:
ස්ත්‍රී - පුරුෂ භාවය : (Sex) සහ සමාජයීය ස්ත්‍රී - පුරුෂ භාවය (Gender) යන වචන දෙක බොහෝ අවස්ථාවල එකම තේරුම දීම සඳහා මාරුවෙන් මාරුවට යොදා ගැනේ. කෙසේ වුවද, මෙම වචන දෙකට ඇත්තේ වෙනස් තේරුම් දෙකකි.
ස්ත්‍රී - පුරුෂ භාවය : නාම පදයකි
ස්ත්‍රී - පුරුෂ භාවය යනු කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය පිහිටා ඇති ලිංගික අවයව අනුව ලබා දෙන ලේබලයකි. ස්ත්‍රී පුරුෂ ලිංගික අවයව වලට අමතරව අන්තර් ලිංගිකව අවයව පිහිටා ඇති පුද්ගලයන්ද සිටිනවා.
ස්ත්‍රී පුරුෂභාවයට අදාල ගතිලක්ෂණවලට උදාහරණ කිහිපයක් පහත දැක්වේ: -
- ගැහැණු අයට යෝනි මාර්ගයක් තිබේ. පිරිමි අයට ශිෂ්ණයක් තිබේ.
- ගැහැණු අයට ගැබ් ගැනීමත් සහ දරුවන්ට කිරි දීමටත් හැකිය.
- පිරිමි අයට ගැහැණු අයට වඩා ගැඹුරු කටහඬක් තිබේ.
- පිරිමි අයට වෘෂණ ඇති අතර, ගැහැණු අයට ඩිම්බ කෝෂ තිබේ.
අන්තර් ලිංගික පුද්ගලයන් යනුවෙන් තමන්ට පිහිටා ඇත්තේ කුමන ලිංගික අයවය දැයි පැහැදිළිව තෝරා ගැනීමට නොහැකි හෝ ස්ත්‍රී පුරුෂ යැයි ගොඩනගා ඇති සම්මතයට වඩා වෙනස් ලෙස ලිංගික සහ ප්‍රජනන අවයව පිහිටා ඇති පුද්ගලයන්ය.
සමාජයීය ස්ත්‍රී - පුරුෂ භාවය යනු පිරිමින් සහ කාන්තාවන් සමාජයේ හැසිරිය යුත්තේ කෙසේදැයි සමාජය විසින් තීරණය කර තිබෙන ආකාරයයි. සමාජයීය ස්ත්‍රී - පුරුෂ භාවයෙන් කියවෙන්නේ පිරිමින් සහ ගැහැණුන් වශයෙන් අපේ භූමිකාව, ක්‍රියාකාරකම්, අප සමාජයේ හැසිරෙන ආකාරය සහ අපෙන් බලාපොරොත්තු වන දේවල් වේ. පිරිමි ගැහැණු දෙපාර්ශවයෙන් ඔබ්බට ගොස් ‘සමාජභාවය’ ලෙසද මේ සංකල්පය හැදින්වෙනවා.
එනම් සමාජභාවය යනු අපගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමාජයෙන් අපට ලබාදෙන භූමිකා සහ බලාපොරොත්තුයි. යෝනියන් තියෙනවානම් ස්ත්‍රී සමාජභාවයක් තිබිය යුතුයි එසේතු නැත්නම් ශිෂ්ණයක් තිබෙනවා නම් පිරිමි සමාජභාවයක් තිබිය යුතුයි යන සාම්ප්‍රදායික අදහස අභියෝගයට කළ කරන පුද්ගලයන්ද සිටිනවා. තමන්ට පිහිටා ඇති ලිංගික අවයව මත තමන්ගේ භූමිකාවන් හෝ තමන් හැසිරිය යුතු ආකාරය තීරණය විය නොයුතු බව ඔවුන් පවසනවා.
සමාජභාවය ඉගෙන ගනු ලබන්නේ සමාජයෙන්. සමාජභාවය සම්බන්ධ විශ්වාස විවිධ සංස්කෘතීන්ට අනුව මෙන් ම කාලයට අනුව ද වෙනස් වනවා.
