:
දෙදෙනාම සිනාසෙයි; අපි දෙන්නා චූටි කාල් ඉඳලාම හොඳ යාලුවෝ
කුඩා පිරිමි ළමයා : පුංචි කාලෙ පිටතින් බැලුවම අපි දෙන්නම එක වගේ. ඇඳුම් වලින් විතරයි අපි දෙන්නාගෙන් කවුද ගෑනු ළමයා කවුද පිරිමි ළමයා කියලා හොයාගන්න පුලුවන් උනේ. හබැයි ටික ටික ලොකු වෙනකොට අපි දෙන්නාගේම ඇඟවල් ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා.
කුඩා ගැහනු ළමයා : විද්‍යාව ටීචර් නම් කිවුවේ එහෙම වෙන්නේ අපි ලොකු වෙනකොට ඇඟ අතුලේ හෝමෝන වල වෙන වෙනස්කම් නිසා කියලා .ඒකට බයවෙන්න ඕනෙම නෑ කියලත් කිවුවා. නව යොවුන් වයසට එනකොට එහෙම තමයි ලු
පිරිමි ළමයා : මම වේගෙන් උස ගියා, මගේ බරත් වැඩි උනා,උරහිස් පලල් උනා ,අත් කකුල් මහත් උනා
ගැහනු ළමයා : ඇයි මම. මමත් වේගෙන් උස ගියා, බර වැඩි උන, උකුල හරිය පලල් වුනා, කකුල් වල කලවා මහත් වෙනවා කියලා මට දැනුනා.කිහිල්ලේ , යෝනි ප්‍රදේශයේ , රෝම වැවෙන්න පටන් ගත්තා.
පිරිමි ළමයා : මූනෙ රැවුල වැවෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි පපුවෙ, කිහිල්ල්ලේ , වගේම ලිංගාශ්‍රිතව රෝම වැවෙන්න පටන් ගත්තා .බෙල්ල ටිකක් මහත් වුනා, කටහඬ ගොරෝසුවුනාඅපි දෙන්නගෙම මූනෙ කුරුලෑ එන්නත් පටන් ගත්තා
ගැහනු ළමයා : මගේ හම පැහැපත් වෙනවා කියලා පෙනුනා. ඔය අතරෙම මගේ පියයුරු ටික ටික ලොකු වෙන බව දැනුනා.
පිරිමි ළමයා : ඒ අතරෙම මගේ ලිංගේන්ද්‍රිය වගේම වෘශනකෝශත් ටික ටික ප්‍රමානයෙන් විශාල වුනා. ඒ වගේම සුක්‍රානුපිටවෙන්නත් පටන් ගත්තා.
ගැහනු ළමයා : මෙහෙම වෙනස් වෙලා එක දවසක් මගේ යෝනියෙන් ලේ ටිකක් පිටවෙලා තුබුනා. අම්ම කිවුවේ මගේ ඔසප් චක්‍රය පටන් අරන් කියලා. ඒ විතරක් නෙවෙයි යෝනියෙන් වතුර වගේ ශ්‍රාවයක් නිකුත් වෙන්නත් ඒ ශ්‍රාවයෙන් යෝනි ප්‍රදේශය තෙහ් වෙන්නත් පටන් ගත්තා.
ගැහනු ළමයා : ඉතින් ඔයාලත් නව යොවුන් වයසට ඒන්න ලඟයි නම් ඔයාලගේ ඇඟෙත් මේ වෙනස්කම් වෙන්න පටන් අරගෙන ඇති.
පිරිමි ළමයා : ඔයාලගේ ඇඟෙත් මේ වගේ වෙනස්කම් වෙලා ඇති. නැත්නම් ඉක්මනින් ම වෙයි. ඉතින් ඒ ගැන බයවෙන්න ඕනෙ නෑ.
දෙදෙනාම : ඒ ඔයාලත් අපි දෙන්නා වගේම නව යොවුන් වියට එළඹෙන නිසා
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
Things to Watch
ඔසප් වීම සාමාන්‍යයෙන් අවුරුදු 10 ත් 16ත් කාලය අතර ආරම්භ වන අතර ආර්තවහරණය වන තෙක් එනම් වයස අවුරුදු 40 ගණන්වල