
පසු ප්‍රසව අවධිය ලෙස හැදින්වෙනේ ප්‍රසූතියෙන් එක් වසරක් දක්වා වූ කාලයයි.
දරු ප්‍රසූතියෙන් පසුව ශරීරය සුවපත් වන ආකාරය සොයා බැලීමට සායන සදහා සහභාගී මගින් පසු ප්‍රසව සත්කාර ලබා ගැනීමට පුළුවන්.
හදිසියේ රෝහල් ගත වීමට 1990 අමතන්න.
රෝහලෙන් නිවසට පැමිණි පසු පවුල් සෞඛ්‍යය නිලධාරිනිය ඔබේ නිවසට පැමිණ සත්කාර ලබා දෙනවා (මුල් දින 10 ඇතුලත දෙවරක්, දින 14-21 අතර එක වරක්, දින 42 ට පෙර තවත් වරක් ලෙස). එහිදී පවුල් සෞඛ්‍යය නිලධාරිනිය පවුලට උදව් කරනවා දෙමාපියන් ලෙස ඔවුන්ගේ ජීවිතයේ නව සංක්‍රාන්ති කාලය ආරම්භ කිරීමට.
මවගේ සහ අලුත උපන් බිළිඳාගේ අනතුරුදායක ලක්ෂණ හඳුනාගෙන පියවර ගැනීමට ඔවුන්ට උපකාර කිරීම, මව සහ අලුත උපන් බිළිඳා යන දෙදෙනාගේම හොඳ කායික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම, මව්කිරි දීමට සහාය වීම, සිදු වනවා.
මීට අමතරව ගැබ් ගැනීම් වළක්වන ක්‍රම පිළිබදව දැනුවත් කිරීම සිදු වනවා.මේ සාකච්ඡාවන් වලදී, දරුවන් සමග පරතයක් පවත්වා ගැනීමවේ වැදගත් කම පැහැදිළි කර දෙනවා.
ප්‍රසූතිෙයන් පසු, දින හෝ සති කිහිපයක් තුළ ජීවිතය අවධානමේ හෙලන සංකූතා ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ශරීරය සහ මනස සුවපත් වනවාද යන්න සොයා බැලීමට මෙය ඉතා වැදගත්.
ශ්‍රී ලංකාවේ පසු ප්‍රසව සත්කාර සහ අළුත උපන් දරුවන්ට ලබා දෙන සත්කාර දෙවර්ගයම ලැබෙන්නේ පවුල් සෞඛ්‍යය නිලධාරිනීයන්ගෙන්. ඔබ ගැබ් ගැනීමක් සදහා සූදානම් වනවා නම්, ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛයය නිලධාරීතුමිය හමුවී සාකච්ඡා කරන්න.
ප්‍රසූතියෙන් පසු ඇති වන විශාදය(Depression) මින් අදහස් වනවා. සති හෝ මාස කිහිපයක් දුක, ඉච්ඡාභංගත්වය, බිය, දරුවා ලගට ගැනීමට අකමැති වීම ආදිය පසු ප්‍රසව විශාදයේ ලක්ෂණයි.
දරු ප්‍රසූතියකින් දින දෙක තුනක් ගත වන තුරු දැනෙන දුක, හුදකලාව සහ නිතර ඇඩෙන සුළු ස්වභාවය පසු ප්‍රසව විශාදය නොවේ. පසු ප්‍රසව විශාදය ඊට වඩා දිගු කාලයක් පැවතිය හැකියි.
ප්‍රසූතියෙන් පසු පහතින් දක්වා ඇති සංකූතා ඇත්නම්, ලගම ඇති රජයේ රෝහලට ෙගාස් සහය ලබා ගන්න.
* පසු ප්‍රසව විශාදය
* අධික ලෙස යෝනි මාර්යෙන් රුධිය පිට වීම
* දුර්ගන්ධය සහිත ස්‍රාවයන් යෝනි මාර්ගයෙන් පිටවීම
* සුවපත් නොවන තුවාල හෝ මැහුමක් පැසවීම
* අධික උණ
* හුස්ම ගැනීමේ අපහසුතා
* මුත්‍රා සහ මලපහ කරන විට දැවිල්ල හෝ වේදනාව
* පියයුරු වල වේදනාව/රතු පැල්ලම් ඇති වීම
* වමනය සහ යටි බඩේ වේදනාව
* දරුණු හිසරදය
ඔබට සහ ඔබේ මිතුරන්ට ඔබේ දැනුම පරීක්ෂා කර බලන්න අභියෝග කරගන්න. ප්‍රශ්නාවලියට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රතිසන්ධිරෝධක උපකරණ නොමිලේ, ප්‍රජා රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන මඟින් පහසුවෙන් ලබා ගතහැක.පවුල්වලට මේ පිලිබඳ දැනගැනීමට වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධ කරගත හැක.