:

දැරිය : ටීචර්?

ගුරුතුමිය : (සිනාසෙයි) ඇයි දුව් තාම ගෙදර? අද ඉස්කෝලෙ එන්නේ නැද්ද ?

දැරිය : (දුකෙන්) නෑ ටීචර් , අද මට මෙන්සස් හැදිලා නේ. ඉතින් මේ සතියම ඉස්කෝලෙ එන්න වෙන්නේ නෑ.

ගුරුතුමිය : ඒ මොකද ? කවුද කිවුවේ ඉස්කෝලෙ යන්න එපා කියලා ?

දැරිය (දුකෙන්) : අම්මා කිවුවේ. මෙන්සස් දවස්වලට පිටවෙන ලේ වල විසබීජ තියෙන නිසා කොහේවත් යන්න හොඳ නෑ, අනික් අයටත් ලෙඩ හැදෙන්න පුලුවන් කියලා. ඊයෙ මාව දේවාලෙට එක්කරගෙන ගියෙත් නෑ කිලි කියලා. (බිම බලයි)

ගුරුතුමිය (දුකෙන්) : නෑ දුව එහෙම එකක් නෑ. ඔසප් දවසට පොඩි පොඩි අපහසුතා දැනුනට ඒකත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්. වෙනදා කරන හැම දෙයක් ම එදාටත් කරන්න පුලුවන්. හරි දැන් ඉක්මනට ගිහින් ලැස්තිවෙලා එන්න ඉස්කෝලෙ යන්න. මම ඉන්නම් ඔයා එනකල්.

ගුරුතුමිය : දුව, ඔසප් දවසට පොඩි පොඩි අපහසුතා දැනුනට ඒකත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්. වෙනදා කරන හැම දෙයක් ම එදාටත් කරන්න පුලුවන්.

ගුරුතුමිය : ඔසප් දවසට පිටවෙන්නෙත් තුවාලයක් උනාම පිටවෙනවා වගේම සාමාන්‍ය ලේ, ඒ නිසා ඔයා එලියට ගියා කියලා අනික් අය ලෙඩ වෙන්නේ වත් , කාටවත් කරදරයක් වෙන්නේවත් නෑ. ඔය කිලි කියන දේවල් වලත් කිසිම විද්‍යාත්මක ඇත්තක් නෑ

දැරිය : ඒත් ටීචර් ආච්චි කියලා තියෙන්නේ මෙන්සස් හොඳ වෙනකල් නාන්න හොඳ නෑ. කියලා. ඉතින් කොහොමද ඉස්කෝලෙ එන්නේ ?

ගුරුතුමිය : දරුවෝ , මෙන්සස් දවසට ලේ පිටවෙන නිසා ඒ දවස් වලට අනික් දවස් වලටත් වඩා ඔයාලා පිරිසිදුව ඉන්න ඕන. විශේශයෙන් හැමදාම නාලා, ලිංගික අවයව හොඳින් හෝදලා පිරිසිදුව තියාගන්න ඕන. එහෙම නොකලොත් නම් ලෙඩ හැදෙන්න පුලුවන්.

ගුරුතුමිය : ඔයා උදේට කෑම කෑවද ?

දැරිය : නෑ ටීචර්. මේ දවස් වලට කන්න දෙන්නේ බතුයි එලවලුයි විතරයි නේ . ඉතින් මට කන්න බෑ හිතුනා.

ගුරුතුමිය : අනේ ළමයෝ. මෙන්සස් හැදෙනවා කියන්නේ ඔයාගේ ඇඟෙන් ලේ අයින් වෙනවා කියන එක. ලේත් එක්ක ඇඟේ තියෙන යකඩත් අයින් වෙනවා. අන්න ඒ යකඩ ටික ආපහු ලැබෙන්න නම් විශේශයෙන් ඔය දවස් වලට මස් මාලු කරවල බිත්තර කන්නම වෙනවා.

දැරිය : (උදරය පිරිමදියි) ටීච, මගේ ඇඟට හරිම අමාරුයි. බඩ රිදෙනවා හොඳටම .

ගුරුතුමිය : ඉතින් බෙහෙත් පෙත්තක් ගත්තේ නැද්ද ?

දැරිය :නෑ ටීචර් , නැන්දා කිවුවා බෙහෙත් බිවුවාම ලොකු උනාම බබාල හම්බවෙන්නේ නැතුව යනවා කියලා.

ගුරුතුමිය (සිනාසෙයි) : පිසුද ළමයෝ. වේදනාවට බෙහෙත් ගත්තා කියලා එහෙම දෙයක්වෙන්නේ නෑ. අපරාදෙ වේදනාවෙන් ඉන්නේ. වේදනාවට බෙහෙතක් ගන්න එක අපි හැමෝටම තියෙන අයිතියක්. මමත් ඔය කාලෙ වේදනාවට බෙහෙත් බිවුවා. ඉතින් මට ඔය බබාලා දෙන්නෙක් ම ඉන්නේ.
දෙදෙනා ම සිනාසෙයි.

ඔබට මේ පාඩම ගැන අවබෝධයක් ඇති බව හැඟෙන්නේද?

ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.

ගැටලුවක්ද?

උදව් කරන අය සොයා ගන්න.

මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.

1983 : කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට, හෙල්ප්ලයින් අංකය නොමිලේ අමතන්න.

වෙනත් කියවීම්