වෙන මෙය සම්ප්‍රදායික ප්‍රතිසංධිවිරෝධක ක්‍රමයකි. දින දර්ශන ක්‍රමය භාවිත කිරීමට අවශ්‍ය නම් ඩිම්බ මෝචනය වන කාලය කල් තියා අනුමාන කර සරු කාලය හඳුනා ගත යුතුය.

සාමාන්‍යයෙන් මීලග ඔසප් දිනයේ සිට දින 14ක් ආපසු ගණන් කළ විට සරුකාලය උපකල්පනය කළ හැකිය. මේ ක්‍රමය සාර්ථක වන්නේ නිශ්චිතවම සරු කාලය හදුනා ගත හැකි එනම්, සෑම ඔසප් චක්‍රයක්ම එක සමාන දින ගණනික් සමන්විත වන විටදීය. ක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතියත් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග, බාහිර බලපෑම්, මානසික පීඩනය වැනි දේ නිසා ඇති වන හෝමෝන වෙනස් වීම් මත ඔසප් චක්‍රය වෙනස් විය හැකියි. ඒ නිසා මේ ක්‍රමය නවීන ප්‍රතිසංධිවිරෝධක ක්‍රම මෙන් සාර්ථක වන්නේ නැහැ.

මින් ගැබ්ගැනීමක් වළක්වා ගැනීමට සුළු හෝ ඉඩක් තිබුණත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

සරු කාලය අනුමාන කරන විදිය ගැන දැන ගන්න පහතින් ඇති Play බොත්තම ක්ලික් කරන්න.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්