සමාජභාවය මගින් ගොඩනගා ඇති ප්‍රතිමාන වලට උදාහරණ කිහිපයක් පහතින් දක්වා තිබෙනවා:
- පිරිමින්ට වඩා ගැහැණු ගෙදර දාර වැඩ කරති.
- ගැහැණුන්ට මෘදු ගති ඇත.
- පිරිමි ආක්‍රමණශීලී මෙන්ම ප්‍රචණ්ඩකාරී වෙති.
- ගැහැණු කොණ්ඩේ වැවිය යුතුයි.
සමාජභාවයේ සම්මතයන් යනු පිරිමින් සහ ගැහැණුන් සමාජයේ හැසිරිය යුත්තේ කෙසේදැයි දැක්වෙන නිල නොලත් නීති රීති සමුදායකි.
නිදසුනක් ලෙස, ‘ගැහැණු අයට කුඩා දරුවන් සිටී නම් ඔවුන් රැකියාවකට නොගොස් නිවසට වී සිටිය යුතුය’; ‘පිරිමින් මුදල් උපයා පවුල නඩත්තු කළ යුතුය’ යනුවෙන් සම්මතයක් ඇත. එවැනි සමාජභාවයේ දැඩි සම්මතයන් නිසා පුද්ගලයන්ට තමන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වී යාමට ඉඩ තිබෙනවා . එවැනි සම්මතයන් නිසා සමහරුන්ට අසාධාරණකම් සිදුවීමට ද ඉඩ තිබෙනවා.
සමාජභාවය පිළිබඳව පවතින ඒකාකෘති යනු කිසියම් පුද්ගලයෙකුගේ සමාජයීය ස්ත්‍රී - පුරුෂ භාවය මත ඔහුට/ ඇයට නිශ්චිත චරිතයක් ඇති බවට උපකල්පනය කිරීමයි. උදා:- ‘පිරිමි ළමුන් ගණන්වලට දක්ෂයි’, ‘ගැහැණු ළමයි දරුවන් බලා ගන්න දක්ෂයි’ කියා උපකල්පනය කිරීම.
සමාජභාවී ගොඩනැංවීම් මගින් පිරිමි ළමුන්ට හෝ ගැහැණු ළමුන්ට වෙන් කර ඇති ක්‍රියාකාරකම් ඕනෑ එකක් අප ඕනෑම කෙනෙකුට කැමති නම් කරන්න පුළුවන්. මන්ද, පිරිමින් කරන සියලුම දේ පාහේ ගැහැණුන්ටත් කළ හැකි නිසා යි. එසේම, ගැහැණුන් කරන සියලු ම දේ පාහේ පිරිමින්ටත් කළ හැකි නිසා ය. සමාජභාවයේ සමානාත්මතාවක් තිබේ නම් හැම කෙනෙකුටම මනුෂ්‍යයෙකු වශයෙන් තමන්ගේ හැකියාවන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වනවා.
ගැහැණු ළමුන් පීඩනයට ලක් කරන ඒකාකෘති බොහොමයක් ගැන අපි දනිමු. ගැහැණු ළමුන් විනීතයි, නිශ්ශබ්දයි, සුදුයි, ලස්සනයි, ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා මහන්සි වී ගෙදර වැඩ ගන්නවා ආදිය ඒවාට උදාහරණ කීපයක්.
මේ ඒකාකෘති නිසා ගැහැණු ළමුන්ට අපහසුතාවයක් ඇති වනවා පමණක් නොව විනීත, නිශ්ශබ්ද, සුදු, ලස්සන වී සිටීමටත්, මහන්සි වී ගෙදර වැඩ ඉගෙන ගැනීමටත් අමතර වෙහෙසක් ගැනීමට සිදුවනවා. පිරිමි ළමුන් පීඩනයට ලක් කරන එවැනිම ඒකාකෘති තිබෙනවාද?
පිරිමි ළමුන් සෙල්ලක්කාරයි, ගණන්වලට දක්ෂයි, පිරිමි ළමුන් අඬන්නේ නැහැ වැනි ඒකාකෘති නිසා පිරිමි ළමුන්ටත් පීඩනයක් ඇති වන්නේ නැද්ද?
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.